Tuesday, July 29, 2014

උපතින් පසුව ලිංග විපර්යාස සිදුවෙන්නේ කොහොමද?





සත්වයාගේ උප්පත්තිය ලිංග භේදයක්‌ සහිතව සිදුවීම වන්නේ ස්‌වභාව ධර්මය අනුවයි. එහෙත් උපතින් පසුව ලිංග විපර්යාස සිදුවීම් ගැන කොතෙකුත් තොරතුරු අනාවරණය වෙයි.

මිනිස්‌ හැඟêම් උපදවන ක්‍රමයත් සිතුවිලි ක්‍රියාකරන විදියත් පුදුම සහගතය. මිනිස්‌ හැඟêම් ස්‌ත්‍රී ලක්‍ෂණවලට අනුරූප සිදුවීමත්, ඒ අනුව ගොඩනැංවෙන චිත්ත වේගයට ගැළපෙන අයුරින් ශරීරය ඉන්ද්‍රීය පදනමක්‌ ඇතිවීමෙන් ස්‌ත්‍රියක ඉපදෙන්නේය. පුරුෂයෙකු ඉපදෙන්නේ පුරුෂ ලක්‍ෂණවලට අනුරූප වන හැඟêම් ඇතිවීමෙන් වන චිත්ත වේගයකින් වූ ශාරීරික ඉන්ද්‍රීය උපද වීමෙනි.

ග්‍රහ ලෝකයේ කුජ නොහොත් අඟහරු සහ සිකුරු ග්‍රහයන් දෙදෙනා සත්වයාගේ උපතට අදාළ ක්‌ලේශයන් ඇති කරයි. රවි සහ සඳු ග්‍රහයන් දෙන්නා විසින් මෙම ක්‌ලේශයන් ඇති කිරීමට උරදෙන භෞතික ඉන්ද්‍රිය පදනමක්‌ වෙයි. සත්ත්වයාගේ මෙලොව ඉපදීමට ඉවහල් වන ක්‌ලේශයන් යටපත් කරන්නේ සෙනසුරු ග්‍රහයාය. රවි, සඳු, කුජ, සිකුරු යන ග්‍රහයන් සෙනසුරුගේ වේගය අනුව බලයෙන් දුර්වල වූ විට උපදින ඇතැම් අය ස්‌ත්‍රී පුරුෂ භාවයක්‌ නොලැබ ඉපදීමක්‌ සිදුවීමේ ඉඩකඩ වැඩිය. මේ අය නපුංශක ලිංගේන්ද්‍රයන්ගෙන් වූ අයවන්නෝය.

සත්වයාගේ ක්‍රියාත්මක වේගය ස්‌ත්‍රී රූපාකාරයකින් යුතු චිත්තවේගයකින් ක්‍රියාත්මක වනවිට ශරීරයේ ලිංගේන්ද්‍රිය අභ්‍යන්තරයට (ඇතුළට) නෙරායයි. එසේ වන්නේ ස්‌ත්‍රී රූපකාර චෛතසික වේගයට අනුවය. එවිට ස්‌ත්‍රී ලිංගේන්ද්‍රියන් ඇතිවේ. පුරුෂ රූපකාර චිත්ත වේගයකින් උපදවනු ලබන සත්වයාගේ ක්‍රියාත්මක ශක්‌තිය වේගවත් වීමෙන් ලිංගේන්ද්‍රිය පිටට (පිටතට) නෙරා යැම නිසා පුරුෂ ලිංගේන්ද්‍රිය ඇතිවෙයි.

මේ ක්‍රම දෙකටම (අභ්‍යන්තරයට නෙරා යැමත් පිටට නෙරායැමත්) නොගැළපෙන පරිදි චිත්තවේගය අස්‌ථායි අවස්‌ථාවට පැමිණි විට ස්‌ත්‍රී පුරුෂ භාවයකින් හැඳින්විය නොහැකි ලිංගේන්ද්‍ර තත්ත්වයක්‌ ඇති වීමෙන් නපුංශක ගණයට වැටෙයි. නපුංශක ලිංගික වශයෙන් පුරුෂ රූපාකාර සත්වයන්ද ස්‌ත්‍රී රූපකාර සත්වයන්ද සිටිති.

