This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Story/Other. Show all posts
Showing posts with label Story/Other. Show all posts

Wednesday, February 19, 2014

ගැහැණු මනසක් ඇතිව උපන් කොල්ලෙක්



ඇය තමා මිතුරන්ගෙන් වෙනස් බව අවබෝධ කර ගත්තේ ළමා කාලයේදීමය. ඇගේ කතාව බොහෝ දුරට ශ්‍යාම් සෙල්වදොරෙයිගේ The Funny Boy හි කථා නායකයා වන අර්ජුන්ට සමානය. නමුත් අර්ජුන්ටත් වඩා කෙල්ලක වීමේ දැඩි ආශාවක් ඇයට තිබිණි. කුඩා කළ ඇගේ අල්මාරිය පිරී තිබුණේ ගැහැනු ඇඳුම්, බෝනික්කන් හා අක්කලා පාවිච්චි කොට ඉවත දැමූ ලිප්ස්ටික් කියුටෙක්ස් වලිනි.

ඊනිඩ් බ්ලිටන්ගේ Famous Five හි ‘ජෝර්ජ්’ වූ ‘ජෝර්ජියානා’ ගැන කියවා තිබූ ඇගේ මධ්‍යම පාංතික දෙමාපියෝ පවුලේ බඩ පිස්සාගේ මේ හැසිරීම එක්තරා දුරකට ඉවසූහ. තත්වය තමන්ට පාලනය කරගත් නොහැකි මට්ටමකට ළඟාවී ඇති බව ඔවුන්ට වැටහුණේ ඇය අපොස සාමාන්‍යපෙළ පන්තියට පිවිසෙන කාලය වන විටදීය. මේ වන විට එක්තරා දුරකට මෙය නිවසින් පිටත්ද කතාවට ගැණුනු මාතෘකාවක් බවට පත් වී තිබිණි.

ඉන් පසු ඇති වූ සිද්ධි දාමය පහත පරිදි සාරාංශ කොට දක්වන්නේ මගේ උත්සාහය කෙටි කතාවක් රචනය කිරීම නොවන නිසාය.

ඇගේ දෙමාපියන් මුලින් වක්‍රවද පසුව ඍජුවද මේ සාකච්ඡාවට පිවිසීම; ඇගේ අල්මාරියේ පිරුණු ගැහැණු පළඳනා කඩින් කඩ ඔවුන් විසින් ඉවත් කිරීම හා ඇය ඊට විරෝධය දැක්වීම; ඇගේ මිතුරු ඇසුර කඩා කප්පල් වීම; උසස් පෙළ සමත්ව සරසවියට වරම් ලැබීමට සිටි ඇගේ අධ්‍යාපනය මඟ නැවතීම; එක් අවස්ථාවක තමාට ලිංග විපර්යාස සැත්කමක් කර ගැනීමට අවශ්‍ය බව ඇය පැවසීම (එය තායිලන්තයේදී කළ හැකි බව ඇය කොතැනින්දෝ සොයා ගෙන තිබිණි.) හා දෙමාපියන් ඊට එකහෙළා විරුද්ධ වීම; ඇය සිය දිවි නසා ගන්නා බවට තර්ජනය කිරීම හා නිවාස අඩස්සියට පත්වීම; දීර්ඝ කාලීන හුදෙකලා කාල පරිච්ඡෙදයකට පසු ඇය එක්තරා දුරකට අවට පරිසරයට අනුකූලත්වයක් දක්වා පිරිමියකු ලෙස ජීවත් වන්නට තීරණය කිරීම; දෙමාපියන් හා පවුල සමඟ වූ ගැටුම් සම්පූර්ණයෙන්ම නොවෙතත් යම් මට්ටමකට පහවීම.

මට ඇය හමුවන්නේ සංගත තැටි අලෙවි හළක රැකියාවක් සොයා ගැනීමෙන් යම් කාලයකට පසුය. නිවසට හා කාර්යාලයට ඇය පිරිමියෙකි. පිරිමි ඇඳුම් ඇඳ නිවසින් පිටවන ඇය ‘පිරිමි’ රැකියාවක් කරයි. පිරිමින් සමඟ ගැවසෙයි. ඇගේ ගැහැණු පළඳනා සියල්ල ඉවත් කොට ඇති අතර සම්පූර්ණ කාමරය දිනපතා අම්මාගේ අධීක්ෂණයට ලක්වේ. ලිප්ස්ටික් එකක්වත් ගෙදර ගෙනයාම ඇයට තහනම්ය. ඇය තම ගැහැණු බව අමතක කොට පිරිමියකු සේ ජීවත් වෙයි.

ඇයට ගැහැනියක විය හැක්කේ සයිබර් ලෝකයේදී පමණි. මේ ද්වාරය දෙමාපියන්ට රහසක් නිසා තවමත් විවෘතය.

සයිබර් ලෝකයේ මිතුරන්ව මාස කිහිපයකට හා SMS සිය ගණනකට පසුව ඇය මා හමු වීමට අකැමැත්තෙන් එකඟ වෙයි. අපි දිවා ආහාරයට MC එකේ සෙට් වෙමු.

තථ්‍ය ලෝකයේ මේ හමුව සයිබර් ලෝකයේ හමුවට වෙනස්ය. මා ඉදිරියේ ඉන්නේ කිසිම ගැහැණු පාටක් නැති කොල්ලෙකි. වෙන කෙනකුට මේ කෙල්ලකැයි හඳුන්වාදිය නොහැකි තරමට ශරීරයෙන් පිරිමි වූ කොල්ලෙකි. ප්‍රසිද්ධියේ ඔහුගේ හැසිරීම පිරිමිය. එහෙත් අප දෙදෙනා පමණක් තනි වන කල්හි ඇගේ කටහඬ පවා මෘදු වෙයි. කෙල්ලක ලෙසින් ඈ තොඳොල්වීමට පටන් ගනී. ඇගේ ආහාර මට තෝරා ගන්නට ඉඩ හරියි. (“Whatever you like, aiya”) මට අයිස්ක්‍රීම් කවන්නට තැත් කරයි.

