This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Fashion/underware. Show all posts
Showing posts with label Fashion/underware. Show all posts

Friday, June 5, 2015

යට ඇඳුම්වල අවශ්‍යතාව

යට ඇඳුම්වල අවශ්‍යතාව 











යට ඇඳුම්වල අවශ්‍යතාව පුද්ගල සංස්කෘතිය වෙනස් වීමත් සමඟ පැමිණි දෙයක්. සාමූහිකව ගැවසීම, මිනිසා දැඩි ලෙස සමාජශීලී වීම යන කරුණු හේතුවෙන් ලිංගික ප්‍රදේශය ආවරණය කිරීමට අවශ්‍ය වීම. සිරුරේ හැඩය පිළිබඳ අවධානය ඇතිවීම යන කරුණු මත යට ඇඳුම් අනිවාර්ය අංගයක් වුණා.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
කාන්තාවන්ට යට ඇඳුම් අවශ්‍ය ඇයි?



යට ඇඳුම් කියන්නේ කාන්තා අපිට අත්‍යවශ්‍යම අංගයක්. කාන්තාවක් නම් බේ‍රෂියරයක් ඇඳීමෙන් කරුණු කිහිපයක් ඉටුකර ගැනීමට උත්සාහ දරනවා. සිරුරේ හැඩය පවත්වාගෙන යෑම, පියයුරුවල ආරක්‍ෂාව, පියයුරු ගැස්සීම නිසා ඇතිවන අපහසුතා හා වේදනා වළක්වා ගැනීම ආදියයි.ඒ වගේම කාන්තා සහ පිරිමි අයගේ යට ඇඳුම් ගත් විට මේ දෙපාර්ශ්වයම වැඩිවියට පත් වෙනවා. ඉන්පසුව ලිංගේන්ද්‍රියන් හරහා විවිධ ශ්‍රාවයන් නිකුත් වීම සිදුවනවා. ඒවා පිටතට වැගිරීම හෝ ඇඳුම්වල තැවරීම වැළැක්වීමට උපකාරී වනවා.ඔසප් සමයේදී ඇතිවන රුධිරය පිටවීමේදී ඒවා වැගිරීම හෝ ඇඳුම්වල තැවරී අපහසුතාවට පත්වීමට ඇති ඉඩකඩ යට ඇඳුම් මඟින් වළක්වනවා. මේ නිසා යට ඇඳුම් කියන්නේ එපා කියලා අත්හැරිය යුතු දෙයක් නොවේ.

තෝරගන්නෙ කොහොමද?
නමුත් යට ඇඳුම් භාවිත කරන විට අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබෙනවා. මූලිකවම යට ඇඳුමක් තෝරා ගනිද්දී සලකා බලන්න ඕන දේවල් කිහිපයක්ම කතා කළ යුතුයි.අපි ජීවත් වන පරිසරයේ කාලගුණයේ වෙනස්වීම් ආදිය අපේ තෝරා ගැනීම්වලට බෙහෙවින්ම බලපානවා. සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. අපේ රටේ ඉහළ උෂ්ණත්වයක් සහ නිතර දහදිය දැමීම දකින්න පුළුවන්.ඒ වගේම කාන්තාවක් නම් යට කලිසම, ටයිට් ෂෝට් එක, ඩෙනිම් කලිසම එහෙමත් නැතිව සායක් අඳිනවා නම් මුලින් කියපු යට ඇඳුම් දෙකට අමතරව යට සාය, උඩින් අඳින සාය ආදී ලෙස වරකට ඇඳුම් රැසක් අඳිනවා.


කපු ඇඳුම් හොඳයි
මෙතැනදී ශරීරයට ලැබෙන උෂ්ණත්වය අධිකයි. මේ නිසා ලිංගික අවයව නිතර උෂ්ණත්වයට ලක්වනවා. දහදිය දැමීම අධික වන අතරම පිටවීම පමා කරනවා. මේ නිසා යට ඇඳුමක් සෑම විටම කපු රෙදිවලින් නිර්මාණය කරන ලද එකක් වෙන්න ඕන. එවිට අධිකව දමන දහදිය උරා ගැනීම මඟින් පහසුවක් සලසනවා.නයිලෝන් සහ සින්තටික්වලින් නිර්මාණය කරන ලද යට ඇඳුම් කෙසේවත් සුදුසු නොවේ. එම රෙදි වර්ගවලින් දහදිය දැමීම වැඩි වී ශරීරයට රස්නය දැඩිව දැනෙන අතරම දහදිය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ.ඒ වගේම විවිධ අනුකාරක විලාසිතා බටහිරින් මෙරට පැමිණෙනවා. නමුත් එවැනි යට ඇඳුම් විලාසිතා කෙතරම් දුරට අපට අපේ සෞඛ්‍යයට ගැළපෙනවාද කියන කරුණ සලකා බැලීම ඉතාම වැදගත්.


