This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Sex Change. Show all posts
Showing posts with label Sex Change. Show all posts

Tuesday, July 29, 2014

ඔහු ඇයම විය ඇය ඔහුම විය


හතළිස් වියේ පසුවන ෆීලික්ස් ලෝස් 56 හැවිරිදි හෙලන් මෝෆිට් සමඟ විවාහ විමට තීරණය කිරීම සාමාන්‍ය කතාවකි. මඳ කථාබහකට හෝ ලක්වන්නේ ඔවුන් මෙසේ විවාහයකට එළඹෙන්නේ වෙනත් අය සමඟ විවාහයන් හතරකට ඇතුළු වී දරුවන් දසදෙනෙක් ද සහිතව වීම නිසාය.
එයත් සාමාන්‍ය සිදුවීම් හැටියට සැලකිය හැකිවේ. එහෙත් ෆීලික්ස් කලකට පෙර කේටි නම් කාන්තාවකව සිටි අතර හෙලන් කලකට පෙර ලෙස්ලි නම් වූ පිරිමියකු ලෙස සිටීම ඇදහීමට පවා අපහසු කථාන්තරයකි.
එසේ හෙයින් මෙසේ ලිංගික විපර්යාසයකට පත්ව සිටින ෆීලික්ස් ලෝස් හා හෙලන් මෝෆිට්ගේ විවාහය අපූරු සිද්ධියකි.
අඩිපහයි අඟල් අටක් උසැති හෙලන් නොහොත් ලෙස්ලි ෆීලික්ස් නොහොත් කේටිට වඩා උසින් වැඩි එසේම ශක්තියෙන් ද වැඩි තැනැත්තියක් වූවාය.
ඒ කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර එකිනෙකා කෙරේ පවතින ආදරය ඔවුන් එකිනෙකා දෙස හෙළන බැල්මෙන්ම ප්‍රකාශ වේ. එසේම මේ අපූරු ජෝඩුව බොහෝ දෙනාගේ අවධානයට ද යොමුවී ඇත.
”ලිංගික විපර්යාස නිසා අපි දෙදෙනාම වසර ගණනාවක් තිස්සේ මහත් අසීරුතාවලට මුහුණ දුන්නා. මම මීට පෙර විවාහ තුනකට සම්බන්ධ වී සිටියා. මට ඒ කාලයේ හැම වේලාවේම හිතුණේ වැරදි කෙනෙකු මගේ සිරුර තුළ සැඟවී ඉන්නවා කියලයි. එහෙත් දැන් එම සිරගෙයින් මා නිදහස් වී තිබෙනවා. පාසලක ගුරු සහායකයකු ලෙස සේවය කරන ෆීලික්ස් පවසයි.
”ගෙදර වැඩ අපි දෙදෙනාම එකතු වී ඉතාම සතුටින් ඉටු කරනවා”යි කී ෆීලික්ස් දැනට තම තමන්ගේ ලිංගික විපර්යාස සඳහන් උපන්දින සහතික ද ලබාගෙන ඇතැයි ද පැවසීය.
”මා උපත ලැබිය යුතුව තිබුණේ පිරිමි ළමයකු ලෙසටයි. මගේ යාළුවෝ බෝනික්කන් සමඟ සෙල්ලම් කරද්දි මට අවශ්‍ය වුණේ පාපන්දු සෙල්ලම් කරන්න, ගස් නඟින්න, වගේ දේවල්. ඒත් මේ ආශාවන් සාමාන්‍ය දේවල් යැයි සිතා වයස 21 දී විවාහ වුණා”ය.
එහෙත් දරුවන් දෙදෙනෙකු ලැබූ පසු බොරුවෙන් ජීවත්වීම තවදුරටත් කළ නොහැකි යැයි තීරණය කළ කේටි තම සැමියාත් දරුවන් දෙදෙනාත් අත්හැර ගියේ දරාගත නොහැකි ශෝකයෙනි.
තම මානසික හා ශාරීරික ප්‍රශ්න ගැන කථා කිරීමට වෛද්‍යවරයෙකු හමුවීමට ගිය කේටිට එවැනිම ප්‍රශ්නයකට මැදිවී සිට ඉන් නිදහස ලබා කාන්තාවක බවට පත්ව සිටි හෙලන් හමුවුණේ ඒ අවස්ථාවේදීය. නොගැළපෙන ජීවිතයක් ගතකිරීම නිසා ඇතිවූ මානසික අසහනය ගැන හෙලන්ගෙන් ෆිලික්ස්ට තොරතුරු රැසක් අනාවරණය විය.
”මමත් තුන්වරක් විවාහ වී සිටියා. මගේ බිරින්දෑ වරුන්ට දරුවන් අවශ්‍ය වුණා. මටත් දරුවන් ඕනේ උනේ මම පිරිමියෙකු බව පෙන්නුම් කිරීමටයි. එහෙත් මා පිරිමි සිරුරක් තුළ සැඟවී සිටින කාන්තාවක වීම මට මහත් වධයක් වුණා. මම මගේ බිරින්දෑවරුනට ආදරෙයි. දරුවන් අටදෙනාටත් ආදරෙයි. ඒත් මට අවශ්‍ය විදියට ඔවුන්ට ඒ ආදරය පෙන්නුම් කරන්න නොහැකිවීම මහත් වධයක් කරදරයක් වුණා” යැයි හෙලන් තම අත්දැකීම විස්තර කළාය.
ලින්කන් විශ්වවිද්‍යාලයේ සේවය කළ ලෙස්ලි නොහොත් හෙලන් ලිංගික විපර්යාසයක් සඳහා ක්‍රියාකිරීමට තීරණය කළ බව ඔහුගේ් දරුවන්ට ප්‍රකාශ කළේ අතිශය අපහසුවකිනි.
”මගේ කුඩා දරුවන්ට මේ දේ කිව්වේ හරිම අපහසුවෙන්. මං මා විඳින අසහනය නැතිවන්නේ ගැහැනු කෙනෙකු වුවහොත් පමණක් යැයි මං ඔවුන්ට දැනුම් දුන්නා.”
එවිට ඇයගේ සය හැවිරිදි කුඩා දරුවා කීවේ “එහෙම වුණාම ඔයාට ඩැඩී කියල කිව්වොත් ඒක පිස්සුවක් වෙනවා” කියායි.
මේ අතර ඔවුන්ගේ මිතුදම අතර දි කේටිව 2009 වසරේදි ලිංගික විපර්යාසයකට ඉඩ ලැබුණු අතර ඔවුන් දෙදෙනාගේ එක්වීමට ද මඟ පෑදිණි.