ඇයට ඇත්තේ එකම ඉල්ලීමකි. කාන්තා ඇඳුමකින් සැරසීගත් කාලයක් ඇයට මතක නැත. දැන් අවශ්‍ය පැය කිහිපයකට හෝ ඒ දැඩි අවශ්‍යතාවය ඉටු කර ගැනීමටය. අවශ්‍යතාව කෙතෙක්ද දැඩිද යත් ඒ වෙනුවෙන් ‘ඕනෑම කැපකිරීමක්’ කිරීමට සූදානම් බව ඇය කියයි. මම ඇගේ ව්‍යංගය නොවැටහුනාක් මෙන් කල්පනා කරමි.

මේ ලෙහෙසියෙන් ගත හැකි තීරණයක් නොවේ. තව සිව් දෙනකු සමඟ මා බෙදා ගන්නා බෝඩිම සති අන්තයන්ට හිස් වන බව ඇත්තකි. මා බෝඩිමට මිතුරන් නිතර කැටුව එන බවත් ඇත්තකි. එහෙත් ‘ගැහැණු ඇඳුමින් සැරසුණු කෙනෙක්’ බෝඩිම තුළ වෙන කෙනෙකුට ඇස ගැටීම නොසිතූ ප්‍රතිඵල ගෙන දිය හැකිය. දැඩි අවදානමක් ගෙන මම ඇයට කැමැත්ත පළ කරමි. කොන්දේසි රාශියක් ඇතිවය.

“So what do you want in return?” ඇය අසයි. “Nothing” මම උරහිස් හකුළුවමි. ඇය මා වැරදි විනිශ්චයකට භාජනය කිරීම ගැන සියුම් අසතුටක් මා සිත මෝදුවෙයි.

කලකට පසු අපි එක්තරා දීර්ඝ සති අන්තයක House of Fashion ඉදිරිපිටදී නැවත මුණ ගැසෙමු. මේ ඔපරේෂන් එකට අඩුම කුඩුම මිළදී ගන්නටය. ඇය ළඟත් (පෙම්වතියක නැති ) මා ළඟත් කාන්තා ඇඳුම් පැළදුම් නැත. ඒ හැම දෙයක්ම මිළට ගත යුතුය. කොල්ලන් දෙදෙනෙකු Ladies Section එකේ පැය හතරක කාලයක් තිස්සේ ඇඳුම්, විලවුන් තේරීම කාට නිරීක්ෂණය වීදැයි මම නොදනිමි. ඇගේ ගැහැණු මනස කිසිවක් එක්වර මිළදී ගන්නට අසමත්ය. ඇය ගැහැනියකට ජීවවිද්‍යාත්මකව උරුමවී ඇති ‘එකතු කිරීමේ’ මෙහෙවර උපරිමයට අත් විඳියි. මම සැම විනාඩි පහකටම සැරයක් ඇයට කාලය ගැන මතක් කරමි. (කොල්ලකු වුවද බෝඩිමට ගෙන යා යුත්තේ දවල්ටය.) කාන්තා යට ඇඳුම්ද ඇතුළු අපේ අඩුම කුඩුම තොගය දුටු විට මිළදී ගැනීම් කවුන්ටරයේදී ඇහි බැම් ඉස්සෙතැයි මා සිත ඇත්තේ විශාල බයකි. වාසනාවකට එවැන්නක් නැත. ඇගේ එකම කනස්සල්ල, ගන්නට සිතා සිටි මොකද්දෝ ම කවදාවත් නම අසා නැති ක්‍රීම් වර්ගයක් හමු නොවීමය. MC යමුයි ඇය යෝජනා කරයි. කාලය නැතැයි මම කියමි. “You people never understand how a woman feels” ඇය මට රවයි.

බෝඩිමේදී හැසිරිය යුතු ආකාරය ගැන මට පූර්ව සැලැස්මක් ඇත. පිරිමි ශරීරයක් ඇතද ඇය ගැහැනියකි. මම ඇයට නිදහසේ ඇඳුම් මාරු කර ගැනීමට ඉඩ දී ඉවත යමි. ලජ්ජාශීලී සිනාවකින් ඇය නාන කාමරයට රිංගයි. හැම මොහොතක්ම ඇය හැකි ඉහළම මට්ටමෙන් අත් විඳින්නාක් සේය. පිරිමි පස්දෙනකු භාවිතා කරන නාන කාමරයක් ගැහැනියකට භාවිතා කිරීමට දීමට සිදුවීම ගැන මම ඇගෙන් සමාව ඉල්ලමි. “Its okay aiya, I am used to it” ඇගේ හඬ දිය පහර වැටෙන හඬ අතරින් ඇසේ.

පැයකට මඳක් අඩු කාලයක් ස්නානාගාරයේ ගතකර ඇය එළියට එන්නේ කාන්තා නිදන ඇඳුමකිනි. නුහුරු ලෙස කර ඇති හැඩ ගැන්වීම් ආභරණයක් නොවේ; කොලු ශරීරය වෙනස් කිරීමට දැරූ නිසරු වෑයම් පමණකි. ළැම ඉස්සී පෙනෙන්නේ ඇය එතැන මොනවා හෝ පුරවාගෙන ඇති නිසා විය යුතුය. “Am I beautiful?” ඇය අසයි. එසේයැයි මම බොරු කියමි. (අනෙක් අතට ගැහැණියක සේ සැරසී සිටින ‘පිරිමියකු’ මනින මිනුම් දඬු මා දන්නේ නැත.)

ඈට ලබාගත් නිදහස උපරිම ලෙස භුක්ති විඳීමට සලසා, පරිගණකය ක්‍රියා කර, දොර අගුළු දමා මා බැහැර වන්නේ දහවල් කෑම පැකට් දෙකක් ගෙනෙන මුවාවෙනි. මා ඊට ඕනෑවටත් වඩා කල් ගනිමි. මා ඇගේ නිදහසට බාධා කළ යුතු නැති නිසාය. සම්පූර්ණයෙන්ම බැහැරවී සිටීමට වුව මා කැමතිය. එහෙත් බෝඩිමේ අන්කල් නිදහසට කාරණාවක් හොයාගෙන කොයි වෙලේ හෝ කාමරයට ඇහැ දැමිය හැකිය. (“සද්දයක් ඇහුණට මම හිතුවෙ හොරෙක් කියලා”) ඊට ඉඩ නොතැබිය යුතුය.

