This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, February 19, 2014

ලිංග විපර්යාසයට පත් අබුසෑමියෝ

ජැමී ඊගල් (Jamie Eagle) උපත ලද්දේ පිරිමි දරුවකු ලෙසයි. ලුවිස් ඩේවිස් (Luvis Davies) උපත ලද්දේ ගැහැනු දරුවකු ලෙසයි. මේ වන විට ඔවුහු විවාහ ගිවිසගෙන සිටිති. එහෙත් තව මාස ‍ෙදාළහකට පමණ පසුව සිදුවන ඔවුන් අතර විවාහයේදී ජැමී ගැහැනිය ද ලුවිස් පිරිමියාද බවට පත්වනු ඇත.

එසේ වන්නේ මේ වන විටද පිරිමියකු ලෙස උපන් ජැමී හා ගැහැනියක ලෙස උපන් ලුවිස් ලිංග වෙනස්වීමකට බඳුන් වෙමින් සිටින හෙයිනි. කලක් තිස්සේ ඔවුන් දෙදෙනා ස්වාභාවිකව ලිංග විපර්යාසයට බඳුන් වෙමින් සිටියත් විවාහයට පෙර වෙනස් ලිංගිකයන් ලෙස පරිපූර්ණත්වයට පත්වීම සඳහා අවශ්‍ය වෛද්‍ය සැත්කම් හා මානසිකත්වය වැනි අනෙකුත් කාරණා සඳහා ඇති ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට යෑමට ඔවුහු තීරණය කොට සිටිති.

මේ වන විට විසි හැවිරිදි වියේ පසුවන ජැමී හා විසි පස් හැවිරිදි වියේ පසුවන ලුවිස් ජීවත් වන්නේ එකටය. මෙසේ යුවළක් ලෙස ප්‍රසිද්ධියේ ජීවත් වන ඔවුනට එල්ල වන අපහාස උපහාස හා තාඩන පීඩන අරියාදුවල කෙළවරක් නැති බව ඔවුහු ප්‍රකාශ කරති.
පසුගියදා ජැමී - ලුවිස් යුවළ බි්‍රතාන්‍යයේ ITV රූපවාහිනී නාළිකාව ඉදිරියේ පෙනී සිටියේ සාම්ප්‍රදායිකත්වය හා යල් පිනූ ආකල්ප සමාජයෙන් තුරන් කිරීමට එය පියවරක් වනු ඇතැයි විශ්වාසයෙනි. එසේ ප්‍රසිද්ධියේ තමන් දෙදෙනාගේ තත්ත්වය කියාපෑමෙන් යම් පහසුවක් සැලැසෙනු ඇති බවත් තමන්ගෙන් ඊට දායකත්වයක් ලැබෙනු ඇතැයි සිතූ බවත් ඔවුහු කියා සිටියහ. එසේම The Sun ƒ£ Independent පුවත්පත්වල ද ජැමී - ලුවිස් කතාව පළකෙරිණි.

ජැමී හා ලුවිස් පළමු වතාවට මුණගැසී ඇත්තේ වසරකට පමණ පෙර විශ්වවිද්‍යාලයේදීය. ඔවුන් දෙදෙනාම තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වෙති. ඒ වන විට පිරිමියකු ලෙස පෙනී සිටි ජැමී තමාගේ ලිංග විපර්යාසය පිළිබඳ රහස තමාගේ විශ්වවිද්‍යාල මිතුරු මිතුරියන් කණ්ඩායමට හෙළිදරවු කිරීමට තීරණය කර තිබිණි. එම කතාව කීමට ජැමීට ආරාධනා කරනු ලැබුවේ ලුවිස් විසිනි.

පළමු හමුවීමෙන් පසු කිසිදු දිනෙක ඔවුන් දෙදෙනා වෙන්ව ජීවත් වී නැති බව රූපවාහිනී සාකච්ඡාවේදී කියැවිණි. එක් නිවෙසක ජීවත්වන මෙම දෙදෙනා අතර ඇති ලිංගික සබඳතාව ගැන ප්‍රශ්න කිරීමට රූපවාහිනී නිවේදකයා අමතක කළේ නැත. ඊට පිළිතුරු වශයෙන් ලුවිස් කියා සිටියේ ඔවුන් දෙදෙනා තවම ඔවුන්ගේ වෙනස්වූ ශරීර සමඟ එබඳු ක්‍රියාකාරකමකට හැකියාවකින් යුතු නොවන බවයි. එහෙයින් තම විවාහයට පෙර වෛද්‍යමය සැත්කම සම්පූර්ණ කරගත යුතුව ඇතැයි ලුවිස් කියා ඇත. ජැමී ද කියා සිටියේ තවත් බොහෝ මානසික හැඩගැසීම් ඇතුළු විවිධාකාරයේ ක්‍රියාදාම තුළින් පමණක් තමන් විවාහයට සම්පූර්ණ සූදානම් යුවළක් බවට පත්වනු ඇති බවයි.
මෙම සාකච්ඡාව තුළදී ලිංග විපර්යාසයනට බඳුන් වන්නන් ලෙස ඔවුන් මුහුණපෑ අත්දැකීම් හා දුෂ්කරතා ද ප්‍රකාශ විය.

ජැමීට අනුව පිරිමියකු ලෙස උපත ලැබුවත් තමා පිරිමියකු නොවන බවට ඔහුට අවබෝධ වී තිබුණේ ඔහුට වයස තුනේදී පමණය. ළදරු පාසලේදී ඔහු සැමවිටම ගැහැනු ළමයින්ගේ ඇඳුම් ආයිත්තම් ඇඳීමට කැමැති විය. ජැමී මුල්වරට තමා තුළ ලිංග විපර්යාසයක් සිදුවන බව දැනුම් දුන්නේ වයස 16දී ඔහුගේ සහෝදරියටයි. ඇය අනවශ්‍ය කලබලයකින් තොරව ඊට සවන් දීම ඔහුට ධෛර්යයක් විය. එහෙත් පවුලේ අනෙකුත් අයට එම රහස අනාවරණය කිරීමට තවත් කල් ගතවී තිබිණි. එසේම ලිංග විපර්යාසය ඉතා සෙමින් සිදුවූ බව ඔහු කියයි. ඊට වසර හතරක පමණ කාලයක් ගතවූ බවද ජැමී කියයි.

