Tuesday, February 18, 2014

ගැහැණු පිරිමි බව වෙනස් කරගත් පෙම් යුවල

ඇමරිකාවේ ඔක්ලහාමා ප්‍රදේශයේ වාසය කරන කැතී හිල්ස් සහ ඇගේ පෙම්වතා වන ඒරින් ඇන්ඩෘස් සුවිශේෂී පෙම්වතුන් යුවලකි.








18 හැවිරිදි කැතී උපත ලැබුවේ මේරින් කොලෝනල් හට පුතකු ලෙසින්. උපන් දා සිට වසර 15ක් ලුක් නමින් පිරිමි දරුවකු ලෙස හැදී වැඩුන ඔහු සිය 16 වන උපන්දිනයේ දී නැවතත් අළුත් උපතක් ලැබුවා.






මේ වනවිට 16 වන වියේ පසුවන ඒරින් උපත ලැබුවේ එමරල්ඩ් නම් ගැහැණු දරුවකු ලෙසටයි. ඇය බැලට් නර්ථනයේ ප්‍රවීණ නර්ථන ශිල්පිණියක් සේම රූප රාජිණියන් තේරීමේ තරඟ වලදී ජයග්‍රහණයන් ද ලබා තිබෙනවා.












කැතී පවසන්නේ වයස අවුරුදු 3 දී සිටම ඇයට ගැහැණු දරුවකු වීමේ අවශ්‍යතාවය තිබූ බවත් ඇයට තිබූ පිරිමි ශරීරයට දැඩි අකමැත්තක් දැක්වූ අතර බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමට ඉතා කැමැත්තක් දැක් වූ බවත් ය.




එසේම කාන්තාවක් වීමට පෙර උවද ඇයට AA කප් ප්‍රමාණයේ පියයුරු තිබූ බවත් ඇය පවසනවා

තමන් දෙදෙනාම එකම ගැටළුවකට මුහුණ දුන් අය නිසා ඉතාමත් හොඳින් ගැලපෙන බවත් අංගසම්පූර්ණ සහකාරියක් සහ සහකරුවෙක් ලෙස ඔවුනොවුන්ට හැඟෙන බවත් ඒරින් සහ කැතී වැඩිදුරටත් පවසා සිටිනවා.






0 comments:

Post a Comment