මා නැවත එනවිට නංගී කෙනකු අයියාට කරන්නාක්සේ ඇය මගේ කාමරය අස්පස් කරමින් සිටී. මේ මට ඇය කළගුණ දක්වන ආකාරයද, කලාතුරකින් ලැබුණු ගැහැණුකම උපරිම ලෙස භුක්තිවිඳින ආකාරයද මම නොදනිමි. (ඇය ගිය විගස මේවා මා යළි අවුල් කළ බව ඈ නොදනියි.)

සවස තුනට පමණ බඩගිනි මෝරා එන විට අපි ආහාර ගනිමු. (ඇය තක්කාලි සලාදයක් හැදූ බව කියන්නට අමතක විය.) ඒ අතර මෙතෙක් නොඇසූ සංවේදී කරුණු කීපයක් මම ඇගෙන් අසමි. “No, my penis was never a problem for me. I wanted the operation just to complete the process. Not that I hated it.” කියයි.

ඇඳිරි වැටී එද්දී අපි වෙන්වෙමු. මිළට ගත් අඩුම කුඩුම ගැන මට දුක හිතෙන්නේ අප ඒවා දැන් විනාශ කළ යුතු නිසාය. ඇයට එය ගණනක් නැත. පැය කිහිපයක නිදහස ගැන ඇය ආමන්දානන්දයට පත්ව සිටී. නළලට උණුසුම් හාදුවක් දී ඇය මගෙන් වෙන්වෙයි.

අප වෙන්වූයේ නැවත හමුවන්නට වුවත් මොකද්දෝ හේතුවක් මත අපදෙදෙනාම එකිනෙකා හා සන්නිවේදනය අවම කරමු. දිනපතා යැවූ SMS සතියකට වරක් වී සම්පූර්ණයෙන් නවතී. අළුත් අවුරුද්දට සුභ පතන්නට මා උත්සාහ කළ විට ඇගේ අංකය වෙනස් වී ඇති බවට පණිවිඩයක් ලැබේ. ඇගේ gmail ලිපිනයට යවන ලියුම් වලට පිළිතුරු නැත.


මෙය මා අන්තර් ජාලයේ සෑරිසරදි දුටු කතවක්.
උපුටා ගෑනිම


Thursday, January 9, 2014

රාගය විමසන සොරෙය්‍ය වත.(Trasgender Story sinhala)

කල්හි ඔහුට අත්වන ශාන්තියක් විමසන්නට සොරොය්‍ය තෙරුන්ගේ කතාව අපූර්ව දහම් පණිවුඩයක් අපට ගෙන එයි