පිරිසුදුකම ඉතා වැදගත්
යට ඇඳුම්වල පිරිසිදුකම කියන්නෙත් ඉතාම වැදගත් සාධකයක්. හොඳින් සෝදා තද අව්වේ වේළාගත් යට ඇඳුම් ඇඳීම ඉතාම සුදුසුයි. එක් යට ඇඳුමක් එක් දිනක් පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම සෝදා වේළා පාවිච්චියට ගන්න.


සබන් යනතුරු සෝදන්න
සේදුම් කුඩු, සබන් ආදිය යොදා යට ඇඳුම් සේදීම ගැටලුවක් නොවේ. නමුත් සබන් පෙණ සහ සේදුම් කුඩු හොඳින් ඉවත්ව යනතුරු සෝදා හරින්න. එවනි කෘත්‍රිම ද්‍රව්‍ය තැවරුණු යට ඇඳුම් භාවිතය නිසා ආසාත්මිකතා ඇතිවිය හැකියි.

හොඳින් මදින්න
යට ඇඳුම් හොඳට සෝදලා, තද අව්වේ වියළා ගන්නවා වගේම හොඳින් මැදීම වැදගත්. එවිට අව්වට විනාශ නොවූ විෂබීජ සහ දිලීර විනාශ වී යනවා.


විවිධ ලෙඩ රෝග
යට ඇඳුම් අපිරිසුදු වීම නිසා විවිධ රෝගාබාධ වැලඳෙන්න පුළුවන්.
දිලීර රෝග හැදෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේම දද, කුෂ්ඨ, ආසාත්මිකතා මතු වෙන්න පුළුවන්.
අළුහම් විශේෂ ඇතිවනවා, එම අළුහම් වර්ග වැඩි දියුණු වෙලා අවසානයේදී ද්විතීයක දිලීර හා බැක්ටීරියා ඇතිවෙන්න පුළුවන්.
මේ හේතු නිසාම යට ඇඳුම් සෝදා වියළා ගැනීම ඉතාම වැදගත්. පරණ යට ඇඳුම් පාවිච්චි කළාට කමක් නැහැ. නමුත් ඒවා ඉතාම පිරිසුදුව තියෙන්න ඕන.


ඔසප් කාලයට
ඒ වගේම ඔසප් සමයේදී පාවිච්චි කරන යට ඇඳුමක් වුණත් සෝදා පිරිසුදු කර භාවිතයට ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඔසප් සමයේ පරණ යට කලිසම් පාවිච්චි කරන්නට, එහි ගැටලුවක් නැහැ. එසේ නොකළා යැයි ඇතිවන ගැටලුවකුත් නැහැ. පිරිසුදුකම තමයි වැදගත්.


සිර ඇඳුම්
ඒ වගේම යට ඇඳුමක් තෝරා ගනිද්දී සිරුරට ඉතාම හොඳින් ගැළපෙන යට ඇඳුමක් ගන්න. අධික හිර ඇඳුම් ගැනීමෙන් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ වගේම තුවාල වේදනා ඇතිවීමටත් ඉඩ තිබෙනවා.ඒ වගේම ඉතාම ලිහිල් යට ඇඳුම් ගැනීමෙන් වුණත් ඔබව අපහසුතාවට පත්වන්නට පුළුවන්. ඒ වගේම ඉතාම වැදගත් දෙය ඔබේ සනීපාරක්‍ෂාවයි.යට ඇඳුම් මිලදී ගන්න කලින් දෙවතාවක් හිතලා බලන එකත් වැදගත් කරුණක්. එයට හේතුව සනීපාරක්‍ෂාව සහ පිරිසුදුකම වගේම ඔබේ සුවපහසුවත් ඉතාම වැදගත් කරුණු වීමයි.