රෝහණ ආර්යරත්න
උපුටා ගෑනිමකි

සම්පුර්ණයෙන්ම පාහේ ගැහැණුන් වු පිරිමින්





බැලු බැල්මට කෙල්ලො වගේ පෙනුනට මේ ඉන්නේ කොල්ලො කියල ඔබ විශ්වාස කරන එකක් නෑ. මේ කියන්න යන කාරණාව ගොඩාක් දෙනා මොන විදියකට තේරුම්ගනීද කියලා කියන්න හිතන්න බෑ. ඒත් කවුරු කොහොම තේරුම්ගත්තත් මේක කාරණාව ගැන ඔබට කියන්න අපි තිරණය කරේ මේ වගේ කොටසකුත් මේ ලෝකයේ ඉන්නවා කියන කාරණය මතක්කරන්නයි.
අපි අහල තියෙනවිදියට මේ ලොකේ ඉන්නේ ගැහැණු පිරිමි කියලා කොටස් දෙකක් විතරයි.ගැහැණු වගේ ගැහැණු ඇඳුම් අදින පිරිමි හා පිරිමි වගේ හැසිරෙන ගැහැණු හිටියට සම්පුර්ණයෙන්ම පිරිමියෙක් වු ගැහැණියෙක්වත්,ගැහැණියෙක් වු පිරිමියෙක් ගැන වත් අප අසා තිබුණේ නැ.

ඒත් දැන් මේ වගේ අය ලොකේ ඕන තරම් ඉන්නවා.තාක්ෂණයේ දියුණුවත් එක්ක ශල්‍යකර්ම මාර්ගයෙන් සම්පුර්ණයෙන්ම පාහේ ගැහැණුන් වු පිරිමින් ඉන්නවා.

මේ අය බාහිරින් පිටට පෙනෙන ඇඳුමින් විතරක්ම නෙවෙයි තමන්ගේ ලිංගික අවයවයන් හා හෝමෝන ක්‍රියාවලින් පවා වෙනස්කරමින් සම්පුුර්ණයෙන්ම ගැහැණියක් වී ජිවත් වෙනවා.

පිරිමියෙක් වෙලා ඉපදී ගැහැණියක් වගේ ජීවත් වන මේ අයට ගොඩාක් දෙනෙක් කියන්නේ “ලේඩී බෝයි“ කියලා.