සැවැත් නුවර සමීපයෙහි සොරෙය්‍ය නම් නගරයෙහි සොරෙය්‍ය නම් සිටුවරයෙක් වෙසෙයි. විවාපත් බිරියට වාසනාවන්ත දරු දෙදෙනෙකු ද ලැබීය. පියෙකු වූ සිටුවරයා බිරියට ද දරුවන්ට ද තම යුතුකම් නොපරිහෙළා ඉටුකලේය. ගේ දොර අවශ්‍යතා ද නිතර නිතර සොයා බලා වහා ඉටු කර කෑම බීම ද ඇඳුම් පැළඳුම් ද සොයා සොයා ගෙනැවිත් දෙමින් අඹුදරුවන් රැක්කේය.
දිනක් යහළු පිරිවර සමග සිටුවරයා නාන්නට ගංඟාවක් වෙතට යාමට කල්පනා කර අවශ්‍ය දෑ සූදානම් කොට ඒ සඳහා පිටත් වූයේය. ගංගාව ආසන්නයට ළං වෙද්දී ගඟෙහි ස්නානය කරමින් සිටි කච්චායන තෙරුණුවෝ ස්නානය අවසන්ව ගොඩට පැමිණ පිඩු සිඟා වඩින්නට සිවුරු පොරවමින් සිටියහ. කච්චායන තෙරුන් වනාහි එකල මහතෙරුන් අතුරෙහි සිටි රූමත් ම තෙරුන් වහන්සේ ය. එබැවින් උන්වහන්සේට බැබළෙන රන්වන් සිරුරක් පැවතුණි. උන්වහන්සේ චීවරය සකසා පොරවමින් සිටිය දී සොරෙය්‍ය සිටුවරයා උන්වහන්සේගේ රූමත් සිරුර වහා දැක්කේය. එවිට ඔහුට එක්වරම සිතිවිලි දෙකක් පහළ වුණි. පළමු සිතිවිල්ල වනුයේ අනේ මේ රන්වන් සිරුක් ඇති කච්චායන තෙරුණුවන් මගේ භාර්යාව බවට පත්වන්නේ නම් කෙතරම් අගනේ ද යන්නයි. දෙවැනි සිතිවිල්ල වූයේ මගේ භාර්යාව මේ වැනි රන්වන් ශරීර වර්ණයෙන් යුතු වූවා නම් කෙතරම් අගනේද යන්නයි.
මේ සිතිවිල්ල රාග සිතිවිල්ලකි. එය උමතු රාග සිතිවිල්ලකි.උමතු රාගය මිනිස් අගපසඟ වෙනසකට ලක් කරන්නට සමත් වන අයුරු පෙන්වමින් සොරෙය්‍ය සිටුවරයා වහාම ලිංග විපර්යාසයකට බඳුන් විය. ඔහුගේ පුරුෂ බව අතුරුදන්ව ස්ත්‍රියක බවට පරිවර්තනය විය. ඒ බව දුටු ඔහු අතිශයින්ම ලජ්ජාවට පත්ව සියලු යහළු පිරිවර හැර දමා ඔවුනට නොදැනෙන්නට පලා ගියේය. පලා ගිය ඇය තක්සලා නුවරට යන මගට අවතීර්ණ විය. එහිදී වෙළෙඳ කණ්ඩායමක් හමු වන අතර ඒ පසු පස ගමන් කරන්නට වූවාය.
නාන්නට පැමිණි පිරිවර යහළුවන් තම මිත්‍රයා නොදැන දිය නා ආපසු ගෙදරට ගිය අතර සිටුවරයා නොදැක මළැයි සිතා ඥාතින් සමඟ එක්ව පාංශුකූල දී දන් පහන් පිරිනමා පින් පැමිණවිය.
තක්සලා නුවරට යන ඇය එහි සිටුපුත්‍රයා සමඟ විවාහ වන අතර මේ විවාහයේ ප්‍රතිඵලයක් ලෙස දරුවන් දෙදෙනෙකු ද බිහි කළාය.මෙය ලෝකයේ සිදුවූ සුවිශේෂී මිනිස් විෂමතාවකි. කිසි විටෙකත් මනඞකල්පිතයක් නොවේ. නූතනයේ ලිංග විපර්යාසයට අදාළ නිදසුන් නිතර නිතර ලොව පුරා හමුවේ. සොරෙය්‍ය මුහුණ දෙන්නේ ඒ විෂමතා දහමටයි. රාගය කෙතරම් බියකරු ද යන්න මේ සිදුවීම අපට පෙන්වා දෙයි. පියෙකු ලෙස දෙදරුවන් ලද ඔහු මවක ලෙස ද දෙදරුවන් ලබා ලොව සංකීර්ණම චරිතයක් බවට පත් වූයේය.
එක් දිනක් ඇය තම මැදුරේ උඩුමහලේ කවුළුවකින් පාර දෙස බලා සිටියදී අතීතයේ තමා සමඟ දිය නාන්නට ගංඟාවට ගිය තමන්ගේ සමීප මිත්‍රයා පහත මාර්ගයක යනු දැක හැඳින දාසියක් යවා ඔහු තමා මැදුරට ගෙන්වා අවශ්‍ය සත්කාර සම්භාවනාදිය නොඅඩුව සම්පාදනය කළාය.
එවිට එම මිත්‍රයා අසන්නේ තමාට මෙසේ සංග්‍රහ කරන්නේ කවර කරුණක් නිසාද? මීට පෙර තමා හඳුනනවාද? යනාදි වශයෙන් ප්‍රශ්න රාශියක්ම ඔහු ඇසීය. එවිට ඇය කියා සිටියේ මිත්‍රය ඔබ මම හොඳින් හඳුනමි. ඔබ සොරෙය්‍ය නුවර වැසියෙකු නෙවේද? එසේය සොඳුර යැයි පිළිතුරු දුන් විට ඈ මිත්‍රයාගෙන් තමා ගෙදර තොරතුරු සියල්ල නොවලහා කියා සිටියේය. අනතුරුව ඇය සොරොය්‍ය සිටුවරයා පිළිබඳ ඇසූ විට ඔහු මිය ගොස් බොහෝ කලක් ගත වී ඇති බව කියා සිටියේය.
එවිට ඇය ඒ සිටුපුත්‍රයා තමා බව හඳුන්වා දුන්නාය. විස්මයට පත් මිත්‍රයා ඇයගෙන් තවදුරටත් තොරතුරු විචාළේය. එවිට එම අතීත සිදුවීම මුල සිට අග දක්වා ඇය කියා පෑවාය. දැන් තමාට නැවැත පිරිමියෙකු වී සොරෙය්‍ය නගරට යා යුතු බවත් ඒ සඳහා කච්චායන මහ රහතන් වහන්සේ හමු වී පාපොච්චාරණයක් කොට සමාව ගත යුතු බවත් ඇය මිත්‍රයාට කියා සිටියා. එබැවින් කච්චායන රහතන් වහන්සේ තම නිවසට දානය සඳහා වඩමවා දෙන්නැයි ඈ බැගෑපත්ව ඉල්ලා සිටියාය.
ඇයට සිදුව ඇති ඇබැද්දිය තේරුම් ගත් මිත්‍රයා කච්චායන තෙරුන් හමුව එම නිවසේ පසුදින දානයට වඩින්නට ආරාධනා කළේය. උන්වහන්සේ ද ආරාධනාව පිළිගෙන පසුදින ඇගේ නිවසට වැඩම කළ සේක. ඇය උන්වහන්සේ වඩා හිඳුවා ප්‍රණීත ආහාරයෙන් වළඳවා උන්වහන්සේ වෙතින් සමාව භජනය කළාය. තෙරුන් වහන්සේට සිදුවූ සියල්ල පාපොච්චාරණය කළාය. තෙරුන් වහන්සේ තමන් හේතුකොට ගෙන හටගත් රාගසිතිවලට සමාව ප්‍රදානය කළහ. එවිට ඇය නැවත වරක් පිරිමියෙකු බවට පත් විය.
දැන් ඔහුට පූර්ණ අකුසල කර්මයෙන් එකම බවයෙක චරිත තුනක් ලෙස හැසිරෙන්නට සිදුවිය. පියෙකු ලෙස මවක ලෙස හා නැවත පියෙකු ලෙසය. එය මෙනෙහි කළ ඔහු සංසාර කිසිදා මෙවැනි විප්‍රකාරයට පත් නොවන්නට ප්‍රාර්ථනා කරමින් කච්චායන තෙරුන් වෙතින් පැවිදි වීමට ආයාචනා කළේය. දරුවන් සිප වැළඳ පියාට භාර දුන් ඔහු තෙරුන් වහන්සේ ළඟ ප්‍රවුජ්‍යාව ලබා සොරෙය්‍ය තෙරුන් වහන්සේ ලෙසින් ප්‍රසිද්ධ විය.
මේ තොරතුරු ඇසූ බොහෝ දෙනා උන්වහන්සේ වෙත පැමිණ ජීවිත ගණනක සංකීර්ණත්වය විමසන්නට වූහ. ඒ අතර බොහෝ දෙන අසා සිටියේ පියෙකු ලෙස ලද දරුවන් දෙදෙනා හා මවක ලෙස ලද දරුවන් අතරින් වඩා සෙනෙහවන්ත තම දරුවන් දෙදෙනාටද කියාය. සොරෙය්‍ය තෙරුන් වහන්සේ කියා සිටියේ තමන්ගේ කුසෙහි උපන් දරු දෙදෙනාට වඩා සෙනෙහෙබර බවයි.
බොහෝ දෙනා ඇසූ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන් උන්වහන්සේ කල් යාමේදී කිසිවෙකුට හෝ සෙනෙහෙවන්ත නැතැයි කියා සිටියේය. ජනයා බුදුරදුන් හමුවූ සොරෙය්‍ය තෙරුන් බොරු කියති’යි පැමිණිලි කළහ. එවිට බුදුරදුන් වදාළේ ඔහු මාර්ග ඤාණ උපදවා ගත් වේලෙහි සිට කිසිවකු කෙරෙහි ස්නේහයක් බැඳීමක් නොමැති බවයි.
සිත දූෂිත වූ කල්හි මනුෂ්‍ය වර්ගයාට අත්වන බිහිසුණු ඉරණමත්, ඒ සිත මනා ලෙස පිහිටුවා සකසා ගත් කල්හි ඔහුට අත්වන ශාන්තියක් විමසන්නට සොරොය්‍ය තෙරුන්ගේ කථාව අපූර්ව දහම් පණිවුඩයක් අපට ගෙන එයි.