තමා තුළ සිදුවන ලිංග විපර්යාසය හේතුවෙන් පාසල් පන්තියේ ළමයින් අතරදී ඔහුට දැනුණේ වෙනස්කමකි. ඔහු පිරිමි ළමයින් අතරට නොගැළපිණි. එසේම ගැහැනු ළමයින් අතරටද නොගැළපිණි. හැමදෙනාම සිතුවේ ඔහු සමලිංගිකයකු ලෙසයි. ඔහුට නොයෙකුත් නම් පටබැඳි අතර කවටකමට ඔහුගේ හිසකේ මත චුයිංගම් ඇලවීමට ළමෝ ක්‍රියා කළහ. ද්විතීයික පාසලේ වයස අවුරුදු ‍ෙදාළහ වෙද්දී ඔහු පිරිමි ළමයින් අතර හිඳීමට කැමැත්තක් දැක්වීය. එහෙත් ඔහුට තිබුණේ ගැහැනු කටහඬකි. එහෙයින් නැවැත ඔහුට කවටකම් විඳින්නට සිදුවිය.
"මට ලැබී තිබුණේ වැරැදි ශරීරයක් නොවේ. නමුත් මට ලැබී තිබුණු අවයව නිවැරැදි වූයේ නැහැ. මා එම අවයවලට වෛර කළ අතර තරුණ වියේදී ඒවා කපා දැමිය හැකි නම් කියා සිතුවා" ජැමී හා ලුවිස් දෙදෙනාටම කියා සිටියහ. දෙදෙනාටම තරුණ ලක්‍ෂණ ලැබීමේ අවධිය බියජනක සිහිනයක් වී තිබිණි.

තමාට හැමදේම පැටලිලි සහිත වූ බව ජැමී කියයි. තමා සමලිංගිකයකු නොවන බව ඔහුට විශ්වාස විය. එහෙත් තමා වෙනස් බවද ඔහු දත්තේය. අවසානයේ ජැමීට සිය තත්ත්වය පිළිගැනීමටත් පිරිමියකු වෙනුවට ගැහැනියක වීමටත් ධෛර්යයක් වී තිබුණේ ටුල්සියා නම් වූ සිනමා තාරකාවය. ඇයගේ සෘජු ආකල්පත් මන බඳනා රූපශ්‍රී යත් ජැමීට ගැහැනියක ලෙස පෙනී සිටීමේ ආශාව වැඩි කොට තිබිණි. ජැමී ඒ මඟ ගෙන තිබේ. තමා තැබූ පියවර හේතුවෙන් සමාජයේ මිශ්‍ර ලිංගිකයන් වශයෙන් ජීවත්වන හා ලිංගික ගැටලු සමඟ ජීවත්වන අයට උපකාරීත්වයක් වේ යැයි ජැමී සිතයි. මේ වන විටත් තමා නිසා ඔවුන් දිරිමත් වූ බව බොහෝ දෙනකු කියන අතර ගැටලු ඇති තරුණ දරුවන්ගේ මවුපියන් උපදෙස් පතා ඒමට පටන් ගෙන ඇතැයි ජැමී කියයි.

ලිංගය කවරක් වූවත් නොසිතූ ආකාරයේ ලිංග විපර්යාසයකට බඳුන් වූවත් ජීවිතය ජීවත් කරවිය යුතු වේ. පිරිමියකු ලෙස ඉපදී ගැහැනියක වූ ජැමී ද ගැහැනියක ලෙස ඉපදී පිරිමියකු වූ ලුවිස් ද එම අරගලයේ යෙදෙමින් සිටී. දෛවය ඔවුනට එතරම් අකාරුණික වී නැත්තේ තනි නොතනිය ඔවුන් දෙදෙනා එක්කරලීමට කටයුතු සලසමිනි. ජැමී - ලුවිස් යුවළ තමන් හමුවේ ඇති අභියෝග ජය ගනිමින් මාස ‍ෙදාළහකට පසු විවාහ වනු ඇත.








රු කාරියවසම්
උපුටා ගෑනිම මවුබිම ඔන් ලයින්.
http://www.mawbima.lk/54-33719-news-detail.html

ගැහැණු මනසක් ඇතිව උපන් කොල්ලෙක්



ඇය තමා මිතුරන්ගෙන් වෙනස් බව අවබෝධ කර ගත්තේ ළමා කාලයේදීමය. ඇගේ කතාව බොහෝ දුරට ශ්‍යාම් සෙල්වදොරෙයිගේ The Funny Boy හි කථා නායකයා වන අර්ජුන්ට සමානය. නමුත් අර්ජුන්ටත් වඩා කෙල්ලක වීමේ දැඩි ආශාවක් ඇයට තිබිණි. කුඩා කළ ඇගේ අල්මාරිය පිරී තිබුණේ ගැහැනු ඇඳුම්, බෝනික්කන් හා අක්කලා පාවිච්චි කොට ඉවත දැමූ ලිප්ස්ටික් කියුටෙක්ස් වලිනි.

