Tuesday, July 29, 2014

එයාර් ලයින් ලේඩි බෝයි





ලේඩි බෝයි, ට්‍රාන්ස් සෙක්ෂුවල්, ට්‍රාන්ස් ජෙන්ඩර්, කියන්නේ ගැහැනුත් නොවන පිරිමිත් නොවන තුන්වැනි වර්ගයේ ලිංගික තත්ත්වයක්. ඒත් මේ අය බාහිරෙන් වඩාත් සමීප වෙන්නේ කාන්තාවන්ට. ලෝකයේ වැඩිම ලේඩි බෝයිස්ලා ජීවත් වෙන්නේ තායිලන්තයේ.
තායිලන්තයේ ගුවන් සේවය මේ ළඟදී අලුත්ම වැඩක් පටන් ගත්තා. PC යන නමින් තියෙන තායි ගුවන් සමාගම තමන්ගේ ගුවන් යානා කාර්ය මණ්ඩලයට බඳවා ගත්තේ ලේඩි බෝයිස්ලා.
ලබන අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුව, චීනය, හොංකොං හා දකුණු කොරියාවට ලේඩි බෝයිස්ලා රැගත් ගුවන් යානා ගමන් කරන්න නියමිතයි.
පිරිමි ආක්‍රමණශීලියි. ගෑනු අහංකාරයි. ඒත් මේ ලේඩි බෝයිස්ලා හරිම ළෙන්ගතුයි. මඟීන්ට හොඳ සත්කාරයක් ඔවුන් ගෙන් ලැබෙනවා. අපි ඒකයි අපේ ගුවන් යානා කාර්ය මණ්ඩලයට තනිකරම ලේඩි බෝයිස්ලා බඳවා ගත්තේ.PC ගුවන් සමාගමේ සභාපති පීටර් චාන් විශ්වාසයකින් එහෙම කියනවා.


0 comments:

Post a Comment