ස්‌ත්‍රී ලක්‍ෂණ සහිතව නපුංශකයෙකු වශයෙන් උපත ලබන අය ජීවන ගමනේ අතරමග පුරුෂයෙකු වීමේ ලක්‍ෂණ පහළ වූ විට ඉන්ද්‍රීය තත්ත්වයන් පිටට නෙරායැමක්‌ සිදුවේ. පුරුෂ ලක්‍ෂණ ඇතිව නපුංශක වශයෙන් උපදින අය ස්‌ත්‍රියකු වීමේ ලක්‍ෂණ ඇති වූ විට ඉන්ද්‍රීය අභ්‍යන්තරයට නෙරා යැමක්‌ සිදුවේ. පුරුෂයෙකු වීමේ ලක්‍ෂණ දිස්‌වීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් ස්‌ත්‍රී ගතිගුණ දුරස්‌ වී පුරුෂ රූපකාර චිත්ත වේගය දියුණුවීම නිසා අදහස්‌වල වැඩි වේගවත් ස්‌වභාවයක්‌ ඇතිවෙයි. නමුත් ස්‌ත්‍රියක වීමේ ලක්‍ෂණ පහළවීමෙන් තමාගේ කලින් පෞරුෂය හීන වී යන්නේය.

රවි, සඳු, කුජ, සිකුරු යන ග්‍රහයන්ගේ ශක්‌තිය සෙනසුරුගේ බලයෙන් පීඩාවට පත් වුවත්, යෝග කාරත්වයේ බලය ඇතිවීම සඳහා කාලයක්‌ ගතවීම හේතු කොටගෙන ලිංග විපර්යාස සිදුවෙයි.

ලිංග විපර්යාසයක්‌ ඇතිවන්නේ අධික කාමාචර සිත් ඇතිවීමෙන් හා ගොඩනැංවීමෙන් ඒවා තෘප්තිමත් කර ගැනීම සඳහා කාමයෙහි බලවත් ලෙස යෙදීමෙනි. මෙය අකුසල කර්මයකි. බුදුන් දවස මේ පිළිබඳව ඉන්දියාවේ කාශ්මීර් අසල පිහිටි නගරයක සිටානවරයෙකුට ඇති වූ විපාකයක්‌, ඇබැද්ධියක්‌ ගැන සඳහන් වෙයි. සොරෙයව් සිටානෝ දිය නෑමට යන විට රූප සම්පත්තියෙන් යුත් භික්‌ෂු නමක්‌ දැක මේ අය තමන්ගේ භාරයට ගනුවස්‌ චිත්තවේගයක්‌ ඇති කර ගත්තේය. ඒ ක්‌ෂණයෙන්ම සොරෙයව් සිටානෝ ස්‌ත්‍රී භාවයක්‌ ලැබුවේය.

මේ නයින් බලන විට ලිංග විපර්යාසය ඇති වන්නේ අධික කාමභෝගී ෙච්තනා සිත් තුළ ඇති වීමෙනි.

නපුංශකයෙකු ලෙස උපත ලබන්නේ ඉහත ආත්මයේ (පෙර සසරේ) ජීවිත කාලයේ අකුශල කර්මවල ඇලී සිටි අයයි. ප්‍රතිසන්දිය පිහිටන අවස්‌ථාවේදී සඳු වෙත, කුජ සිකුරු දෙදෙනාගෙන් බලවත්ම ආකර්ශනය ලැබු ග්‍රහයාගේ ලිංගික භාවය ප්‍රතිසන්ධිය ලැබූ තැනැත්තාට පිහිටන වග නාරද සංහිතාවෙන් පැහැදිලි කරයි.



උපුටා ගෑනිම
හදහන ලංකා
(ජ්‍යෙdෂ්‍ය පොත පත ඇසුරින්)

0 comments:

Post a Comment