ඊනිඩ් බ්ලිටන්ගේ Famous Five හි ‘ජෝර්ජ්’ වූ ‘ජෝර්ජියානා’ ගැන කියවා තිබූ ඇගේ මධ්‍යම පාංතික දෙමාපියෝ පවුලේ බඩ පිස්සාගේ මේ හැසිරීම එක්තරා දුරකට ඉවසූහ. තත්වය තමන්ට පාලනය කරගත් නොහැකි මට්ටමකට ළඟාවී ඇති බව ඔවුන්ට වැටහුණේ ඇය අපොස සාමාන්‍යපෙළ පන්තියට පිවිසෙන කාලය වන විටදීය. මේ වන විට එක්තරා දුරකට මෙය නිවසින් පිටත්ද කතාවට ගැණුනු මාතෘකාවක් බවට පත් වී තිබිණි.

ඉන් පසු ඇති වූ සිද්ධි දාමය පහත පරිදි සාරාංශ කොට දක්වන්නේ මගේ උත්සාහය කෙටි කතාවක් රචනය කිරීම නොවන නිසාය.

ඇගේ දෙමාපියන් මුලින් වක්‍රවද පසුව ඍජුවද මේ සාකච්ඡාවට පිවිසීම; ඇගේ අල්මාරියේ පිරුණු ගැහැණු පළඳනා කඩින් කඩ ඔවුන් විසින් ඉවත් කිරීම හා ඇය ඊට විරෝධය දැක්වීම; ඇගේ මිතුරු ඇසුර කඩා කප්පල් වීම; උසස් පෙළ සමත්ව සරසවියට වරම් ලැබීමට සිටි ඇගේ අධ්‍යාපනය මඟ නැවතීම; එක් අවස්ථාවක තමාට ලිංග විපර්යාස සැත්කමක් කර ගැනීමට අවශ්‍ය බව ඇය පැවසීම (එය තායිලන්තයේදී කළ හැකි බව ඇය කොතැනින්දෝ සොයා ගෙන තිබිණි.) හා දෙමාපියන් ඊට එකහෙළා විරුද්ධ වීම; ඇය සිය දිවි නසා ගන්නා බවට තර්ජනය කිරීම හා නිවාස අඩස්සියට පත්වීම; දීර්ඝ කාලීන හුදෙකලා කාල පරිච්ඡෙදයකට පසු ඇය එක්තරා දුරකට අවට පරිසරයට අනුකූලත්වයක් දක්වා පිරිමියකු ලෙස ජීවත් වන්නට තීරණය කිරීම; දෙමාපියන් හා පවුල සමඟ වූ ගැටුම් සම්පූර්ණයෙන්ම නොවෙතත් යම් මට්ටමකට පහවීම.

මට ඇය හමුවන්නේ සංගත තැටි අලෙවි හළක රැකියාවක් සොයා ගැනීමෙන් යම් කාලයකට පසුය. නිවසට හා කාර්යාලයට ඇය පිරිමියෙකි. පිරිමි ඇඳුම් ඇඳ නිවසින් පිටවන ඇය ‘පිරිමි’ රැකියාවක් කරයි. පිරිමින් සමඟ ගැවසෙයි. ඇගේ ගැහැණු පළඳනා සියල්ල ඉවත් කොට ඇති අතර සම්පූර්ණ කාමරය දිනපතා අම්මාගේ අධීක්ෂණයට ලක්වේ. ලිප්ස්ටික් එකක්වත් ගෙදර ගෙනයාම ඇයට තහනම්ය. ඇය තම ගැහැණු බව අමතක කොට පිරිමියකු සේ ජීවත් වෙයි.

ඇයට ගැහැනියක විය හැක්කේ සයිබර් ලෝකයේදී පමණි. මේ ද්වාරය දෙමාපියන්ට රහසක් නිසා තවමත් විවෘතය.

සයිබර් ලෝකයේ මිතුරන්ව මාස කිහිපයකට හා SMS සිය ගණනකට පසුව ඇය මා හමු වීමට අකැමැත්තෙන් එකඟ වෙයි. අපි දිවා ආහාරයට MC එකේ සෙට් වෙමු.

තථ්‍ය ලෝකයේ මේ හමුව සයිබර් ලෝකයේ හමුවට වෙනස්ය. මා ඉදිරියේ ඉන්නේ කිසිම ගැහැණු පාටක් නැති කොල්ලෙකි. වෙන කෙනකුට මේ කෙල්ලකැයි හඳුන්වාදිය නොහැකි තරමට ශරීරයෙන් පිරිමි වූ කොල්ලෙකි. ප්‍රසිද්ධියේ ඔහුගේ හැසිරීම පිරිමිය. එහෙත් අප දෙදෙනා පමණක් තනි වන කල්හි ඇගේ කටහඬ පවා මෘදු වෙයි. කෙල්ලක ලෙසින් ඈ තොඳොල්වීමට පටන් ගනී. ඇගේ ආහාර මට තෝරා ගන්නට ඉඩ හරියි. (“Whatever you like, aiya”) මට අයිස්ක්‍රීම් කවන්නට තැත් කරයි.

ඇයට ඇත්තේ එකම ඉල්ලීමකි. කාන්තා ඇඳුමකින් සැරසීගත් කාලයක් ඇයට මතක නැත. දැන් අවශ්‍ය පැය කිහිපයකට හෝ ඒ දැඩි අවශ්‍යතාවය ඉටු කර ගැනීමටය. අවශ්‍යතාව කෙතෙක්ද දැඩිද යත් ඒ වෙනුවෙන් ‘ඕනෑම කැපකිරීමක්’ කිරීමට සූදානම් බව ඇය කියයි. මම ඇගේ ව්‍යංගය නොවැටහුනාක් මෙන් කල්පනා කරමි.

මේ ලෙහෙසියෙන් ගත හැකි තීරණයක් නොවේ. තව සිව් දෙනකු සමඟ මා බෙදා ගන්නා බෝඩිම සති අන්තයන්ට හිස් වන බව ඇත්තකි. මා බෝඩිමට මිතුරන් නිතර කැටුව එන බවත් ඇත්තකි. එහෙත් ‘ගැහැණු ඇඳුමින් සැරසුණු කෙනෙක්’ බෝඩිම තුළ වෙන කෙනෙකුට ඇස ගැටීම නොසිතූ ප්‍රතිඵල ගෙන දිය හැකිය. දැඩි අවදානමක් ගෙන මම ඇයට කැමැත්ත පළ කරමි. කොන්දේසි රාශියක් ඇතිවය.

