This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, September 4, 2015

ඉදුනිල් 23 කොටස

ඉදුනිල් 23  කොටස





විභාගය ඉවර වෙලා මම ගෙදර හිටියා කඩෙට ගිහින් තාත්තට උදවු කලා ඔය අතර ලොකු අම්මා අපේ අම්මාට කතා කරලා කියලා තිබුනා මාව කොළඹ එවන්න හොද කම්පියුටර් කොස් එකක් කරන්න දාන්නම් කියලා ඔන්න අම්මා තාත්තාගෙන් අහලා  තිබුනා තාත්තා හා කියලා මම කොළඹ යන්න ලෙස්ති උනා ඔන්න අම්මා මගේ කාමරයට ඈවිත් මට කියනවා පුතා ඔයා කොළඹ ගියාම ඔයාට කෙල්ලෙක් වගේ ඈදුම් අදින්න බෑරි වෙනවා ඔයාට එහෙම ඉන්න පුලුවන්ද කියලා මගෙන් ඈහුව්වා මම කිව්වා මට එහෙම ඉන්න බෑ කියලා ඒ උනාට මට කොළඹ ගිහින් ඉගෙනග ගන්න ආසයි කියලා ඔයාගේ කෑමෑත්ත හෑබෑයි ඔයා ඔය ඈදුම් එකක්වත් ගිනියන්න එපා මොකද පිට තෑන් වල එහෙම කරලා ලෑජ්ජ වෙන්න එපා අම්මා කිව්වා මම ටිකක් කල්පනා කරලා කිව්වා ටික කාලෙකටනේ අම්මා මම ඉක්මනට ගෙදර එනවනේ අනික නිවාඩු වෙලාවට මම ගෙදර එනවනේ කියලා  හ්ම් කියලා අම්මා කිව්වා ඔන්න මම කොළඹ යන දවසත් ආවා තාත්තා මාව කොළඹට එක්කගෙන ගියා ලොකු අම්මලා ඉන්නේ බොරෑල්ලේ තාත්තා මාව එක්කගෙන ලොකු අම්මමලාගේ ගෙදර ගියා.අපි එහේ ගියාම ලොකු අම්මා අපිව ආදරයෙන් පිලිගත්තා ලොකු අම්මා අපිට තේ හදලා දුන්නා තාත්තා තේ බිලා ගෙදර යන්න ලෙස්ති උනා.මම තාත්තට වෑන්දා ඊට පස්සේ තාත්තා ගෙදර ගියා.තාත්තා ගියාට පස්සේ ලොකු අම්මා මට කිව්වා පුතා එන්න ඔයට මම කාමරය පෙන්නන්නම් කියලා මම ලොකු අම්මා එක්ක ගියා එදා මම හිටපු කාමරයම්යි පුතා ඔයාට මහන්සි ඈති නේ වොශ් එකක් දා ගෙන පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න මම කෑම හඩලා ඔයට කතා කරන්නම් කියලා ලොකු අම්මා ගියා මම බෑග් එක බිමින් තියලා ඈදේ වාඩි උනා කාමරය එදා විදියමයි.ටිකක් වෙලා ඉදලා මම වොශ් එකක් දා ගත්තා ටික වෙලාවක් කාමරේ ඉදලා එලියට ගියා අපේ ගෙදර වෙගේ ලොකු නෑ හරිම පොඩි ගෙයක් වත්තත් පොඩියි පුතා එන්න කෑම කන්න කියලා ලොකු අම්මා මට කතා කලා මම ගෙට ගියා ලොකු අම්මා කෑම බෙදලා මම වාඩි වෙලා කෑම කෑවා පුතාට මෙහේ කම්මෑලි වෙයිද දන්නේ නෑ කියලා ලොකු අම්මා කිව්වා එහෙම වෙන එකක් නෑ කියලා මම කිව්වා අපි හෙට කොම්පියුටර් පන්තිය බලන්න යමු කියලා ලොකු අම්ම කිව්වා මම හා කියලා කිව්වා පුතා ඔයා ටිවි බලනවද මම රෙදි හොදලා එන්නම් කියලා ලොකු අම්මා කිව්වා මම හා කියලා ටිවි බලුවා.කම්මෑලි නෑ කියලා කිව්වට හරිම කම්මෑලි කමම්ක් දෑනුනා ටික වෙලාවක් ටිවිව් බලලා මම කාමරයට ගියා ටිකක් නිදාගන්න කියලා හිතාගෙන.හවස් වෙලා ලොකු අම්මා මට තේ බොන්න කතා කලා මම තේ බිලා ලොකු අම්මත් එක්ක කතා කලා එයා ඉස්සර විස්තර අක්කලා ගෑන කියෙව්වා මම ඔක්කොම අහගෙන හිටියා ඔහොම ගොඩක් වෙලාවක් කතා කලා ඊට පස්සේ ලොකු අම්මා ඈහෑව්වා පුතා රෑට මොනවද කන්නේ කියලා මම කිව්වා ඔන දෙයක් කියලා හරි අපි රෑට පාන් කමු කියලා මම හා කියලා කිව්වා ඔහොම රෑ උනා මම කාමරයට ගිහින් ටික්ක් වෙලා හිටියා පන්තියට අදින්න ඈදුමක් ලෙස්ති කලා පුතා කෑම කන්න එන්න කියලා ලොකු අම්මා කතා කලා මම ගිහින් කෑම කවා අක්කාගේ පොත් තියනවා ඔයා එවා බලන්න කියලා ලොකු අම්මා කිව්වා මම හා කියලා කිව්වා.ටිකවෙලවක් ටිවි බලලා මම  නිදා ගන්න ගියා ඈග හොදගෙන නිදා ගන්න ලෑස්ති උනා කම්මෑලි කම නිසාම කලින්ම නිදාගත්තා.