උපුටා ගැනිම  බුදු සරණ පුවත්පත
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අපේ‍්‍රල් 06 වනදා සිකුරාදා 

වස්තුහාමි ගේ කතාව.(Transwoman Story - wasthuhami)

පුංචි සන්දියේ පටන්ම අපි දන්න කියන අපේ ගමේ එකෙක් වෙච්චි වස්තු හාමිට අයියා කියන්නද? අක්කා කියන්නද? කියලා මට තවමත් හිතාගන්න අමාරුයි. ඒත් මුලදී නම් අපි කාටත් ඌ වස්තු හාමි අයියා.

වස්තු හාමි අපිට වඩා වෙනස් චරිතයක් බව අපි පොඩි එවුං කාලේ ඉඳන්ම දැනං උන්නා. එකට උන්නු කොලු රැළ ගිනි මද්දහනේ පන්දු කෙළිද්දී වස්තුහාමි අයියා ගස් හෙවණකට වෙලා ඉඳගෙන උන්නා . කොලු කමට හොර පොල් කඩන්න අපි වත්තකට පනින්න සැලසුම් කරද්දී වස්තුහාමි අයියා ගිහින් වැඩිහිටියෙකුට ඒ ගැන ගතු කේලම් කීවා . වංගියක් ඌ තනියම හීන් හඬින් කවි කීවා. තවත් වංගියක බැද්දෙ ගිහිං මල් කැඩුවා .ගමේ කොල්ලෝ ඉඩ ලැබුණු හෑම වෙලාවකම වස්තුහාමි අයියට කොලොප්පම් කළා .

“
අඩා වස්තුහාමි උඹ කුස්සියේ වැදිලා තලප හැඳිගාපං. උඹ කෙල්ලෙක් නේ අඩා” 
අපි කොයිතරම් ඌට කොලොප්පම් කළත් ඌ නෙවෙයි අපි එක්ක හීනියට වත් අමනාප වුණේ . වලං මැට්ට පෑගෙද්දී තව තව පදම් වෙනවා වගේ ඌත් අපි එක්ක තව තවත් රැහේ වැටුණා. කොයිතරම් රැහේ වැටුණත් ඌ අපි එක්ක වැවේ නාගන්ඩ වත්, පොරේ වැටෙන්නවත් කිසිම දාක ආවේ නැති විත්තිය මට හොඳට මතකයි. 

අපේ ගං තුලානේ වැඩිහිටියෝ, පොඩි එවුං අතරේ මහ පුදුම බැඳීමක් තිබුණා .ගමේ කාටත් තව කෙනෙක් එක්ක අමනාප වෙලා වැඩි දවසක් ඉන්න අමාරුයි. වැඩිහිටියන්ගේ ඒ ගතිය පොඩි එවුන් වෙච්ච අපිටත් හොඳාකාරවම පිහිටලා තිබුණේ කොටි පැට්ටුන්ට දඩයමේ යන්ඩ උගන්නන්ඩ ඕනෙ නැතුවා වගේමයි.

අපි වස්තුහාමි අයියට කොයිතරම් කොලොප්පම් කළත් ඌව කොන් කරලා තියන්න කිසිම අදහසක් අපිට තිබුණේ නෑ . ඌ කොයි වෙලෙත් තනිවෙලා කාලෙ ගෙවන්න හැදුවත් අපි ඌව අමතක කරලා දාලා නිකම්ම උන්නෙත් නෑ . ඌව අපේ ගානට ගන්න අපිත් පුළුවන් තරම් වලිකෑවා .

“
වස්තු අයියා මොකක් බං උඹේ ඔය හැටි සෝමාරි කම ? වරෙංකො බං අපි එක්ක සෙල්ලං කරන්ට” 

අපි එහෙම කියද්දි වස්තු හාමි අයියා ඉඳන් මෙහෙම කියනවා 

“
මට බැරුං ඔය උඹලා වගේ වැල්ලෙ නටන්ටයි තුවාල කරටන්ටයි .” 

වස්තු හාමි අයියා අපිත් එක්ක ඉන්න වෙලාවට කල සමහර විගඩම් නිසා අපිට පුදුම හිතුණ වාර නම් එමට තිබුණා . 
ගමේ එකටම උන්නු අපේ යාළු මිත්තරයෝ සමාගමට මුත්‍රා බරක් දැනුණාම ඒ බර හෑල්ලු කරගන්න තැන නොතැන බැලීමක් තිබුණේ නෑ . ගහකට , ගලකට හෝ බිච්චියකට ඒ බර නිදහස් කරලා අපි සාමාන්‍ය විදිහට උන්නත් වස්තුහාමි අයියා එහෙම කළේ නෑ . ඌට මුත්‍රා බරක් දැනුණාම ඌ බැද්දේ ඈතටම ගිහින් ඒ බර හෑල්ලු කරගෙන ආවා .