“So what do you want in return?” ඇය අසයි. “Nothing” මම උරහිස් හකුළුවමි. ඇය මා වැරදි විනිශ්චයකට භාජනය කිරීම ගැන සියුම් අසතුටක් මා සිත මෝදුවෙයි.

කලකට පසු අපි එක්තරා දීර්ඝ සති අන්තයක House of Fashion ඉදිරිපිටදී නැවත මුණ ගැසෙමු. මේ ඔපරේෂන් එකට අඩුම කුඩුම මිළදී ගන්නටය. ඇය ළඟත් (පෙම්වතියක නැති ) මා ළඟත් කාන්තා ඇඳුම් පැළදුම් නැත. ඒ හැම දෙයක්ම මිළට ගත යුතුය. කොල්ලන් දෙදෙනෙකු Ladies Section එකේ පැය හතරක කාලයක් තිස්සේ ඇඳුම්, විලවුන් තේරීම කාට නිරීක්ෂණය වීදැයි මම නොදනිමි. ඇගේ ගැහැණු මනස කිසිවක් එක්වර මිළදී ගන්නට අසමත්ය. ඇය ගැහැනියකට ජීවවිද්‍යාත්මකව උරුමවී ඇති ‘එකතු කිරීමේ’ මෙහෙවර උපරිමයට අත් විඳියි. මම සැම විනාඩි පහකටම සැරයක් ඇයට කාලය ගැන මතක් කරමි. (කොල්ලකු වුවද බෝඩිමට ගෙන යා යුත්තේ දවල්ටය.) කාන්තා යට ඇඳුම්ද ඇතුළු අපේ අඩුම කුඩුම තොගය දුටු විට මිළදී ගැනීම් කවුන්ටරයේදී ඇහි බැම් ඉස්සෙතැයි මා සිත ඇත්තේ විශාල බයකි. වාසනාවකට එවැන්නක් නැත. ඇගේ එකම කනස්සල්ල, ගන්නට සිතා සිටි මොකද්දෝ ම කවදාවත් නම අසා නැති ක්‍රීම් වර්ගයක් හමු නොවීමය. MC යමුයි ඇය යෝජනා කරයි. කාලය නැතැයි මම කියමි. “You people never understand how a woman feels” ඇය මට රවයි.

බෝඩිමේදී හැසිරිය යුතු ආකාරය ගැන මට පූර්ව සැලැස්මක් ඇත. පිරිමි ශරීරයක් ඇතද ඇය ගැහැනියකි. මම ඇයට නිදහසේ ඇඳුම් මාරු කර ගැනීමට ඉඩ දී ඉවත යමි. ලජ්ජාශීලී සිනාවකින් ඇය නාන කාමරයට රිංගයි. හැම මොහොතක්ම ඇය හැකි ඉහළම මට්ටමෙන් අත් විඳින්නාක් සේය. පිරිමි පස්දෙනකු භාවිතා කරන නාන කාමරයක් ගැහැනියකට භාවිතා කිරීමට දීමට සිදුවීම ගැන මම ඇගෙන් සමාව ඉල්ලමි. “Its okay aiya, I am used to it” ඇගේ හඬ දිය පහර වැටෙන හඬ අතරින් ඇසේ.

පැයකට මඳක් අඩු කාලයක් ස්නානාගාරයේ ගතකර ඇය එළියට එන්නේ කාන්තා නිදන ඇඳුමකිනි. නුහුරු ලෙස කර ඇති හැඩ ගැන්වීම් ආභරණයක් නොවේ; කොලු ශරීරය වෙනස් කිරීමට දැරූ නිසරු වෑයම් පමණකි. ළැම ඉස්සී පෙනෙන්නේ ඇය එතැන මොනවා හෝ පුරවාගෙන ඇති නිසා විය යුතුය. “Am I beautiful?” ඇය අසයි. එසේයැයි මම බොරු කියමි. (අනෙක් අතට ගැහැණියක සේ සැරසී සිටින ‘පිරිමියකු’ මනින මිනුම් දඬු මා දන්නේ නැත.)

ඈට ලබාගත් නිදහස උපරිම ලෙස භුක්ති විඳීමට සලසා, පරිගණකය ක්‍රියා කර, දොර අගුළු දමා මා බැහැර වන්නේ දහවල් කෑම පැකට් දෙකක් ගෙනෙන මුවාවෙනි. මා ඊට ඕනෑවටත් වඩා කල් ගනිමි. මා ඇගේ නිදහසට බාධා කළ යුතු නැති නිසාය. සම්පූර්ණයෙන්ම බැහැරවී සිටීමට වුව මා කැමතිය. එහෙත් බෝඩිමේ අන්කල් නිදහසට කාරණාවක් හොයාගෙන කොයි වෙලේ හෝ කාමරයට ඇහැ දැමිය හැකිය. (“සද්දයක් ඇහුණට මම හිතුවෙ හොරෙක් කියලා”) ඊට ඉඩ නොතැබිය යුතුය.

මා නැවත එනවිට නංගී කෙනකු අයියාට කරන්නාක්සේ ඇය මගේ කාමරය අස්පස් කරමින් සිටී. මේ මට ඇය කළගුණ දක්වන ආකාරයද, කලාතුරකින් ලැබුණු ගැහැණුකම උපරිම ලෙස භුක්තිවිඳින ආකාරයද මම නොදනිමි. (ඇය ගිය විගස මේවා මා යළි අවුල් කළ බව ඈ නොදනියි.)