මෙය උපුටා ගෑනිමකිමම අජානි සෑන්ඩ්‍රා

Thursday, October 30, 2014

පෑන්ටියේ විකාශනය

පෑන්ටියේ විකාශනය







ලෝක කාන්තා ඉතිහාසයේ කාන්තාවන් Panties අඳින්න පටන් ගත්තේ ප්‍රංශ විප්ලවයෙන්
පස්සේ කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ 18 වැනි සියවස ආරම්භ වන තුරුම කාන්තාවන් Panties ඇන්දෙ නැහැ කියන එකනේ. මාරයි.....ඒත් කාන්තාවන්ට මෙහෙම නිදහසේ මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් කමක් වෙලා නැහැ. කාන්තාවන් Panty ඇදිය යුතුයි කියලා නීතියක් ගෙනාවාලු ප්‍රංශ ආණ්ඩුව.
ඒත් මේ නීතිය වලංගු වෙලා තියෙන්නේ Cancan කියන dancers ලාට විතරයි. මොකද Cancan dancing කියන්නේ දිග ගවුම දෙපැත්තෙන් උස්සගෙන කරන නර්ථනයක් කියලා තමයි මම අහලා තියෙන්නේ.
කෙල්ලෝ උඩ ඉදන් නටද්දි පහළ බලා ගෙන ඉන්න පිරිමින්ට එක එක දෙවල් හිතෙන්න ඇති තවත් දේවල් වෙන්නත් ඇති.. අත්තිමට ආණ්ඩුවටත් කරදරක් වෙන්නත් ඇති... ඒ නිසා මේ වගේ නීතියක් ගේන්න ඇති කියලයි මගේ අදහස.
ආ....තව දෙයක් ඉස්සර ඉහළ පෙළේ කාන්තාවෝ අශ්වයින්ගේ පිටේ ඒ අයගේ ගමන් ගිහින් තියෙනවා. අශ්වයින්ගේ පිටේ යනවනම් ඒ අයත් Panty අදින්න ඕන කියන එකත් ඒ නීතියටම ඇතුළත් වෙච්ච දෙයක්.
ඒ කියන්නේ රෙද්ද උස්සල බලල දඩ ගහන්නත් ඇති නේද ඒ ආණ්ඩුව..කවුද දන් නෑ ඒ රාජකාරිය කළේ.. දැන් හැම එකකටම දඩයක් බද්ධක් ගහන එකේ මෙහෙටත් එයිද දනෙත් නෑ ඒ නීතිය
කොහොම හරි ඉතිං මේ තමයි Panty යේ උපත.
ඒ කාලේ Panty ඇන්දේ හරි අමුතු තාලෙකට. එකටම ඉනේ කොකු සහිත පළල් පටියක් අදිනවා. පස්සේ ඒ රෙදි කෑළි දෙකක් එල්ලනවා. කකුල් නොපෙනෙන්න රෙදි කෑලී දෙක ලේස් එකකින් කකුලට තදවෙන්න බදිනවා. ඇත්තටම මේ අටගේ ප්‍රශ්නය වෙලා තිබුණේ නටන කෙල්ලන්ගේ කකුල් පේන එක.
කාලෙත් එක්ක මේක Fashion එකක් වුණා. ඒක තමයි Panty එක වෙලා තියෙන්නේ. පස්සේ මේක jeans එකක් වගේ තමයි ඇදලා තියෙන්නේ. ඒත් ඉතින් කකුල් දිගටම. ඇත්තටම Panty එකේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ කකුල් දෙක වසා ගැනීම පමණයි.
කොහොම හරි 18 වැනි සියවසේ මැද භාගේ වෙනකොට මේ Panties වැඩේ නැගලා ගියා. බාල මහළු කොයි කවුරුත් මේකට ආස කලා.
ඉතින් Panties නිශ්පාදනය ව්‍යාපරයක් බවට පත්වුණා. ඒ රෙදි වියන යන්ත්‍ර වල දියුණුවත් සමග කියලා තමයි සදහන් වෙන්නේ.
කොහොම වුනත් මෙය ව්‍යාපාරය විදිහට කරගෙන යන්න ඇති කියලා විශ්වාස කරන්නේ Elizabeth Miller කියන තැනැත්තිය.
Elizabeth පටන් ගත්ත මේ panty business එක19 වැනි සියවසේදී වඩාත් ජනප්‍රිය කරලා තියෙන්නේ emiliya bloomer.
ඉතින් එදා ඉදන් මේ ඇදුම හැමෝම ඉල්ලන්න ගත්තේ bloomer එකක් දෙන්න කියයලු.
Cotton වලින් තමයි එකටම Panties නිශ්පාදනය කරලා තියෙන්නේ. කාන්තාවන්ගේ උවමනාවල් වැඩි වෙනවාත් එක්කම Cotton වලින් තිබුණ Panty එක silk, rayon and nylons කියන රෙදි වර්ග වලිනුත් නිශ්පාදය කරලා තියෙනවා.
හරි කොහොමෙන් කොහොමෙන් හරි කාලේ ගතවුණා. ඉල්ලුම වැඩියි.
කකුල් දෙක දිගට තිබුණ Panty ය ටිකෙන් ටික කොට වෙන්න ගත්තා. දිගම දිග jeans එක short එකක් වුණා. පස්සේ ඒක panty එකක් වුණා. පසුකාලීනව ඒක bikini-style panties වෙනකල් දියුණු වුණා.


මෙය උපුටා ගෑනිමකි