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා


Friday, June 5, 2015

යට ඇඳුම්වල අවශ්‍යතාව

යට ඇඳුම්වල අවශ්‍යතාව 











යට ඇඳුම්වල අවශ්‍යතාව පුද්ගල සංස්කෘතිය වෙනස් වීමත් සමඟ පැමිණි දෙයක්. සාමූහිකව ගැවසීම, මිනිසා දැඩි ලෙස සමාජශීලී වීම යන කරුණු හේතුවෙන් ලිංගික ප්‍රදේශය ආවරණය කිරීමට අවශ්‍ය වීම. සිරුරේ හැඩය පිළිබඳ අවධානය ඇතිවීම යන කරුණු මත යට ඇඳුම් අනිවාර්ය අංගයක් වුණා.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
කාන්තාවන්ට යට ඇඳුම් අවශ්‍ය ඇයි?



යට ඇඳුම් කියන්නේ කාන්තා අපිට අත්‍යවශ්‍යම අංගයක්. කාන්තාවක් නම් බේ‍රෂියරයක් ඇඳීමෙන් කරුණු කිහිපයක් ඉටුකර ගැනීමට උත්සාහ දරනවා. සිරුරේ හැඩය පවත්වාගෙන යෑම, පියයුරුවල ආරක්‍ෂාව, පියයුරු ගැස්සීම නිසා ඇතිවන අපහසුතා හා වේදනා වළක්වා ගැනීම ආදියයි.ඒ වගේම කාන්තා සහ පිරිමි අයගේ යට ඇඳුම් ගත් විට මේ දෙපාර්ශ්වයම වැඩිවියට පත් වෙනවා. ඉන්පසුව ලිංගේන්ද්‍රියන් හරහා විවිධ ශ්‍රාවයන් නිකුත් වීම සිදුවනවා. ඒවා පිටතට වැගිරීම හෝ ඇඳුම්වල තැවරීම වැළැක්වීමට උපකාරී වනවා.ඔසප් සමයේදී ඇතිවන රුධිරය පිටවීමේදී ඒවා වැගිරීම හෝ ඇඳුම්වල තැවරී අපහසුතාවට පත්වීමට ඇති ඉඩකඩ යට ඇඳුම් මඟින් වළක්වනවා. මේ නිසා යට ඇඳුම් කියන්නේ එපා කියලා අත්හැරිය යුතු දෙයක් නොවේ.

තෝරගන්නෙ කොහොමද?
නමුත් යට ඇඳුම් භාවිත කරන විට අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබෙනවා. මූලිකවම යට ඇඳුමක් තෝරා ගනිද්දී සලකා බලන්න ඕන දේවල් කිහිපයක්ම කතා කළ යුතුයි.අපි ජීවත් වන පරිසරයේ කාලගුණයේ වෙනස්වීම් ආදිය අපේ තෝරා ගැනීම්වලට බෙහෙවින්ම බලපානවා. සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. අපේ රටේ ඉහළ උෂ්ණත්වයක් සහ නිතර දහදිය දැමීම දකින්න පුළුවන්.ඒ වගේම කාන්තාවක් නම් යට කලිසම, ටයිට් ෂෝට් එක, ඩෙනිම් කලිසම එහෙමත් නැතිව සායක් අඳිනවා නම් මුලින් කියපු යට ඇඳුම් දෙකට අමතරව යට සාය, උඩින් අඳින සාය ආදී ලෙස වරකට ඇඳුම් රැසක් අඳිනවා.