සමහර ආසියානු රටවල් වල ඉතාමත් බහුල වශයෙන් ජීවත්වෙන මේ වගේ අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ නීති විරෝධි ලිංගික වෙළඳාමයි.

සෙක්ස් වර්කස්ලා වශයෙන් හංවඩු ගැහැණු මේ අයගේ සිතුම් පැතුම් තේරුම් ගත්තු එක්තරා පිරිසක් මෙයාලා වෙනුවෙන් රූප රාජිණි තරඟයක් සංවිධානය කරලා තිබුණා.මේ උත්සවය තායිලන්තය වගේ රටවල දැන් හුඟාක් ජනප්‍රිය උත්සවයක් වෙලා.



උපුටා ගැනීමකි.....

Wednesday, February 19, 2014

ලිංග විපර්යාසයට පත් අබුසෑමියෝ

ජැමී ඊගල් (Jamie Eagle) උපත ලද්දේ පිරිමි දරුවකු ලෙසයි. ලුවිස් ඩේවිස් (Luvis Davies) උපත ලද්දේ ගැහැනු දරුවකු ලෙසයි. මේ වන විට ඔවුහු විවාහ ගිවිසගෙන සිටිති. එහෙත් තව මාස ‍ෙදාළහකට පමණ පසුව සිදුවන ඔවුන් අතර විවාහයේදී ජැමී ගැහැනිය ද ලුවිස් පිරිමියාද බවට පත්වනු ඇත.

එසේ වන්නේ මේ වන විටද පිරිමියකු ලෙස උපන් ජැමී හා ගැහැනියක ලෙස උපන් ලුවිස් ලිංග වෙනස්වීමකට බඳුන් වෙමින් සිටින හෙයිනි. කලක් තිස්සේ ඔවුන් දෙදෙනා ස්වාභාවිකව ලිංග විපර්යාසයට බඳුන් වෙමින් සිටියත් විවාහයට පෙර වෙනස් ලිංගිකයන් ලෙස පරිපූර්ණත්වයට පත්වීම සඳහා අවශ්‍ය වෛද්‍ය සැත්කම් හා මානසිකත්වය වැනි අනෙකුත් කාරණා සඳහා ඇති ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට යෑමට ඔවුහු තීරණය කොට සිටිති.

මේ වන විට විසි හැවිරිදි වියේ පසුවන ජැමී හා විසි පස් හැවිරිදි වියේ පසුවන ලුවිස් ජීවත් වන්නේ එකටය. මෙසේ යුවළක් ලෙස ප්‍රසිද්ධියේ ජීවත් වන ඔවුනට එල්ල වන අපහාස උපහාස හා තාඩන පීඩන අරියාදුවල කෙළවරක් නැති බව ඔවුහු ප්‍රකාශ කරති.
පසුගියදා ජැමී - ලුවිස් යුවළ බි්‍රතාන්‍යයේ ITV රූපවාහිනී නාළිකාව ඉදිරියේ පෙනී සිටියේ සාම්ප්‍රදායිකත්වය හා යල් පිනූ ආකල්ප සමාජයෙන් තුරන් කිරීමට එය පියවරක් වනු ඇතැයි විශ්වාසයෙනි. එසේ ප්‍රසිද්ධියේ තමන් දෙදෙනාගේ තත්ත්වය කියාපෑමෙන් යම් පහසුවක් සැලැසෙනු ඇති බවත් තමන්ගෙන් ඊට දායකත්වයක් ලැබෙනු ඇතැයි සිතූ බවත් ඔවුහු කියා සිටියහ. එසේම The Sun ƒ£ Independent පුවත්පත්වල ද ජැමී - ලුවිස් කතාව පළකෙරිණි.

ජැමී හා ලුවිස් පළමු වතාවට මුණගැසී ඇත්තේ වසරකට පමණ පෙර විශ්වවිද්‍යාලයේදීය. ඔවුන් දෙදෙනාම තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වෙති. ඒ වන විට පිරිමියකු ලෙස පෙනී සිටි ජැමී තමාගේ ලිංග විපර්යාසය පිළිබඳ රහස තමාගේ විශ්වවිද්‍යාල මිතුරු මිතුරියන් කණ්ඩායමට හෙළිදරවු කිරීමට තීරණය කර තිබිණි. එම කතාව කීමට ජැමීට ආරාධනා කරනු ලැබුවේ ලුවිස් විසිනි.