සවස තුනට පමණ බඩගිනි මෝරා එන විට අපි ආහාර ගනිමු. (ඇය තක්කාලි සලාදයක් හැදූ බව කියන්නට අමතක විය.) ඒ අතර මෙතෙක් නොඇසූ සංවේදී කරුණු කීපයක් මම ඇගෙන් අසමි. “No, my penis was never a problem for me. I wanted the operation just to complete the process. Not that I hated it.” කියයි.

ඇඳිරි වැටී එද්දී අපි වෙන්වෙමු. මිළට ගත් අඩුම කුඩුම ගැන මට දුක හිතෙන්නේ අප ඒවා දැන් විනාශ කළ යුතු නිසාය. ඇයට එය ගණනක් නැත. පැය කිහිපයක නිදහස ගැන ඇය ආමන්දානන්දයට පත්ව සිටී. නළලට උණුසුම් හාදුවක් දී ඇය මගෙන් වෙන්වෙයි.

අප වෙන්වූයේ නැවත හමුවන්නට වුවත් මොකද්දෝ හේතුවක් මත අපදෙදෙනාම එකිනෙකා හා සන්නිවේදනය අවම කරමු. දිනපතා යැවූ SMS සතියකට වරක් වී සම්පූර්ණයෙන් නවතී. අළුත් අවුරුද්දට සුභ පතන්නට මා උත්සාහ කළ විට ඇගේ අංකය වෙනස් වී ඇති බවට පණිවිඩයක් ලැබේ. ඇගේ gmail ලිපිනයට යවන ලියුම් වලට පිළිතුරු නැත.


මෙය මා අන්තර් ජාලයේ සෑරිසරදි දුටු කතවක්.
උපුටා ගෑනිම


Tuesday, February 18, 2014

පිරිමින් ගැහැනුන් කිරීම ඇරඹී වසර 60 ක්‌ සපිරෙයි

ලිංගික විපර්යාසයක්‌ සඳහා ලොව මුල්ම සාර්ථක සැත්කම කර වසර 60 ක්‌ ඉකුත් සතියේදී සම්පූර්ණ විය. 1952 දී ඇමරිකාවේදී කෙරුණු මේ සැත්කමට හෝමෝන ප්‍රතිකාර ක්‍රමය ද අන්තර්ගත විය.

"
හිටපු තරුණයා සුන්දර තරුණියක වෙයි" යනුවෙන් ඇමරිකන් පුවත්පත් එම සැත්කම වාර්තා කර තිබිණ. ඒ හිටපු තරුණයාගේ නම ජෝරඡ් ජෝර්ඡේන්සන්ය. නිව්යෝර්ක්‌ නුවර ඔහු ගත කළ ජීවිතය ඉතා සාමකාමී විය. දිනක්‌ ඩෙන්මාර්කය බලා ගිය මේ තරුණයා ආපසු සිය රට බලා ආවේ සුරූපී තරුණියක ලෙසය. ලොම් කබායකින් ගත වසාගෙන ගුවන් යානයේ තරප්පු පෙළ බැස එන ඇගේ සිහින් ඇහි බැම, උල් නිකට සහ දිලිසෙන දිගැති දෙතොල් දෙස පිරිමි බලා සිටියහ. ජෝරඡ් ජෝර්පේන්සන් නැවත සිය රට බලා එන්නේ කිස්‌ටින් යන නමිනි. ඇය/ඔහු පිළිබඳ කතාව අපට වැදගත් වනුයේ ඡේ. ආර්. ජයවර්ධනගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නිසාය. 1973 බණ්‌ඩාරනායක මැතිනිය ඇති කළ ශ්‍රී ලංකාවේ ජනරජ ව්‍යවස්‌ථාව 1978 දී සංශෝධනය කළ ඡේ. ආර්. නව ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වාදී එමගින් කළ නොහැක්‌කේ ගැහැනියක පිරිමියකු බවට පත් කිරීම පමණක්‌ බව කීවේය. ඒ වනවිට ජෝර්ඡ් ජෝර්ඡේන්සන් නමැති පිරිමියා ක්‍රිස්‌ටිනා ජොහෙන්සන් නමැති සුන්දර ගැහැනිය බවට පත්වී වසර විසි හයකි.

ඇමරිකාවේ නිව්යෝර්ක්‌හි Bronx පළාතේ හැදී වැඩුණු ජෝර්ඡ් එකිනෙකා අතර කිට්‌ටු සම්බන්ධකම් සහිත විශාල පවුලක දරුවකු ලෙස ඉතා නිවී සැනසිල්ලේ හැදී වැඩුණු කෙනෙකි.

තරුණ වියට එළැඹෙන විට තමා සිරවී සිටින්නේ තමන්ට සුදුසු කයක්‌ තුළ නොවන බව ජෝර්ඡ් තේරුම් ගත්තේය. ඔහුට තිබුනේ පිරිමි කයක්‌ වුවද ඔහුගේ සියලු ආශාවන් ගැහැනියක සතු ආසාවන් විය. එහෙත් ඔහු සම ලිංගිකයකු නොවීය. එය නාරිත්ත්වය සහ පණ්‌ඩකත්වය (නපුංසකභාවය) අතර ජෝර්ඡ් දෝලනය වූ අවස්‌ථාවකි. පිරිමියකු ගැහැනියක වීම සඳහා මානසික පෙළැඹුමක්‌ අවශ්‍යය ය. තමන් කාන්තාවක්‌ය යන්න භාර ගැනීමේ මානසික සූදානම පිරිමියා තුළ තිබිය යුතුය. ස්‌වයං ලිඛිත චරිතාපදාතයේ ජෝරඡ් මෙසේ සඳහන් කළේය. "මට මුලින්ම පිරිමින් ගැන කිසිදු ආශාවක්‌ ඇති වූයේ නැත. එහෙත් මා සමලිංගික කටයුත්තකට පොළඹවා ගැනීමට කිසියම් පිරිමියෙක්‌ උත්සාහ කළ විට මා තුළ මහත් රෝගී බවක්‌ හට ගන්නා සෙයක්‌ මට දැනිණ..."