“
අඩෝ වස්තු උඹේ අහවල් එක රත්තරන්ද බං ? ඔච්චර හැංඟිලා හුජ්ජ කොරන්න යන්නේ”

කට කැඩිච්චි කොල්ලෙක් එහෙම කියාපු දාට වස්තුහාමි අයියත් නිකම්ම උන්නේ නෑ 

“
උඹලට ලැජ්ජ නැතුවට මං මුනා කරන්න ?” 

වස්තුහාමි කල ඔය වගේ වැඩ නිසා කොලු රැළ ඌව නිතරම කොලොප්පමට ගත්තා ඒත් උගේ අමුතු වැඩ නෙවේ යන්තමට වත් අඩු වුණේ . රොමියෙල් අප්පු මාමලාගේ ගෙදරදී ඌ කරපු තවත් වැඩක් ඒ බවට සාක්කි.
රජේ රස්සාවක් කරවුව රොමියෙල් අප්පු මාමා එක දවසක් උගේ ගෙදෙට්ට පරණ ඩෙක් දණ්ඩකුයි දොඹ සයිස් පීකර දෙකකුයි ගෙනවා. එදා ඉඳන් හැමදාකම හැන්දෑ වරුවේදී ගමේ කොල්ලෝ වැඩිහිටියෝ සෑහෙන ගණනක් එහේට එකතු වෙලා චිත්තරපටි බැලුවා. ඒ හැම චිත්තරපටියක්ම බොහෝම පරණ සිංහල ඒවා. ඒ චිත්තරපටි වැඩිහිටියන්ට අල්ලලා ගියාට අපිට නම් පුදුම විදිහට අප්පිරියා වෙලයි තිබුණේ.

රොමියෙල් අප්පු දෙමහල්ලෝ රස්සාවට යන හන්දා උදේ වරුවේ නම් උන්දැගේ ගෙදර කවුරුවත් හිටියේ නෑ .ඉතින් වංගියක් අපි රොමියෙල් මාමගේ ලොකු පුතා බන්දුට කන්නලවු කරලා කරලා මයෙ තැපැල් හැඳුනුම්පත ඇපේට තියලා ටවුමෙන් ගෙන්න ගත්තු චීන හටන් තියෙන ඩෙක් පීස් එකක් බලන්න කතා වුණා.

පහුවදා ඉස්කෝලේ යනවා කියලා ගෙදරින් පිටත් වෙලා පොඩි දුරක් ගියපු අපි ආපහු හැරිලා කැලෑ පාරකින් රොමියෙල් මාමලෑ ගෙදෙට්ට රිංඟුවා . රොමියෙල් මාමගේ පුතන්ඩියා හදා දුන්නු තේ කහට උගුර ගානේ බොන ගමන් අපි උපන් තේකට නොදුටු චීන හටන් තිබිච්චි චිත්තරපටිය බලන්න ගත්තේ හිතේ කොනක හැංඟුන පුංචි බයකුත් එක්කයි . “මොකෙක් හරි අපිව දැකෝතින් නම් අපි කපෝතියි” කාගෙ කාගෙත් හිත් වලට එහෙම දැනෙන්න ඇති . ඒත් චීන හටන් බලන්න තිබුණ ආශාව හන්දම අපි කවුරුත් ඉස්කෝලේ ඇඳුම් පිටින්ම ටීවී එක වටේ වට වෙලා කටවල් වලින් ඒ දිහා බලන් උන්නා . 

මොහොතකින් හටන ඇරඹුණා .ඩෙක් පීස් එකේ උන්න චීන නළුවා උගේ පෙම්වතිය බේරගන්ට තවත් චීන්නු හැට හැත්තෑවක් එක්ක හරි හරියට පොරේ !. තේ කෝප්ප අත් වල තියාගත්තු අපිත් ඉහළ ඇද්ද හුස්ම පහළට නොගෙන අත් මිටි මොළවාගෙන ගැහෙන හදින් ඒ දිහා බලාන උන්නේ ගුඩු කරපු පොල් ගෙඩි වගේ . ඒත් සටන අවසාන මොහොතට ලං වුණාම අපි කවුරුත් බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ධ වුණා.

අගුළු දා වහලා ගෙදර දොරට කවුදෝ දුන්නු බර පා පහරක් හන්දා ඒ දොර කොන්ඩිපට්ටම් වලින් ගැලවිලා බාගෙට විවර වුණා . 

බාගෙට ගැලවුණු දොරින් ගේ ඇතුළට පැන්නේ රොමියෙල් අප්පු මාමා !.
උගේ මූණ අලවු යකාගේ මූනටත් වඩා බියකරුයි , ඇස් දෙක ගොරකා යකාගේ ඇස් දෙකටත් වැඩියෙන් රතුවෙලා .

“
උඹලා ඉස්කෝලේ යනවා කියලා මුනා මේ මේ බලන්නේ ?”

“
අනේ මාමා අපි මේ චීන් හටන් තියන පී. . ස් එකක් බලන්ඩ . . “

රොමියෙල් මාමට වග උත්තර බඳින්න අපි උත්සහ කරන අතරේ අපේම කරුමේ එතනදිත් හරහට හිටියා. 

චීන්නු රොත්තටම හතර අතට නෙලලා දිග්විජය කල චීන නළුවා උගේ පෙම්වතියව බඩට වඩාගෙන තොල්පටි වලින් මහ අසික්කිත හාදුවක් දුන්නා ඒ හාද්ද දැක්ක රොමියෙල් අප්පුහාමි මාමට මරුවා නැංඟා !

“
හත්තිලවුවේ ! අර වස්තුහාමි පුතා කීව කතාව ඇත්ත උඹලා මේ ගේ ඇතුළට වෙලා අසික්කිත චිත්තරපටි බලවුවා නේද ? දැං කෝමද යකුනේ මම ගමේ උන්ට මූණ දෙන්නේ මේ අටමගලේ තමා මෙවුවට මුල .” 