පළමු හමුවීමෙන් පසු කිසිදු දිනෙක ඔවුන් දෙදෙනා වෙන්ව ජීවත් වී නැති බව රූපවාහිනී සාකච්ඡාවේදී කියැවිණි. එක් නිවෙසක ජීවත්වන මෙම දෙදෙනා අතර ඇති ලිංගික සබඳතාව ගැන ප්‍රශ්න කිරීමට රූපවාහිනී නිවේදකයා අමතක කළේ නැත. ඊට පිළිතුරු වශයෙන් ලුවිස් කියා සිටියේ ඔවුන් දෙදෙනා තවම ඔවුන්ගේ වෙනස්වූ ශරීර සමඟ එබඳු ක්‍රියාකාරකමකට හැකියාවකින් යුතු නොවන බවයි. එහෙයින් තම විවාහයට පෙර වෛද්‍යමය සැත්කම සම්පූර්ණ කරගත යුතුව ඇතැයි ලුවිස් කියා ඇත. ජැමී ද කියා සිටියේ තවත් බොහෝ මානසික හැඩගැසීම් ඇතුළු විවිධාකාරයේ ක්‍රියාදාම තුළින් පමණක් තමන් විවාහයට සම්පූර්ණ සූදානම් යුවළක් බවට පත්වනු ඇති බවයි.
මෙම සාකච්ඡාව තුළදී ලිංග විපර්යාසයනට බඳුන් වන්නන් ලෙස ඔවුන් මුහුණපෑ අත්දැකීම් හා දුෂ්කරතා ද ප්‍රකාශ විය.

ජැමීට අනුව පිරිමියකු ලෙස උපත ලැබුවත් තමා පිරිමියකු නොවන බවට ඔහුට අවබෝධ වී තිබුණේ ඔහුට වයස තුනේදී පමණය. ළදරු පාසලේදී ඔහු සැමවිටම ගැහැනු ළමයින්ගේ ඇඳුම් ආයිත්තම් ඇඳීමට කැමැති විය. ජැමී මුල්වරට තමා තුළ ලිංග විපර්යාසයක් සිදුවන බව දැනුම් දුන්නේ වයස 16දී ඔහුගේ සහෝදරියටයි. ඇය අනවශ්‍ය කලබලයකින් තොරව ඊට සවන් දීම ඔහුට ධෛර්යයක් විය. එහෙත් පවුලේ අනෙකුත් අයට එම රහස අනාවරණය කිරීමට තවත් කල් ගතවී තිබිණි. එසේම ලිංග විපර්යාසය ඉතා සෙමින් සිදුවූ බව ඔහු කියයි. ඊට වසර හතරක පමණ කාලයක් ගතවූ බවද ජැමී කියයි.

තමා තුළ සිදුවන ලිංග විපර්යාසය හේතුවෙන් පාසල් පන්තියේ ළමයින් අතරදී ඔහුට දැනුණේ වෙනස්කමකි. ඔහු පිරිමි ළමයින් අතරට නොගැළපිණි. එසේම ගැහැනු ළමයින් අතරටද නොගැළපිණි. හැමදෙනාම සිතුවේ ඔහු සමලිංගිකයකු ලෙසයි. ඔහුට නොයෙකුත් නම් පටබැඳි අතර කවටකමට ඔහුගේ හිසකේ මත චුයිංගම් ඇලවීමට ළමෝ ක්‍රියා කළහ. ද්විතීයික පාසලේ වයස අවුරුදු ‍ෙදාළහ වෙද්දී ඔහු පිරිමි ළමයින් අතර හිඳීමට කැමැත්තක් දැක්වීය. එහෙත් ඔහුට තිබුණේ ගැහැනු කටහඬකි. එහෙයින් නැවැත ඔහුට කවටකම් විඳින්නට සිදුවිය.
"මට ලැබී තිබුණේ වැරැදි ශරීරයක් නොවේ. නමුත් මට ලැබී තිබුණු අවයව නිවැරැදි වූයේ නැහැ. මා එම අවයවලට වෛර කළ අතර තරුණ වියේදී ඒවා කපා දැමිය හැකි නම් කියා සිතුවා" ජැමී හා ලුවිස් දෙදෙනාටම කියා සිටියහ. දෙදෙනාටම තරුණ ලක්‍ෂණ ලැබීමේ අවධිය බියජනක සිහිනයක් වී තිබිණි.

