Saturday, August 30, 2014

සාරි පාඩම් -4

සාරි පාඩම් -4 

සාරියට යට සාය..
ඔබ කෙට්ටු වුනත් මහත වුනත්,සාරියට රැළි සහිත දිග
යට සායක් අදින්න එපා.ටයිට් ක්රමයට දිගු යට සාය
මහගන්න. සාරිය හෝ ඔසරිය යන කුමක් ඇන්දත්
ඉනෙන් පහළ ප්රදේශයේ තිබිය යුත්තේ බෝතල්
හැඩයක්.රැලි යට සායකින් මෙය පෙට්ටි හැඩයක්
බවට පත්වෙනවා මෙය ඉදිරි පසින් දණහිසට මදක්
ඉහලට සිටින සේ විවරය තැබිමෙන් හෝ බොක්ස්
ෆ්ලිට් එකක් දැමිමෙන් පහසුවෙන් ඇවිදින්න
පුලුවන්.පහසුවෙන් ඇවිදිය හැකිසේ සාය මසාගත
යුතුයි.
.
ඔබ මහතයි කියා ඉතා තදට දිගු යටසාය මැසිමෙන්
සිදුවන්නේ ජුගුප්සාජනක ලෙස මස්පිඩු ඉල්පී පෙනිම
පමණයි.උකුල් ප්රදේශය පටු යැයි කියා රැළි
යොදා යට සාය ඇදිමෙන් ඔබේ සිරුර හුළං පිම්බු
බෝල කුඩුවක් වගේ පෙනෙනවා පමණයි.
ඔබ උකුල් ප්රෙද්ශය පමණට වඩා මහත කෙනෙක්
නම් සිරුරේ ප්රමාණයට ෂිෆ්ට්යට සාය
මසන්න.ඉතා තදට මහන්න එපා.ඇතුලතින් කෙටි යට
සායක් අදින්න අවශ්ය නැහැ.ඉන ,උකුල
කලවා හොදින් තදව නොසෙල්වි පිහිටන හොද
වර්ගයේ ටයිට් ෂෝට් එකක් අදින්න.
දිගු යට සාය බුරුල්වට මැසිමෙන් එය සාරිය බද
වටා එතු විට ,ඔබේ මිනුමට වැඩිපුර ඇති ප්රමාණය
රැල්ලක් ලෙස සිටිනවා. ලා පාට සාරියට මෙම
රැල්ල පිටතින් පෙනෙනවා වගේම, යට සාය
එහා මෙහාවිම සාරියේ පිලීවෙළටත් කරදරයක්.
ඔබ ඉතා කෙට්ටුයි හෝ පටු උකුලක් ඇත්නම්.
සාරියේ දිග යට සායට යටින් දණහිසට අගල් 6 ක්
පමණ ඉහළට දිග හොදින් සිහින් රැළි යෙදු කොට යට
සායක් (කපු)අදින්න.මෙම යට සායට රේන්ද
අල්ලා වාටි ඝනකම් කරන්න එපා.මෙය ඇවිදින විට
දෙපයේ පැටලැවෙන්නැති විය යුතුයි.
මෙම කෙටි සායට ඉදිරිපසින් රැළි තබන්න
එපා.ඔබේ සිරුරේ උකුලේ දෙපස හැඩ අඩුනම්
කොට යට සායේ රැළි උකුල දෙපසට එකතුවන
ලෙස සකසා ගන්න.පසුපස ප්රදේශය පැතලිනම්
හොදින් සායේ පිටුපසට රැළි තැබීමෙන් පිරුණු
බවක් ලබාගත හැකියි .නොමැතිනම් පිටුපසට
හා උකුල දෙපසට රැළි තබන්න.
අගල් 60 ක හෝ 90 ක රැළි තබන්න.මෙම කෙටි යට
සාය දිගු යටසාය අදින ස්ථානයට අගලක් දෙකක්
පහළින් කෙටි යටසාය නාභියට අගල් 3ක් පමණ
පහලින් ඇන්ද විට උකුල් පුදේශයට ඉතාම ලස්සන
හැඩයක් ලැබෙනවා.
සිහින් ඔබ දිගු යට සාය මිමි ගැනිය යුත්තේ මෙම
කෙටි යට සාය ඇදයි.කෙටි සාය ඇදි විට ලැබෙන
මිමි ප්රමාණයට දිගු යට සාය මැසිමෙන් ,එය
ඉතා තද වීම හෝ ලිහිල්වී රැළි වැටිම
වැළකෙනවා.
 