1940
දී ජෝර්ඡ් හමුදා සේවයට එක්‌විය. ඒ අතර, ලිංගික විපර්යාසයන් සිදු කිරීම සඳහා සතුන්ට හෝමෝන එන්නත් කරමින් පර්යේෂණ පවත්වන Christian Humbargen නමැති වෛද්‍යවරයකු ගැන පුවත්පතක පළ වූ ලිපියක්‌ ඔහුට කියවන්නට ලැබිණ. තමා විඳින දුකට පිහිට වීමට දොස්‌තර ක්‍රිස්‌ටියන් හම්බර්ගර්ට හැකි බව ජෝර්ඡ් කල්පනා කළේය. ඔහුගේ දෙමාපියෝ ඩෙන්මාර්ක්‌ සම්භවයක්‌ ඇති අය වූහ. මේ නිසා රහසේම ඩෙන්මාර්කයට ගොස්‌ දොස්‌තර හම්බර්ගර් හමුවීමට ජෝර්ඡ් කල්පනා කළේය. 1950 දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරය බලා යන ගුවන් යානයකට ජෝර්ඡ් ගොඩ විය. ඔහු ගුවන් ගත වූයේ ස්‌ත්‍රීත්වය කරාය. නාරිත්ත්වය පතාය.
දොස්‌තර හම්බර්ගර් මේ පියකරු තරුණයා පිළිගත්තේ ඉමහත් සතුටිනි. ඔහු පරීක්‍ෂා කළ දොස්‌තර, තරුණයා ලිංගික සංක්‍රාන්ති සමයකට පත්ව සිටින බව තේරුම් ගත්තේය.

පිරිමියකු කාන්තාවක්‌ බවට පත් කිරීමේ ක්‍රියාවලිය ටිකක්‌ දිග කතාවකි. ඒ සඳහා පළමුකොට, දීර්ඝ කාලීනව ගැහැනු හෝමෝන එන්නත් ලබා ගත යුතුය. එම එන්නත් ප්‍රතිකාර වකවානුවේදී ජෝර්ඡ් කාන්තා ඇඳුම් ඇඳීමට පටන් ගත යුතු බවත් ගැහැනු නමකින් හැඳුනුම්පතක්‌ ලබාගත යුතු බවත් දොස්‌තර ක්‍රිස්‌ටියන් යෝජනා කළේය.

මේ අතර ජෝර්ඡ්ගේ සිරුරට එන්නත් කළ හෝමෝන වැඩ කරන්නට පටන් ගත්තේය. එහි ක්‍රියාත්මක භාවය පැහැදිලි වූ පළමු ශාරීරික වෙනස වූයේ ජෝරඡ් ගේ ස්‌ථන ග්‍රන්ථීන් ක්‍රමයෙන් විශාල වීමට පටන් ගැනීමෙනි. ඊළඟට ක්‍රමානුකූලව හිස කෙස්‌ වැවෙන්නට පටන් ගත්තේය. අවසානයේදී ජෝර්ඡ්ගේ සමස්‌ත ශරීරයම කාන්තාවකගේ ශරීරය හා සමානව හැඩතල බේරී වැඩුණේය.

අනතුරුව දොස්‌තර ක්‍රිස්‌ටියන් කළේ නව ලිංගික අනන්‍යතාවක්‌ උදෙසා ජෝර්ඡ්ගේ සිරුරේ සැත්කම් කිහිපයක්‌ සිදු කිරීම සඳහා අවශ්‍ය මානසික සූදානම ඔහුට ලබා දීමය. ඒ සඳහා සවුරප් නමැති මනෝවිද්‍යාඥයා වෙත එම අර්ධ තරුණයා/ තරුණිය ඉදිරිපත් කෙරිණ. අවසානයේදී වසරක හෝමෝන ප්‍රතිකාර සහ මානසික ප්‍රතිකාරවලින් පසු ඔහුගේ පවතින ලිංගික අවයව ඉවත් කර කාන්තා ලිංගික අවයව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඔහුට සැත්කම් මාලාවක්‌ සිදු කෙරිණ. මේ අතර මනෝවෛද්‍ය සවුරප් නූතන සමාජ පරිණාමය පිළිබඳ ඉතිහාසයේ වැදගත්ම "මිනිස්‌ අයිතිවාසිකම් පෙත්සමක්‌" උසාවියට ඉදිරිපත් කළේය. ඒ වූ කලී ලිංගික අනන්‍යතාව වෙනස්‌ කිරීම සඳහා කරන සැත්කම් නීතිගත කරන ලෙස ඉල්ලීමය. ලොව පළමුවන ලිංගික විපර්යාස සැත්කම සිදු කරන ලද්දේ, 1930 දී ජර්මනියේ විසූ ලිලී එල්බි නමැති පිරිමියකුගේ ලිංගික අනන්‍යතාව වෙනස්‌ කිරීමටය. බර්ලින් නුවරදී කළ මේ සැත්කමින් ලිලී එල්බි මිය ගියේය. ඒ මරණයට හේතුව සැත්කම් මාලාවක අවසන් සැත්කමය. එහෙත් මේ සැත්කම පිළිබඳව අදාළ වෛද්‍ය කණ්‌ඩායම පිළියෙල කර තිබූ විස්‌තර වාර්තා ඩෙන්මාර්ක්‌ ශල්‍ය වෛද්‍ය ක්‍රිස්‌ටියන් ජෝඡ්ට බෙහෙවින් උපකාරී විය. ජෝර්ඡ් ජෝර්පේන්සන්ට කරන ලද සැත්කම කිසිදු අතුරු ආබාධයක්‌ නැතිව නිම කරන ලදී.