එහෙම කියවුව රොමියෙල් මාමා ඩෙක් පෙට්ටිය දෑත බදලා උස්සලා පොළවේ ගැහුවා .උතුර දකුණ මාරු වෙච්ච අපිත් ඔළුව හැරුණ අත දුවලා කැලේක හැංඟුණා . 
පහුවදා උදේ ගෙවල් වලින් හම්බ වුණ ගුටි පූජාව නිසා ඇදුම්කන අත පය වල පොල් තෙල් උලා කියාගෙන අපිත් ඉස්කෝලෙ යන්න පිටත් වුණා .වීරයෝ වගේ අඩිය තිබ්බත් අපේ හිත් වල තිබුණේ මහා ලොකු ලැජ්ජාවක්.එක හාදුවක් නිසා අපි බලාපු චීන හටන් චිත්තරපටිය අසභ්‍ය බවට රොමියෙල් අප්පු මාමාගේ ප්‍රධානත්වයෙන් යුත් ඒක පුද්ගල රැඟුම් පාලක මණ්ඩලය තීන්දු කරලා තිබුණා .

අපි අසභ්‍ය චිත්තරපටියක් බලා ඇති බව ගං තුලානේ හෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරිලා තිබුණා. ඒ කාලේ හැටියට සහ අපි උන්නු වටපිටාවේ හැටියට අපි කරලා තිබුණේ සමාව දෙන්න බැරි තරමේ මහා ලොකු වරදක් ! . ගමේ එවුංවොන්ගේ කටවල් වලින්ම කියනවා නම් අමු කුපාඩි කමක් ! .

“
ඕකුං ඔවුවා බලලා තව මොනවා කරනවාද දන්නෑ ? කෙල්ලෙක් වත් ඕකුංට පෙන්න නාන තොටේ තියනවා නෙවෙයි !” 

සුමනාවතී උපාසක අම්මා මම ඉස්සරහ පිටම උඩහ ගෙදර ධනපාල මාමා එක්ක කියද්දි මගෙ සකල සරීරෙම හිරි වැටිලා ගියා .

“
වස්තුහාමියා අපිව කෑවා !!” හැමෝගෙම කටවල් පල්ලෙන් බේරුණේ ඔය වචනේ විතරයි
අන්තිමේදී මේ සිදුවීමට මුහුණ දුන්නු අපි හැමෝම තිරණයක් ගත්තා. මේ හැම දේටම මුල් වෙච්ච කේලම් කාරයා වෙච්ච වස්තුහාමිට අමතක නොවෙන පාඩමක් උගන්වන්න ඕනෙ කියලා කොයි කවුරුත් කතා වුණා.

එදා හැන්දෑවේ කුණු ඇල පිටිපස්සේ තිච්චි කැටකෑල ගහේ වස්තුහාමි අයියව කොහු ලණුවකින් බැඳ දාලා තිබුණා. රංජිත් සහ බන්දු උගේ කටට කොහොඹ කොළ ඔබද්දී සිරිමෙවන් සහ පැට්ටා උගෙ ඇඟට දිමි ගෝට කඩලා දැම්මා .

“
සත්තයි ආයේ එහෙම කරන්නේ නැතෝ ! මට යන්න දියංකොයි .!” වස්තුහාමි අයියා අඬන්න තියාගත්තා.
කඳුළු පෙරමින් අඬන වස්තුහාමි අයියා දැක්කම මොහොතකින් අපි කොයි කාටත් දුක හිතුණා . මොනා වුණත් මූ අපේ එකෙක් . අපි හනි හනිකට උගේ බැමි ලිහලා දිමි කාපු තැන් වලට මෙන්ටේරියා කොළ තළලා තියලා ඌව ගෙදර ගෙනිහින් දැම්මා .එදයින් පස්සේ මම දන්න තරමින් අපේ කාණ්ඩෙ කිසිම එකෙක් වස්තුහාමි එක්ක වැඩි ඇයි හොඳයියට ගියේ නෑ. ඌට කොලොප්පම් කළේ වත් ඌ ගැන හෙවුවේ බැලුවේ වත් නෑ . කෙටියෙන්ම කීවොත් ඌ කොන් වුණා . 

ගමේ කොල්ලෝ වස්තුහාමිව කොන් කරද්දී ගමේ කෙළි පැට්ක්කියෝ ටික වස්තුහාමි වටේ වට වුණේ ඇයිද කියන්න මම තවම දන්නේ නෑ . ඉස්කෝලේ ගියත් දහම් පාසලට ගියත් වස්තුහාමි හිටියේ කෙල්ලො එක්ක විතරමයි . ඌ අපිත් එක්ක ඉඳිද්දී මූණේ නොතිබිච්ච අමුතු හිනාවක් කෙල්ලො එක්ක ඉන්නකොට උගේ මූණේ ඇඳිලා තියන හැටි කොයි කවුරුත් දකින්න ඇති .

“
එවුන්ට හොඳ නම් අපේ මොකෝ ?” අපිත් කරබාගෙන උන්නා ! 
කාලෙ ගතවෙද්දි බාල කාලේ හිමිදිරිය ගෙවමින් උන්නු අපේ ජීවිතත් මද්දහනෙට ලං වුණා . ඇඟ පත, කර දඬු උස් මහත් වෙද්දී පැට්ටු වගේ උන්නු අපිත් හාල් දන්ඩෝ වුණා . හරි හැටි ඉගෙන ගත්ත එවුන් විස්ස විද්‍යාලෙට පද්දන අතරේ යන්තම් බේරිච්චි එවුන් පුංචි පහේ රස්සා කරන්නත් , යලටත් නැති මහටත් නැති එවුන් විතරක් ගමේ පාරවල් කඩ පිල් වලත් ඉතිරි වුණා . වස්තු හාමි අයිය නම් අයිති වුණේ විස්ස විද්‍යාලෙට. කෙල්ලො එක්ක පාඩම් කල හන්දත් අපි වගේ සෙල්ලමට මුල් තැන නොදී පොතට කාලේ වෙන්කළ හින්දත් ඌ විස්ස විද්‍යාලෙට තේරිච්ච එක අපි කාටත් අරුමයක් වුණේ නෑ . 