දිගු යට සායේ විවරය ඉදිරිපස දකුණු පසට වන්නට
තැබීම අනිවාර්යයි. වම්පසට විවරය තැබීමෙන් එය
ගොරෝසු ලෙස මතුපිටට
නෙරා පෙනෙනවා.දකුණු පස ළැම හරහා දමන
සාරි පොටින් වැසෙන නිසා විවරය දකුණු පසට
වන්නට තබන්න. මෙම විවර වැසු විට කට
ඇරියා මෙන් නොසිටින්නට හොදින් රෙද්දේ ඉඩ
තියා මසාගන්න.
යට සායේ දිග ඔබ පළදින පාවහන් වල උසට
සමානුපාතික විය යුතුයි.යට සායට මිමි ගනිද්දි සාරියට
අදින පාවහන් පැළද මිමි ගන්න අමතක කරන්න
එපා.පාවහන් පැළදි විට යට සාය බිම නොගැවිය
යුතු අතර,විළුඹ මට්ටමට විළුඹ වැසෙන පරිදි තිබිය යුතුයි.
ඇවිදීමේදි යටසාය තරමක් ඉහළට
එසවෙනවා.මේ නිසා දිගු යටසාය නියමිත
ප්රමාණයට දිගට මසාගන්න. පමණට වඩා දිගට
යටසාය මසා ,සාරිය අදිනවිට යටසාය ඉනෙන්
රෝල් කරමින් හෝ නවමින් පමණට වඩා දිගු යට සාය
කොට කරන්න එපා.,ඒ වෙනුවට දිගු කරගන්නට
හෝ කොට කරගන්නට සාය වාටියේ ඉඩ
තබා මසාගන්න.
ඔබ කැමතිනම් දිගු යටසායට රේන්දයක් අල්ලන්න
පුළුවන්.හැබැයි මෙය පාවහන්වල ඇමිණෙනවාදැයි
බලන්න.රේන්දයක් නොමැතිව සිනිදුවට වාටිය
නිමවා ගැනිමෙන් පාවහන් වල යටසාය පැටලීම
වගේම,පය තැබිමේදි තද
වාටියට,රේන්දයට,දෙපා සීරීමත් වැලකෙනවා.
මැහුම් වාසි අගල් තුනක් ,හතරක් පමණ තබා වාටිය
අගල් දෙකක් පමණ ගණකමට සිටින සේ ශක්තිමත්ව
මැසීම නිසා පෑගීමෙන් ඉරීමේ කරදරයෙන් ඔබ
නිදහස්. ඒ වගේම වාටිය ඝනකමට දැමුවිට එහි බරට
යටසාය හොදින් පහතට ඇදී සිටිනවා.
හැම සාරියකම වර්ණයට ගැලපෙන යට සාටක්
තිබෙනවා නම් හොදයි.නමුත්,කළු ,සුදු,ක්රිම් පාට යන
වර්ණ බොහෝ සාරි වලට ගැලපිය
හැකියි.බොහෝ තද පාට සාරිවලින් ඇතුලත පෙනීම
අඩුනිසා කළු යට සායක් ඇදිය හැකියි.නමුත් ළා පාට
සාරිවලට නම් මෙය ගැලපෙන්නේ නැහැ.
සාමාන්යෙයන් කළු සුදු ක්රිම් පාට යටසායවලට
අමතරව,වැඩි වශයෙන් අවශ්ය
වන්නේ රෝස,කහ,තැඹිලි, නිල්, මෙරුන්, කොළ
වැනි වර්ණ යි.
සිල්ක් සාරි වලට කපු(පොප්ලින්) යට සාය ගැලපෙන
අතර,කපු සාරි සදහා ගැලපෙන්නනේ සැටින් යට
සායයි.
සිල්ක් සාරිකඩාහැලෙන, විනිවිද පෙනෙන
හා බරින් අඩුනිසා පොප්ලින් වැනි
ගොරෝසු තරමක් ඝන රෙද්දකින් යට සාය ඇදිමෙන්
සාරියට හොද ශක්තියක් ලබාදෙනවා.
කපු සාරි හා අත්යන්තු සාරි කඩා හැලිම අඩුයි,පිම්බී
සිටිනවා.ඇවිදිමේදි දෙපාවල පැටලී ඇදී ඉරෙනවා.
යට සායත් කපු වු විට මෙය දෙගුන තෙගුන
වෙනවා.සැටින් යටසායකින් මෙය වලක්වා ගන්න
පුළුවන්.
සාමාන්යෙයන් සැටින් යටසායක් ඇදිමෙන් හොද
නිමාවක් පෙනෙනවා.මෙය තුනි මල්පිස්
හෝ පොප්ලින් වැනි රෙද්දකින් ලයිනින් කරගන්න.
කපු යට සායකට වඩා කල් පැවැත්ම හොදයි.දහදිය
එක්වී කලුපුස් කෑම කපු යටසායක තරම් වේගවත්
නැහැ.ඉක්මනින්
දිරන්නේ නැහැ අවලැහැ වන්නේ නැහැ.
මේ නිසා සැටින් යටසායක් කපු යට සායකට
වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

 

ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

 

 

0 comments:

Post a Comment