රූප සුන්දරී තරගයට එන පිරිමි

ලෝක රූප සුන්දරී තරගය අරමුණකොට ගෙන වඩාත් සුරූපී තරුණිය තේරීම සිංගප්පූරුව වසරකට වරක්‌ මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබේ. තරග සංවිධායකයන්ගේ අදහස්‌වලට අනුකූලව ලබන වසරේ පවත්වනු ලබන තරගයෙන් බොහෝ විට ජය හිමිවන්නේ පිරිමියෙක්‌ වශයෙන් ඉපදුණු අයකුට වීමට පුළුවන. තරග සංවිධායකයන්ගේ අදහස්‌වලට අනුව ලබන වසරේ මෙම තරගය සඳහා තරග කිරීමට ලිංගිකව වෙනස්‌කම් සිදුකළ පිරිමින් ඉදිරිපත් විය හැක. අන්තර්ජාතික රූප සුන්දරී තේරීමේ තරගය සඳහා වන සිංගප්පූරු පාර්ශ්වයේ ප්‍රකාශක වන්නේ ඩෙරල් ස්‌ටෙප්නියි. ඔහු සඳහන් කරන්නේ මේ සම්බන්ධව මව් සංවිධානයේ උපදෙස්‌ බලාපොරොත්තුවෙන් සිටින බවයි. මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවාසීන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මත දරයි. මෙහිදී සමහරු ප්‍රකාශ කරන්නේ කෘත්‍රිමව ලිංගික වෙනස්‌වීම් වලට ලක්‌වූ පිරිමින් මෙම තරගයට ඇතුළත්වීම නිසා තරගය වඩාත් අර්ථවත්වී ඇති බවයි. තවත් සමහරුන්ගේ මතය වන්නේ මෙලෙස මෙම අය ඉදිරිපත්වීම තුළින් තරගයට කිසිසේත්ම නොගැළපෙන අත්දැකීමක්‌ එක්‌වන බවත් සඳහන් කරයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ අනිවාර්යයෙන්ම මෙය කෘත්‍රිම ශල්‍යකර්මයක්‌ මගින් වෙනස්‌කර ඇති බවයි.

සාමාන්‍යයෙන් සිරිතක්‌ වශයෙන් වයස අවුරුදු 18-27 අතර උපතින්ම ස්‌ත්‍රී පක්‍ෂයට අයත්වූ අවිවාවහක කාන්තාවන්ට මේ සඳහා ඉදිරිපත් වීමට පුළුවන. ඒ අනුව තම රට තුළ ජාතික වශයෙන් පවත්වන තරගයට මුහුණදී ඉන්පසුව අන්තර්ජාතික වශයෙන් පවත්වන ලෝක රූ රැජන තරගයට සහභාගි විය හැක. මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාතික තරග සංවිධානයේ සම හිමිකාරිත්වයක්‌ ඇති ඇමරිකා එක්‌සත් ජනපදයේ වතු සමාගම් අධිපතියකු වන "ඩොනල් රම්ප්" හා NSB රූපවාහිනි නාලිකාවයි. මීට මසකට පෙර ගෝලීය සංවිධායකයන් පවසන අන්දමට ඔවුන් විසින් මෙකී, නීතිරීති වෙනස්‌කිරීම සම්බන්ධව අදහස්‌ හුවමාරු කරමින් මේ සම්බන්ධව කටයුතු කරමින් සිටින බවත් ළඟදීම ඒ සම්බන්ධව ප්‍රකාශයක්‌ කරන බව සඳහන් කරන ලදී. මෙලෙස කෘත්‍රිම ලිංගික වෙනසකට භාජන වූ තරගකරුවන් මෙම තරගයට සහභාගිවීමට පුළුවන්ද බැරිද යන්න තවමත් පැහැදිලිව ප්‍රකාශ කොට නොමැත.