දවසක් දා අතින් කටින් බඩු මුට්ටු කරපින්නාගෙන වස්තුහාමි අයියා ගමෙන් පිටත් වෙලා නගරේ බෝඩිං වෙන්න යන්න පිටත් වුණා . ඌට අපිව දාලා යන්ඩ දුකක් තිබුණේ නෑ . ඌ යන්න කලින් දවසේ ගමේ කෙල්ලෝ හැමෝටම ඌ යන විත්තිය කියලා තිබුණත් අපිව නම් බලන්නවත් ආවේ නෑ . අපිටත් ඌ ගැන වගේ වගක් තිවුණේ නෑ !. 

නගරේ විස්ස විද්‍යාලෙට තේරුණු වස්තු හාමි අයියා කීප වංගියක් ගමටත් පැද්දුවා. ඒත් වැඩි දොහක් ගමේ රැඳෙන් නැතුං ඌ ආයෙත් නගරෙටම පරන්දු වුණා.ඌ ආයෙ ගමේ ආවෙම නෑ. කාලේ ගෙවෙද්දී කාට කාටත් ඌව අමතක වෙලා ගියා . ඔය විදිහට අවුරුදු ගාණක් ගෙවුණා . 

වංගියක් ටවුමේ පොළට ගියපු මම අතින් කටින් බඩුත් එල්ලගෙන බස් එකක් එනකල් බස් නවත්තන නුග ගහ පල්ලේ ඉඳගෙන පාර බලං උන්නා . පාර දිහා බලාන හිටපු මම කවුදෝ කතා කරන හඬකින් ආපහු හැරිලා බැලුවා .මගෙ පිටිපස්සේ උන්නේ මම ජීවිතේට දැකලා නැති ගෑනු පරාණයක් . අරුමෝසම් බඩු අතේ කරේ පුරෝගෙන හිටි උන්දෑ අඩි උස උල් සපත්තු දෙකක් දාලා ඕනෑවට වඩා තොල් රතු කරගෙන උන්නා . ඇඟේ දැවටුණු සාරිය ඉස්තරම් එකක් වගේම කනේ එල්ලං උන්නු කඩුක්කන් දෙකත් වටිනා එවුවා බව මම එක බැල්මකින්ම තේරුම් ගත්තා .

සල්ලි කාර නෝන කෙනෙක් ! මම හිතෙන් මිමිනුවා 

“
මල්ලිට මාව අඳුනන්න පුළුවන්ද ?”

“
බෑ මිසී කවුද ?”

“
මල්ලියේ මම පොඩි කාලේ උඹලත් එක්ක හිටි වස්තු”

මට මගේ ඇස් අදහා ගන්ට බැරි වුණා මගෙ ඉහෙන් කණින් දාඩිය බේරෙන්න වුණා. ඇත්තටම ඒ උන්නේ වස්තු හාමි. 
ඔහෙපලයං. .! ඌ ගෑනියෙක් වෙලා . කලින් නමට විතරක් ගෑනියෙක් වෙච්චි ඌ මොන දහංගැටයක් දාලා හරි හැබෑවටම ගෑනියෙක් වෙලා. උරහිස ළඟට යනතුරු කඩා හැලෙන කොණ්ඩේත්. කන් දෙක පල්ලෙන් එල්ලෙන කඩුක්කන් දෙකත්, ළඟින් හමන කොලොන් සැරත්, ඇඟ වැහිලා තිබුණු සාරියත්, පමණට වඩා ලොකු පියයුරු දෙකත් අමතක කළානම් ඌ පරණ වස්තුහාමිම තමා. 

නගරෙට ගිය වස්තුහාමි හාමිනේ වෙලා ඕං ඔහොම ගමට ආවා. උන්දෑ විස්ස විද්‍යාලේ ගිහින් ගමට ගෙනාපු උපාධියක් නම් නෑ. ඒ වෙනුවට ගමේ කිසිදාක නොතිබ්බ විගඩමක් වෙච්චි ගෑනු සැලුන් එකක් පටන් අරං ගෑනුන්ගේ කොණ්ඩෙ, ඇහිබැම් හැඩ කරන්න පටන්ගත්තා. ගමේ කෙලිච්චියෝ ටික වස්තුහාමි වටේ හනිකට එකතු වෙච්ච හන්දා උගේ සැලුන් එක ජයටම නැගලා ගියා . හැබැයි ඒ නැගලා ගිය වේගෙන්ම බැහැලා ගියා.මුලදී කෙල්ලෝ ඒ සැලුන් එකට යන්න ගත්තත් ගෙවල් වලින් උන්ට දඬුවම් කල හන්දා ටිකෙන් ටික වස්තුහාම්ගේ සැලුන් එක පාළුවට ගියා . 

රටට ලෝකෙට වැඩි අරුමයක් නොවුන ඔය ලිංග විපර්‍යාසය කියන දේ අපේ මේ වැවුගම්පත්තුවට නම් අරුමයක්ම වුණා. ඉතින් අලුත් වස්තු හාමිනේව පිළිගන්න ගමේ කිසි කෙනෙක් සූදානම් වුණේ නෑ. ගමේ කවුරුත් වස්තු හාමිනේට බය වුණා ඉතින් උන්දෑ සැලුන් එක වහලා දාලා ආයෙත් නගරෙටම පරන්දු වුණා. 

වස්තු හාමිනේ දැන් නම් කොයි ලෝකේ ඉන්නවද කියන්න මම නම් දන්නෙ නෑ .ඒත් මම හිතෙනවා මම මැරෙන්න කලියෙන් ආයෙමත් වංගියක් ඌව දැකගන්න හැකි වේවි කියලා . කාට කොහොම වුණත් මට නම් ඌ තවම අපේ එදා උන්නු වස්තුහාමි අයියාම තමා . 

නම මනංකල්පිතයි . 

කෘතීම රසකාරක කිසිත් නොදා ඇති කතාව ඇත්තයි .! 

සිත්තම නිරෝෂන් කරුණාතිලක


රැජින පත්තරේට ලියවුව කතාවක්.