Saturday, August 30, 2014

සාරි පාඩම් -5 අවසාන කොටස

සාරි පාඩම් -5


සාරියට බ්රා
බ්රා කප්
.මේවා ඉතා අඩ මිලට වෙළද පලෙන් මිලදී ගන්න
පුළුවන්.ඒ වගේම සාරි හැට්ටයෙන් පටි පිටතට
පැනීම.කොහේට හෝ හේත්තු වුවිට සාරි
හැට්ටයේ පිටත බ්රෙසියල් සීල් වැදීම,සාරිහැට්ටයට
වඩා ඒ අතරින් බ්රෙසියර ඉස්මතුවි පෙනිම,නිතර සාරි
හැට්ටය අතරින් එහා මෙහාවන බ්රෙසියරය හදන්නට
වීම යන කරුණු වලින් ඔබ සම්පුර්ණයෙන්ම නිදහස්. ඒ
වගේම සාරි හැට්ට කරේ ගැඹුර ගැනත් කරදර විය
යුතු නැහැ.පිට නැතිව උනත් සාරි හැට්ටය අදින්නට
කප් එක නිසා පුළුවන්.
සාමාන්යෙයන් පපුව අගල් 36 ට අඩු කෙනෙක්
නම්,හොදම දේ බ්රෙසියරයක් වෙනුවට බ්රෙසියර්
කප් පාවිච්චි කිරිමයි .විශාල ළැම ප්රෙද්ශයක් ඇති
කෙනෙකුට නම් මෙය ප්රමාණවත්
වෙන්නේ නැහැ.
මෙය සාරි හැට්ටයට අල්ලන්න හෝ වෙනම පාවිච්චි
කරන්න පුළුවන්.සාරි හැටිටයේ ලයිනින් එක
හා බ්රෙසියර් කප් එක එකට තබා කුඩා අයකටුවකින්
රැදවිමෙන් මෙය එහා මෙහා වීම වැලකෙනවා.
නැතිනම් හැට්ටයේ ලයිනින් එකට හා බ්රෙසියර් කප්
එකට ,එකට සිටින ලෙස අයිලට් අමුණන්න පුළුවන්.එක
කප් එකකට අයිලට් දෙකක් හෝ තුනක් දෙපැත්තෙන්
හා යටින් අල්ලන්න.
ස්පොන්ච් ෂිට් වලින් රවුම් කපා ,එයට ඩාට් එකක්
යොදා ලයිනින් කිරීමෙන් මෙම කප් ඔබට ගෙදරදි
වුනත් පහසුවෙන් සාදාගත හැකියි. මෙයට පේපර්
ස්ටිෆ් වලින් රවුමක් කපා තබා අයන්කර ලයිනින් කර
ගැනිමෙන් අමතර ශක්තිමත් බවක් එකතු කර ,පපු
ප්රදේශයේ කඩා හැලෙන බව අවම කරගන්න
පුළුවන්.එයින් පපු ප්රදේශය මහත් කඩා හැලෙන
කෙනෙකුට වඩා ඍජු ශක්තිමත් පෙනුමක් ලබාගන්න
පුළුවන්.
බ්රා
සිරුරෙන් සිහින් වුනත්,මහත් වුනත් සාරි හැට්ටයට ඇදිය
යුත්තේ පැඩඩ් කළ බ්රෙසියරයක්.නැතිනම් සාරි
හැට්ටය ඇදි විට අවශ්ය ළැම ප්රදේශයේ ශක්තිමත් බව
පිහිටන්නේ නැහැ.ඒ වගේම පැඩඩ් නොකළ
බ්රෙසියරයකින් සාරි හැට්ටයට ඇගටම මසන
නිසා පෙනෙන්නේ නිරුවත් පෙනුමක් එහෙම
නැතිනම් නියුඩ් ලුක් එකක්. විශාල පපුවක් ඔබට
ඇත්නම් ඉතා ඝනව පැඩින් නොයෙදු හෝ හොදින්
ලයිනින් කළ උසස් වර්ගයේ හොදින් බර දරා සිටිය
හැකි කඩා නොහැලෙන බ්රෙසිරයක් පාවිච්චි
කරන්න. ලේස් වැනි මතුපිට සුමට නැති රෙදි
වර්ග ,මැහුම් හා මුට්ටු විශාල ප්රමාණයක් යෙදු