කපු ඇඳුම් හොඳයි
මෙතැනදී ශරීරයට ලැබෙන උෂ්ණත්වය අධිකයි. මේ නිසා ලිංගික අවයව නිතර උෂ්ණත්වයට ලක්වනවා. දහදිය දැමීම අධික වන අතරම පිටවීම පමා කරනවා. මේ නිසා යට ඇඳුමක් සෑම විටම කපු රෙදිවලින් නිර්මාණය කරන ලද එකක් වෙන්න ඕන. එවිට අධිකව දමන දහදිය උරා ගැනීම මඟින් පහසුවක් සලසනවා.නයිලෝන් සහ සින්තටික්වලින් නිර්මාණය කරන ලද යට ඇඳුම් කෙසේවත් සුදුසු නොවේ. එම රෙදි වර්ගවලින් දහදිය දැමීම වැඩි වී ශරීරයට රස්නය දැඩිව දැනෙන අතරම දහදිය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ.ඒ වගේම විවිධ අනුකාරක විලාසිතා බටහිරින් මෙරට පැමිණෙනවා. නමුත් එවැනි යට ඇඳුම් විලාසිතා කෙතරම් දුරට අපට අපේ සෞඛ්‍යයට ගැළපෙනවාද කියන කරුණ සලකා බැලීම ඉතාම වැදගත්.


පිරිසුදුකම ඉතා වැදගත්
යට ඇඳුම්වල පිරිසිදුකම කියන්නෙත් ඉතාම වැදගත් සාධකයක්. හොඳින් සෝදා තද අව්වේ වේළාගත් යට ඇඳුම් ඇඳීම ඉතාම සුදුසුයි. එක් යට ඇඳුමක් එක් දිනක් පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම සෝදා වේළා පාවිච්චියට ගන්න.


සබන් යනතුරු සෝදන්න
සේදුම් කුඩු, සබන් ආදිය යොදා යට ඇඳුම් සේදීම ගැටලුවක් නොවේ. නමුත් සබන් පෙණ සහ සේදුම් කුඩු හොඳින් ඉවත්ව යනතුරු සෝදා හරින්න. එවනි කෘත්‍රිම ද්‍රව්‍ය තැවරුණු යට ඇඳුම් භාවිතය නිසා ආසාත්මිකතා ඇතිවිය හැකියි.

හොඳින් මදින්න
යට ඇඳුම් හොඳට සෝදලා, තද අව්වේ වියළා ගන්නවා වගේම හොඳින් මැදීම වැදගත්. එවිට අව්වට විනාශ නොවූ විෂබීජ සහ දිලීර විනාශ වී යනවා.


විවිධ ලෙඩ රෝග
යට ඇඳුම් අපිරිසුදු වීම නිසා විවිධ රෝගාබාධ වැලඳෙන්න පුළුවන්.
දිලීර රෝග හැදෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේම දද, කුෂ්ඨ, ආසාත්මිකතා මතු වෙන්න පුළුවන්.
අළුහම් විශේෂ ඇතිවනවා, එම අළුහම් වර්ග වැඩි දියුණු වෙලා අවසානයේදී ද්විතීයක දිලීර හා බැක්ටීරියා ඇතිවෙන්න පුළුවන්.
මේ හේතු නිසාම යට ඇඳුම් සෝදා වියළා ගැනීම ඉතාම වැදගත්. පරණ යට ඇඳුම් පාවිච්චි කළාට කමක් නැහැ. නමුත් ඒවා ඉතාම පිරිසුදුව තියෙන්න ඕන.


ඔසප් කාලයට
ඒ වගේම ඔසප් සමයේදී පාවිච්චි කරන යට ඇඳුමක් වුණත් සෝදා පිරිසුදු කර භාවිතයට ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඔසප් සමයේ පරණ යට කලිසම් පාවිච්චි කරන්නට, එහි ගැටලුවක් නැහැ. එසේ නොකළා යැයි ඇතිවන ගැටලුවකුත් නැහැ. පිරිසුදුකම තමයි වැදගත්.


සිර ඇඳුම්
ඒ වගේම යට ඇඳුමක් තෝරා ගනිද්දී සිරුරට ඉතාම හොඳින් ගැළපෙන යට ඇඳුමක් ගන්න. අධික හිර ඇඳුම් ගැනීමෙන් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ වගේම තුවාල වේදනා ඇතිවීමටත් ඉඩ තිබෙනවා.ඒ වගේම ඉතාම ලිහිල් යට ඇඳුම් ගැනීමෙන් වුණත් ඔබව අපහසුතාවට පත්වන්නට පුළුවන්. ඒ වගේම ඉතාම වැදගත් දෙය ඔබේ සනීපාරක්‍ෂාවයි.යට ඇඳුම් මිලදී ගන්න කලින් දෙවතාවක් හිතලා බලන එකත් වැදගත් කරුණක්. එයට හේතුව සනීපාරක්‍ෂාව සහ පිරිසුදුකම වගේම ඔබේ සුවපහසුවත් ඉතාම වැදගත් කරුණු වීමයි.




මෙය උපුටා ගෑනිමකිමම අජානි සෑන්ඩ්‍රා