Tuesday, July 29, 2014

අසාමාන්ය චර්යා හා ආකල්ප 1


අසාමාන් චර්යා හා ආකල්ප



අසාමාන් ලිංගික චර්යා වර්ග දෙකකට බෙදේ. එනම් පාරවේශනත්වය (transvestism) හා ලිංගික හුවමාරුව (transsexualism) යන්නයි. මින් පාරවේශනත්වය යන්නේ අදහස නම් ප්රතිවිරුද්ධ ලිංගික පක්ෂයේ ඇඳුම් ඇඳීම ආදියෙන් තමා දරන ලිංගිකස්වභාවය යටපත් කිරීමයි. මෙහිදී ඔහු හෝ ඇය මතුපිට පෙන්වනුයේ තමාගේ ප්රතිවිරුද්ධ ලිංගික චර්යා තමට ඇති බවයි. මේ ස්වභාවය ස්ත්රී, පුරුෂ දෙපක්ෂය තුළම විද්යමාන විය හැක. අද සමාජයේ මේ තත්ත්වය බහුල වශයෙන් දක්නට ලැබේ. එය එක්තරා අයුරකින් මෝස්තරයක්‌, විලාසිතාවක්සේද සමාජය තුළ ව්යාප්ත වී පවතී. නමුදු මෙහිදී වටහා ගත යුත්තේ මෙය කුමන අයුරකින් කුමන හැඩයකින් සමාජයේ ව්යාප්ත වුවද මෙහි මූලය අනිවාර්යයෙන්ම විකෘති මානසික චර්යා කේන්ද් කරගත්තක්බවයි. අද සමාජයේ තරුණයන්, තරුණියන් මෙන්ද, තරුණියන් තරුණයන් මෙන්ද කැපී පෙනීම සඳහා විලාසිතා කරනු බෙහෙවින් දක්නට ලැබේ. මෙය හුදු විලාසිතාවක්පමණක්නොවේ. ඉන් ඔබ්බට යැමට සමත්වන එක්තරා මනෝ විකෘති ලිංගික චර්යාවක්පසුබිම් කර ඇති වූ තත්ත්වයක්බව වටහා ගත යුතුය. මෙය අවබෝධ කර ගැනීම නිසා මානසික රෝගී චර්යාවන්ට සමාජ අනුබලය ලබාදීමෙන් වැළකීමට හැකියාවක්ඇති වේ. එය ඉතා වැදගත්ය.
ඇතැම් තරුණයෝ ස්ත්රීන් මෙන් ඇඳුම් පැළඳුම් හැඳීමට ආභරණ පැළඳීමට රුචිකත්වයක්දක්වති. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්වලින් ඉඟිකරනුයේ ඔවුන්ගේ සිතැඟි කුමන දිශාවකට සකස්වෙමින් පවතින්නේදැයි කියාය. බොහෝ විට මේ තරුණයන්ගේ යටි කය වැසීමට හඳිනු ලබන නිතඹ තෙක්පහළට රූරා එල්ලා වැටෙන ස්වරූප වූ කලිසම් වැනි ඇඳුම්වලින් පවා ඉඟි කරනුයේ ස්ත්රීන්ගේ සාය විලාසිතාවට මඳක්සමාන බවකි. සාමාන්යයෙන් තරුණයන් සිය කලිසමට ඉණ පටිය බැඳ හැඳීමේදී ඔවුන්ගෙන් දිස්වන පුරුෂ බවට ආවේණික කඩවසම් බව වෙනුවට මෙබඳු විලාසිතාවලින් ස්ත්රී ලාලිත්යයම හුවාදැක්වේ. මෙය සමලිංගික චර්යා සඳහා කරන ආරාධනාවන් වැන්න. මෙබඳු චර්යා ඇති අය ඉන් පහසුවෙන් කුල්මත් වේ. ස්ත්රීන් මෙන් හිසකෙස්දිගට වැවීම, කරාබු, මාල, වළලු, ස්ත්රීන් පළඳනා පැළඳීම, දෙතොල්, නෙතුපිය, ඇහිබැම, නිය සායම් කිරීම, ලාලිත්යවත් ගමන බිමන, හැසිරීම ආදිය ස්ත්රීන් සේ පැවැත්වීමෙන් සෙසු පිරිමින්ගේ ලිංගික ආකර්ෂණය ලැබීමට මොවුහු ප්රිය කරති. ස්ත්රීන් සේ ඉතා තුනී මධුර කටහඬ, ඇද පැද ලාලිත්යමය කතාබහ ආදිය මොවුන් හැඳින ගැනීමේ ලක්ෂණයි