බ්රෙසියර් සාරි හැට්ටයට ඇදීමෙන් එම මෝස්තර
සාරි හැට්ටය තුලින් පිටතට දිස්වනවා. ලේස් යෙදු
කප් බ්රෙසියරයකට ලයිනින් නොකල හැට්ටයක් ඇදි
විට. සම්පුර්ණයෙන්ම ලේස් අතරින් ඔබේ සිරුර
නිරාවරණයි.
බ්රෙසියරයේ පිට ප්රෙද්ශයට ඉහළින් හා පහළින් මස්
වැදලි නෙරා එන්නට කිටි කිටියේ තදට නම්
බ්රෙසියර අදින්න එපා.
ගවුම් වලට ටී ෂර්ට් ආදියට ලස්සන වුනත්,තැලුනු පිම්බුනු
පෙනුමක හැඩය දෙන බ්රෙසියර්
ගැලපෙන්නේ ප්රින්සස් ලයින් සාරි හැට්ට
වලටයි.සාමාන්ය සාරි හැට්ටයට
ගැලපෙන්නේ උල් හැඩයේ කප් සහිත ඒවායි.
පටි පැනිල්ල
බ්රෙසියර් පටිය උරහිසින් පිටතට පැනීම ,සාරි හැට්ටය
එක්ක තියෙන ලොකුම කරදරයක්.මෙයට සාරි
හැට්ටයේ උරහිස මුට්ටුව කෙළවරට අගල් දෙකක්
පමණ,දිග අගල් කාලක් පමණ ඝනකම් පටියක්
අල්ලන්න .එහි මුලට අයිලට් එකක් අල්ලන්න.එහි අග මුලට
සම්බන්ධ කළ විට තොන්ඩුවක්(Loop)ලෙස සිටින
සේ අයිලට් එකේ අනිත් කොටස පටිය අගට
අල්ලන්න.සාරි හැට්ටය ඇද බ්රෙසියර් පටිය ලුප්
එකෙන් ඇද අයිලට් එක දමන්න.
එවිට පටි පැනිල්ලේ කරදරය ඉවරයි.
බ්රෙසියරයේ හක් අල්ලා ඇති කොටස හැට්ට කරින්
ඉහළට එන්නේ ,බ්රෙසියරයේ වට පුමාණය සිරුරට
සාපේක්ෂව නියමිත පරිදි නැතිවිටයි. ඒ නිසා එම
කොටස හොදින් පහතට සිටිනසේ පිහිටන අකාරයට
සකසා බ්රෙසියරයේ දෙපසින් මැහුමක් ගහන්න.
හැට්ටයට අල්ලා අයකටු ගැසිමෙන් හැට්ටයත්
බ්රෙසියරයත් යන දෙකම ඇදී නාස්තිවිම මෙයින්
වලක්වා ගත හැකියි.
බොහෝ අය සුදු හෝ ඉතා ලා පැහැ හැට්ටවලට
සුදු පැහැ බ්රෙසියරුත්, කළු හැට්ට වලට කළු
බ්රෙසියරුත් අදිනවා.නමුත්
මේ නිසා වෙන්නේ බ්රෙසියරය වඩාත් ඉස්මතුවි
පෙනිමයි.
ඔබේ සාරි හැට්ටය ලයිනින් කර නැතිනම් හෝ,
ලයිනින් එක තුනියි නම් ,එතුලිනුත් බ්රෙසියරය
පෙනෙනවා නම් සුදුසුම හමේ වර්ණය ඇති
බ්රෙසියරක් ඇදීමයි. මැට් ගෝල්ඩ්, බේජ් වැනි
ඔබේ සිරුරේ වරණයට වඩාත් සමීප වර්ණයක
බ්රෙසියරයක් තෝරාගන්න .
හොද නිමාවක් ඇති බ්රෙසියරක්, සාරි හැට්ටයට
අතවශ්යයයි. කප් එකේ හැඩය.හක් අල්ලා ඇති
කොටසේ පළල.,උරහිස් පටි,ආදිය ගැන සැලකිලිමත්
වන්න. කතිර වැනි විවිධ මෝස්තර ඇති බ්රෙසියර්
සාමාන්ය සාරි හැට්ටයට සුදුසු නැහැ.සාමාන්ය
සරල..හොද වර්ගයක වීම ප්රමාණවත්.
සාරියට කටු.