තමාට හැමදේම පැටලිලි සහිත වූ බව ජැමී කියයි. තමා සමලිංගිකයකු නොවන බව ඔහුට විශ්වාස විය. එහෙත් තමා වෙනස් බවද ඔහු දත්තේය. අවසානයේ ජැමීට සිය තත්ත්වය පිළිගැනීමටත් පිරිමියකු වෙනුවට ගැහැනියක වීමටත් ධෛර්යයක් වී තිබුණේ ටුල්සියා නම් වූ සිනමා තාරකාවය. ඇයගේ සෘජු ආකල්පත් මන බඳනා රූපශ්‍රී යත් ජැමීට ගැහැනියක ලෙස පෙනී සිටීමේ ආශාව වැඩි කොට තිබිණි. ජැමී ඒ මඟ ගෙන තිබේ. තමා තැබූ පියවර හේතුවෙන් සමාජයේ මිශ්‍ර ලිංගිකයන් වශයෙන් ජීවත්වන හා ලිංගික ගැටලු සමඟ ජීවත්වන අයට උපකාරීත්වයක් වේ යැයි ජැමී සිතයි. මේ වන විටත් තමා නිසා ඔවුන් දිරිමත් වූ බව බොහෝ දෙනකු කියන අතර ගැටලු ඇති තරුණ දරුවන්ගේ මවුපියන් උපදෙස් පතා ඒමට පටන් ගෙන ඇතැයි ජැමී කියයි.

ලිංගය කවරක් වූවත් නොසිතූ ආකාරයේ ලිංග විපර්යාසයකට බඳුන් වූවත් ජීවිතය ජීවත් කරවිය යුතු වේ. පිරිමියකු ලෙස ඉපදී ගැහැනියක වූ ජැමී ද ගැහැනියක ලෙස ඉපදී පිරිමියකු වූ ලුවිස් ද එම අරගලයේ යෙදෙමින් සිටී. දෛවය ඔවුනට එතරම් අකාරුණික වී නැත්තේ තනි නොතනිය ඔවුන් දෙදෙනා එක්කරලීමට කටයුතු සලසමිනි. ජැමී - ලුවිස් යුවළ තමන් හමුවේ ඇති අභියෝග ජය ගනිමින් මාස ‍ෙදාළහකට පසු විවාහ වනු ඇත.








රු කාරියවසම්
උපුටා ගෑනිම මවුබිම ඔන් ලයින්.
http://www.mawbima.lk/54-33719-news-detail.html

Tuesday, February 18, 2014

ගැහැණු පිරිමි බව වෙනස් කරගත් පෙම් යුවල

ඇමරිකාවේ ඔක්ලහාමා ප්‍රදේශයේ වාසය කරන කැතී හිල්ස් සහ ඇගේ පෙම්වතා වන ඒරින් ඇන්ඩෘස් සුවිශේෂී පෙම්වතුන් යුවලකි.








18 හැවිරිදි කැතී උපත ලැබුවේ මේරින් කොලෝනල් හට පුතකු ලෙසින්. උපන් දා සිට වසර 15ක් ලුක් නමින් පිරිමි දරුවකු ලෙස හැදී වැඩුන ඔහු සිය 16 වන උපන්දිනයේ දී නැවතත් අළුත් උපතක් ලැබුවා.






මේ වනවිට 16 වන වියේ පසුවන ඒරින් උපත ලැබුවේ එමරල්ඩ් නම් ගැහැණු දරුවකු ලෙසටයි. ඇය බැලට් නර්ථනයේ ප්‍රවීණ නර්ථන ශිල්පිණියක් සේම රූප රාජිණියන් තේරීමේ තරඟ වලදී ජයග්‍රහණයන් ද ලබා තිබෙනවා.












කැතී පවසන්නේ වයස අවුරුදු 3 දී සිටම ඇයට ගැහැණු දරුවකු වීමේ අවශ්‍යතාවය තිබූ බවත් ඇයට තිබූ පිරිමි ශරීරයට දැඩි අකමැත්තක් දැක්වූ අතර බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමට ඉතා කැමැත්තක් දැක් වූ බවත් ය.




එසේම කාන්තාවක් වීමට පෙර උවද ඇයට AA කප් ප්‍රමාණයේ පියයුරු තිබූ බවත් ඇය පවසනවා

තමන් දෙදෙනාම එකම ගැටළුවකට මුහුණ දුන් අය නිසා ඉතාමත් හොඳින් ගැලපෙන බවත් අංගසම්පූර්ණ සහකාරියක් සහ සහකරුවෙක් ලෙස ඔවුනොවුන්ට හැඟෙන බවත් ඒරින් සහ කැතී වැඩිදුරටත් පවසා සිටිනවා.