විලාසිතා හා ඇඳුම් පැළඳුම්


ප්රතිවිරුද්ධ ලිංගික ඇඳුම් පැළඳුම් භාවිතයට හුරු වූ ස්ත්රී පුරුෂ, දෙපක්ෂයේ අය ප්රසිද්ධියේ ඇඳුම්වලින් සැරසී සිටීමට දක්වනුයේ නොමඳ රුචිකත්වයකි. මේ අනුව පුරුෂයෝ ස්ත්රියකගේ සියලු ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීම ප්රිය කරති. සාය, හැට්, සාරි, සල්වාර්, කුර්තා හා =ජින්ස්වැනි මතුපිට ඇඳුම් පැළඳුම් ඇඳීමට පමණක්නොව, ස්ත්රී යට ඇඳුමින් පවා සැරසී සිටීම ප්රිය කරති. මේ අනුව යට සාය, යට බැනියම, තිසරපට හා යට කලිසම් පවා හැඳීමට රුචිබවක්දක්වති. මෙබඳු පිරිමි බොහෝ විට අනුන්ගේ රෙදිවැල්වල වේලීමට දමා ඇති කාන්තා ඇඳුම් සොරා ගැනීමේ නරක පුරුද්දට පවා ඇබ්බැහි වී ඇති බව පෙනී යයි. පරීක්ෂණවලදී මොවුන් විසින් රහසේ සඟවා තබා හඳිමින් තෘප්තියක්ලැබීම පිණිස මෙබඳු ඇඳුම් එක්රැස්කරන බව සොයාගෙන තිබේ. සම්පූර්ණ ස්ත්රියකගේ සම්පූර්ණ ඇඳුම් පැළඳුම්වලින් සැරසී, රූපලාවන් ක්රම භාවිත කර සිය පුරුෂ හැඩය මුළුමනින්ම මකා දමා වෙනුවට ස්ත්රියක සේ සැරසී ප්රසිද්ධ සමාජය තුළ සැරිසැරීමට මෙබඳු පිරිමින් ඉතා ප්රියය. බොහෝ විට මෙබඳු ස්ත්රීන් සේ පෙනී සිටිමින් වෙනත් පිරිමින් සමඟ මොවුන්ද මේ සේවනය කිරීමට පවා යොමු වේ.
මෙබඳු පිරිමි වෙනත් පිරිමින්ගෙන් ලිංගික ආකර්ෂණය තමා වෙතට ඇද ගැනීමට සමත් සමලිංගිකයින් (gay) සේ හැඳින්වේ. ඉඩක්හා අවස්ථාවක්ලද විටකදී සිය කායික ආශා තෘප්ත කර ගැනීම පිණිස මෙබඳු අය යොමුවනුයේ පිරිමින් වෙතය. මොවුන් හා කායිකව එක්වීම ස්වභාවයෙන්ම ඉතා ප්රිය කරන පිරිමි කොටසක් සිටිති. මෙබඳු පිරිමි ස්ත්රීන් සමඟ කායිකව එක්වීමට වඩා ප්රිය කරනුයේ මෙබඳු අයගෙන් ලිංගික තෘප්තිමත් වීමටය. ස්ත්රීන්ගේ හැඩරුවට සමානව ඇඳුම් පැළඳුම් හැඳ සිටියද, ජීව විද්යාත්මකව ස්ත්රීන් නොවන බැවින් ස්ත්රී ලිංගික අවයව මොවුන්ට පිහිටා නොතිබීම ලිංගික චර්යා පැවැත්වීමේදී අඩුපාඩුවක්කර නොගැනීමට මොවුහු වගබලා ගනිති. මේ අය බොහෝ විටදී සිය ලිංගික අවයව සේ භාවිත කරනුයේ මුඛය හා ගුදයයි. (anus) ඊට වඩා වෙනස්ලිංගික චර්යා මගින් අවශ් තෘප්තිය ලැබීමට හුරු වූ අය ඔවුන් අතර සිටිති. ඔවුන් බොහෝ විට දෙකලවා, හස් මෛථුනය බඳු උපක්රම භාවිතයෙන් ලිංගික සහකරුව බොහෝ සේ සතුටට පත්කරති. සමහරු මෙබඳු අය ඇසුරට වඩා ප්රිය වනුයේ ඔවුන්ගේ මෙබඳු අසම්මත ලිංගික චර්යා (abnormal sexual behavior) නිසාය.
මේ වර්ගයේ ස්ත්රීන් සිය ස්ත්රී ස්වභාවය මුළුමනින්ම යටපත් කර පිරිමි සේ ජීවත් වීමට ඉතා ප්රිය කරන බව පැහැදිලි වී තිබේ. මොවුහු කලිසම්, කමිස, සරම්, පිරිමි කබා කලිසම්, කොට කලිසම් හැඳීමට ප්රිය කරති. එසේම පිරිමි යට ඇඳුම් පැළඳුම් හැඳීමට විශේෂ කැමැත්තක්දක්වති. බොහෝ විට මතුපිට පෙනෙන සිය ස්ත්රී ලිංගික අවයව තද කර හිර වන සේ තිසර පට ආදිය හැඳ ඊට මතුපිටින් පිරිමි ඇඳුම් හඳිනුයේ පියයුරු මතු වූ විට පුරුෂ ස්වරූපය ඉස්මතු නොවන බැවිනි. බොහෝ විට තමා නියම පිරිමියෙකු බව සමාජයේ සෙසු අයට ඒත්තු ගැන්වීමට පිරිමි මිතුරන් සමඟ කල්ලි ගැසී විවිධ පුරුෂ ක්රියාකාරකම්වල නිරතවීමට මොවුහු යොමු වෙති. ඇතැම් විටෙක සෙසු පිරිමි කරන්නාක්මෙන් ස්ත්රීන්ට විවිධ ලිංගික විහිළු තහළු පවා කරති. පිරිමි සමඟ මත්පැන් බීමට, දුම්වැටි ඉරීමට පවා යොමුවෙති. විවිධ අවස්ථාවල නිර්භීතබව පලකර ගැටුම්වලට පවා යොමුවේ. නමුදු මෙබඳු ස්ත්රීහු පිරිමි සමඟ කිසිදු කායික සබඳතාවක්ඇතිකර නොගැනීමට පරෙස්සම් වෙති. ඔවුන්ගේ රුචිකත්වය නම් වෙනත් ස්ත්රීන් කායිකව ඇසුරු කිරීමටයි. ස්ත්රීන් හා කායිකව සිදුවන රමනය බාහිරව භගමනිය (clitoris) පරාමර්ශනය කරා තෘප්තිමත් කරවීමකි. මේ නිසා ඔවුහු ස්ත්රී සුරතාන්තය සඳහා නාරි මෛථුනයේ යෙදෙන්නියන් (lesbian) සේ හැඳින්වේ.