සාරිය ඇදීමේදි අයකටු වුවමනායි . වෙළද පලේ ඇති
ලාභ බාල අයකටු ගන්න එපා.හොද අයකටු කැරලි
දෙකක් ගන්න.රන් පැහැ කුඩා අයකටු කැරැල්ලක්
සාරියේ පොටේ රැළි ආදි මතුපිටට පෙනෙන
තැන්වලට ගසන්නට ගන්න.දැන් වෙළද පලේ විවිධ
වපාට වලින් අයකටු විකුණන්නට තිබෙනවා.සිහින්
උලක් ඇති පහසුවෙන් නොනැමෙන අයකටු මිලට
ගන්න.
සාරියේ පැටලෙනවාට තවදුරටත් අයකටු කූරට
කජදාසි කැබලි දාන්න එපා.කුඩා අයකටු වලට
ඉතාම කුඩා පබලුත්(මිමි 2),විශාල අයකටු වලට තරමක්
විශාල පබලුත් ගන්න.(මිමි 5)මෙම පබලු අයකටුව
කෙළවරට දමා හොදින් ඇලවෙන ගම්වර්ගයකින්
(මල්ටිබොන්ඩ්/හාකොබොන්ඩ්)අලවා ගන්න.විනිවිද
පෙනෙන දිලිසෙන පබළු ඇල්ලිමෙන් මේම අයකටු
පිටතට පෙනුනත් ඕනැම දාරියකට ගැලපෙනවා.
අයකටු සාරියේ පැටලිම,නුල් ඇදිම,විශාල හිල් සෑදිම
මෙයින් වැලකෙනවා.
පබලු ඇල්ලු අල්පෙනිතිත් වෙළද පලෙන් මිලදි ගන්න
පුළුවන්.නැතිනම් අල්පෙනිති අගිසිවලටත් ඔබට අයකටු
වලට මෙන්ම පබළු අලවා ගත හැකියි. කියුටෙක්ස්
බින්දුවකින් ඔබට මේ පබලු වර්ණ ගන්වාගන්නත්
පුළුවන්.
සාරි පින් /බ්රෝචර් වලටත් කුඩා පබුලක්
අල්ලාගන්න.නැතිනම් ගම් බින්දුවක් කටුව මුල
තබා බේලෙන්නට හරින්න.
සාරියේ ඉන රැළි වලට මෙන්ම ඔසරියේ ඉන
පෙදෙසටත් බොහෝ කාන්තාවන් මතුපිටින් විශාල
අයකටුවක් ගසනවා. නොයෙක් වර්ණ වලින් බේබි
පින්/සේෆ්ටි පින් වෙළද පලේ මිලදි ගන්න
පුළුවන්.නැතිනම් විශාල අයකටුවකට පබලු
අලවා ගන්න.
සාරිය ඇදිමට ගන්නා අයකටු වෙනම
තබාගන්න.කුඩා ජුවෙලරි බොක්ස් එකක්,වැසිය
හැකි පැතලි පුංචි ප්ලාස්ටික් බදුනකට අයකටු
බහා තබන්න.පැතලි බදුනක් පාවිච්චි කිරිමෙන් සාරිය
ඇදිමේදි ඔබට අයකටු ගැනීම පහසුයි.අයකටු බදුනට
ටැල්කම් පුයර ටිකක් අයකටු මළ බැදිමෙන්
වැළකෙනවා.
අල්පෙනිති වෙනමත්,අයකටු වෙනමත් තබාගැනිම
පහසුයි.රැළි එකතුකර ගසන විශාල අයකටු වෙනම
තබාගන්න.කුඩා අයකටු වෙනම තබාගන්න.එකම
බදුනක වුනත් කාඩ්බෝඩ් කැබැල්ලක් මැදින්
තබා එහි කොටස් වෙන්කරගන්න.

ඉක්මනට ලස්සනට සාරිය ඇදගන්න මේ පුංචි පුංචි
දේවලුත් ඔබට උදව්වේවි.

සාරි පාඩම ඉවරයි මම හිතනවා සාරියක් අඩින්න ඔයාලට මෙ පාඩම උඩවු උනා කියලා
ඔයාලා මට face book කමෙන්ට් දාන්න.

මම අජානි සෑන්ඩ්‍රා

0 comments:

Post a Comment