මෙම නීති වෙනස්‌ කිරීම පිළිබඳ නැවත කරලියට පැමිණියේ අන්තර්ජාතික වශයෙන් පැමිණි බලවත් විරෝධය නිසාය. මීට පාදක වූයේ පසුගිය මාසයේ කෘත්‍රිමව ලිංගික වෙනස්‌වීමට ලක්‌වූ කැනේඩියානු ජාතික තරුණයකු රූ රැජන තරගයෙන් නොසුදුස්‌සකු කිරීමත් සමගමය. විසිතුන් හැවිරිදි zජීනා වාලක්‌කෝවාZ විසින් සංවිධායකයන්ට විරුද්ධව නඩුමගට පිවිසෙන බව ඉඟි කිරීමත් සමග නැවත ඔහුට තරගයට ඇතුළත්වීමට ඉඩදෙන ලදී. එසේම සිංගප්පූරුවේ අනෙකුත් ප්‍රධාන රූ රැජන තරග සංවිධායකයන් (ලෝක සිංගප්පූරු රූ රැජන) ප්‍රකාශ කරන්නේ තමන් තම තරග කොන්දේසි වෙනස්‌ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකොට නැති බවයි. ලිඔනෙල් ලිම් වන මොහු නිරූපණ ප්‍රකාශකයකු හා කෘත්‍රිම ලිංග වෙනස්‌ වූවන්ගේ නිරූපණ කටයුතූ සිදුකරන්නකි. ඔහු ප්‍රකාශ කරන පරිදි මේ හේතුවෙන් රූ රැජන තේරීමේ ව්‍යාපාරය විනාශ මුඛයට යොමුවන අතර කර්මාන්තය මහත් හිරිහැරයට ලක්‌වන බවයි. එහි ප්‍රසිද්ධත්වය ක්‍රමයෙන් අඩුවන බව ඔහු ප්‍රකාශ කරයි. මෙම කෘත්‍රිම ලිංග වෙනසට ලක්‌වූ පූරුෂයන් මෙම තරගයට එක්‌ කිරීමෙන් වැඩිදුරටත් එය සමාජගත වන අතර දැනුවත්භාවය වැඩිවනු ඇති බව ඔහු ප්‍රකාශ කරන ලදී. එසේම කෘත්‍රිමව ලිංගික වෙනස්‌කම්වලට භාජන වූ මෙම පිරිස ප්‍රකාශ කරන්නේ රජයේ අරමුණ වන යහපත් සංවේදී සමාජයක්‌ ගොඩනැඟීමට තමන් දායකවන බවය. ඇත්තෙන්ම මගේ අදහස වන්නේ මෙම රූප රැජන තරගයට ඉදිරිපත් වනවාට වඩා වැඩියෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතු බවයි. එවිට එය නිසි මාර්ගයේ ගමන් කරනු ලබයි. මෙසේ අදහස්‌ ප්‍රකාශ කරන්නේ වයස අවුරුදු 36 වන මහජන සම්බන්ධතා විශේෂඥයකු වන "ලිඔනා ලෝ" ය. 26 හැවිරිදි වෙල්ර්ලාඩෙන්ඩ් එනී ප්‍රකාශ කරන්නේ මේ අය තරග කිරීම තුළින් වඩාත් ධනාත්මක සාමාජකත්වයක්‌ පොදුජන සමාජයකට ලැබෙන බවයි. ඇය ප්‍රකාශ කරන පරිදි දින කිහිපයකට පසුව මම රූපවාහිනි කණ්‌ඩායමක්‌ ළඟට සේන්aදු වූ අතර එහිදී මට දැනගන්නට ලැබුනේ තම හෝටල් කාමරයෙන් බිමට වැටී මියගොස්‌ සිටි කෘත්‍රිම ලිංගික වෙනසට ලක්‌වූ ගණිකාවකි. එසේම මනබඳින රූප ස්‌වභාවයෙන් යුත් මෙම කෘත්‍රිම ලිංගික වෙනස්‌වීම්ලට භාජන වූ මෙම මිනිසුන් පිළිබඳ දරන සෘණාත්මක ආකල්ප දැන් වෙනස්‌ විය යුතු බව ඇගේ අදහසයි. මෙලෙස වෙනස්‌වීම්වලට භාජන වූ කාන්තාවන්ගෙන් ස්‌වල්ප දෙනෙක්‌ පමණක්‌ සමාජයේ ඉදිරියට යැමක්‌ පෙන්නුම් කරනු ලැබේ. මේ අයට තම සේවා ස්‌ථානයෙන් මෙන්ම සමාජයේ මෙන්ම තම පවුල් අතරද විවේචනයට භාජන වේ. එසේම මේ අයට මෙම රූ රැජන තරගයට ඉදිරිපත්වීමට අවස්‌ථාව ලබාදීම අවසන් වශයෙන් තම මනසේ රැඳි බලාපොරොත්තුවක්‌ ඉටුවීමත්ය.

පසුගිය වසරේ සිංගප්පූරුවේ විශ්වවිද්‍යාල රූ රැජන ලෙස තේරුණු "ඔලඩ්වලිරිලිම්" ප්‍රකාශ කළේ කෘත්‍රිම ලිංගික වෙනස්‌කම් භාජනවූ මේ අයට මෙම රූ රැජන තරගයට ඉදිරිපත්වීම් තුළින් ඔවුන්ට සිදුවන අකටයුතුකම් දුෂ්කරතාවලින් මිදිය හැකි බවයි. එසේම රූපාලංකාර සැත්කම් මෙම තරග සඳහා තහනම් කොන්දේසියක්‌ නොවේ. එසේම ඇය ප්‍රකාශ කරන්නේ අන්තර්ජාතික සංවිධායකවරු කෙතරම් දුරට මෙම වෙනස්‌කම් වලට ඉඩ ලබාදෙන්නේ ද යන්න පිළිබඳව උපදෙස්‌ මාලාවක්‌ සකස්‌ කළ යුතු බවයි. එසේම සිංගප්පූරුවටද මෙය යහපත් තත්ත්වයක්‌ උදාකරයි. එසේම මෙම තරග සඳහා මනා විනයක්‌ හා හොඳ පෞරුෂයත්වයක්‌ තිබිය යුතුයි. එසේම මේ පිළිබඳව ජනතාවගේ මනස තුළ පුළුල් සංවාදයක්‌ ඇති කළ යුතුය. 29 හැවිරිදි ඉංජිනේරුවරයකු වන ලිස්‌ටයල් වෙංග් ප්‍රකාශ කළේ මෙම නීති වෙනස්‌ කිරීම් අසාමාන්‍ය සිදුවීමක්‌ වන අතර රසිකයන්ගේ දැක්‌ම පවරා ගැනීමකි. එසේම අපි රූප රැජන තරගයන් නැරඹීමේදී බලාපොරොත්තු වන්නේ ඉතා සුන්දර රූසපුවකින් හෙබි කාන්තාවකි. එසේම එම තරග නැරඹීමේදී මේ තරගකරුවන් වෙන් වෙන්ව හඳුනාගැනීම කිසිසේත්a කළ නොහැක. එසේම සමාජය මේ අයට නිදහසේ කටයුතු කිරීමට ඉඩකඩ ලබාදී තිබේ. පළමු පියවර වශයෙන් මෙම නීති වෙනස්‌කිරීම හොඳ ක්‍රියාවක්‌ වන අතර රූ රැජන තරගයක්‌ යනු හුදෙක්‌ රහස්‌ අවයව මුදුන් පැමිණීමේ ක්‍රියාවලියක්‌ නොවන බව ඔහු ප්‍රකාශ කළේය.


නිහාල් අබේරත්න

උපුටා ගෑනිම දිවයින ඔන් ලයින්