ඇතැම් ලෙස්බිනියන්වරියන් ස්ත්රීන්ව තෘප්ත කරවීම පිණිස කෘතිම පුරුෂ ලිංග පැළඳ (artificial penis) ස්ත්රීන් හා මෛථුනයේ යෙදෙති. මෙම කෘතිම පුරුෂ ලිංග හා ලිංගික උපකරණ විsකිණීම සඳහා ලිංගික වෙළෙඳසල් (sex shops) පවා විදේශීය රටවල ඇත. විවෘත ආර්ථිකය හරහා මෙරට වර්තමානයේ බෙහෙවින් වාණිජකරණය වී ඇත. විදේශවල දක්නට ලැබෙන ඇතැම් දේ මෙරට විවෘත වෙළඳපළ තුළ විකිණීමට තබා තිබේ. නුතනයේ ස්ත්රී ඇඳුම් විලාසිතා බොහෝ විට නැඹුරුව ඇත්තේ පිරිමින්ගේ ඇඳුම් පැළඳුම් අනුකරණයට බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ස්ත්රීන්ට සම තැන දීම, පිරිමි සමානව සැලකීම බඳු මොළශෝධන උපක්රම හරහා මෙරට ස්ත්රීන් නොදැනුවත්වම ඔවුන්ව විජාතික මතවාදවල ගොදුරක්කර පහසුවෙන් ලිංගිකත්වය අලෙවි කර ගැනීමට පොළඹවා තිබේ. පුරුෂාධිපත්යයට එකම විසඳුම ස්ත්රී සමලිංගික සේවනය බව මෙබඳු දුසිරිත්වලට යොමු වූ ස්ත්රීන්ගේ ආකල්පයයි. වැඩිහිටි ස්ත්රීන් බොහෝ විට ළාබාල දැරියන්ව සමලිංගික චර්යාවලට යොමුකර ගන්නා බව දක්නට ලැබේ. ස්ත්රී නේවාසිකාගාර බඳු ස්ත්රීන්ම සිටින තැන්වල මෙබඳු සමලිංගික චර්යා බහුලය.








0 comments:

Post a Comment