Thursday, January 9, 2014

ලිංග විපර්යාසයකට පසුව විශ්ව රූ රැජිණ තරගයට - ජෙනා ටැලකෝවා(Jenna Talackova )

විශ්ව රූ රැජිණ තරගයට තරග කරන්නේ කාන්තාවන්යනමුත් පිරිමියෙකුව උපත ලබා පසුකාලීනව ලිංග විපර්යාසයකට බඳුන්වූ අයෙකු බව හෙළිවීම නිසා ජෙනා ටැලකෝවා නම් තැනැත්තියකට පසුගියදා කැනඩාවේ විශ්ව රූ රැුජිණ තරගයේ සාමාජිකත්වය අහිමි කර තිබුණා 

23 හැවිරිදි ජෙනා වයස 19 දී සැත්කමකින් පසු පූර්ණ ලිංග විපර්යාසයකට බඳුන්ව සිටින බවත් කාන්තාවක සතු සියලූම ලක්ෂණ ඇය තුළ අන්තර්ගත බවත් පෙන්වාදුන් කැනඩාවේ ස්ත‍්‍රී හා සමලිංගික සංවිධාන ඇයගේ සාමාජිකත්වය යළි ලබා දෙන්නැයි ඉල්ලීම් කළාවිශ්ව රූ රැුජිණ තරගයේ නීතිරීති අනුව එහි තරගකාරියක වීමට නම් උපතින් කාන්තාවක විය යුතුය 


නමුත් මේ අලූත් අසාමාන්‍ය තත්වය නිසා සිය නීතිරීති පිළිබඳ යළි සලකා බැලිය යුතු යයි එම සංවිධායක කමිටු ප‍්‍රධානී ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබූ අතර මාධ්‍ය ඔස්සේ කැනඩාවේ ස්ත‍්‍රී හා සමලිංගික සංවිධාන දිගින් දිගටම බලපෑම් කරද්දී අවසානයේ දින කිහිපයකට පසු ඔවුන් ප‍්‍රකාශ කළේ සිය නීතිරීති වෙනස් කරන්නට කටයුතු කරන බවත් ජෙනා ටැලකෝවා යළි තරගයට ඇතුළත් කරගත් බවත්ය 
ඒ අනුව ප‍්‍රථම වරට උපතින් පිරිමියකුව සිටි අයෙකු කැනඩාවේ විශ්ව රූ රැුජිණ තරගකාරියක බවට පත්ව තිබෙනවා 
ජෙනා ටැලකෝවා උපතින් පිරිමියෙකු බව ප‍්‍රසිද්ධ වූයේ මේ තරගය ඇරඹුවාට පසුය. 

එයට පෙර ඇය විවිධ මාධ්‍ය ඔස්සේ මෝස්තර නිරූපිකාවක ලෙස කැනඩාවේ ප‍්‍රසිද්ධ නමක් දිනා සිටි බවත් ඇය පිරිමියකුව සිටියායයි කීම බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට අපහසු බොහෝ අය මවිතයට පත්කල කාරණයක් බවද පැවසුණා. 

ඇගේ තරගකාරීත්වය තහවුරු කිරීම ලිංග විපර්යාසයන්ට බඳුන්වූ ලෝකයේ දහස් ගණන් ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීමක් බවත් එය විශ්ව රූ රැුජිණ තරගයට සමාන අනෙක් ජාත්‍යන්තර තරග වන මිස් වර්ල්ඞ් ඔලිම්පික් ආදී තරග වලටද ආදර්ශයක් බවත් කැනේඩියානු මාධ්‍ය ප‍්‍රකාශ කර තිබුණා

කෙසේ නමුත් ඇය නැවත තරගයට එක්වීමෙන් අවසන් 12 දෙනා අතරට පැමිණීමට සමත් වුනා.

ජායාරූප පහතින් බලන්න






 

0 comments:

Post a Comment