Friday, August 8, 2014

සාරි පාඩම් -2

සාරි පාඩම් -2




සාරියට සපත්තු
එදිනෙදා සාරිය අදිද්දි ලස්සනට ඇදිම වගේම
කල්පැවැත්ම ගැනත් හිතන්න ඕනි.
සාමාන්ය ගමනට බිමනට අදින සාරියට මිල
අධික ,අනර්ඝ පාවහන් ගැන කරදර වෙන්න
වුවමනා නැහැ.සාරියට ලස්සන චාම් ඉතා සරල
මෝස්තර ඇති පාවහනුයි. ඉදිරිපසින් ඇගිලි
වැසෙන්නට මැසු පාවහන් සාමාන්යෙයන්
සාරියට පළදින්නේ නැහැ .සිහින් පටි දෙකක් යෙදු
පාවහන් පාට කිහිපයකින් මිලදී ගන්න,.සිහින් පටි දෙක
යෙදු පාවහන් එක් පටියක් ගැලවුනු විට ඇවිදිම
අපහසුයි. ඒ ගැන හිතනවානම්, ඔබ ඒ මෝස්තරයට
අකැමතිනම් වෙනත් සරල මෝස්තරයකට යන්න.
සාමාන්ය මිල අධික පාවහන් යුවලක මිලට ඔබට සරල
මෝස්තරයේ පාවහන් යුගල් කිහිපයක් මිලට ගන්න
පුළුවන්.පාවහන් මහන්නෙක් ලවා සරල
මෝස්තරයේ පාවහන් වර්ණ තුන හතරකින්
මස්සවාගැනිමෙන් ,වෙළද පලේ ඇති පාවහන් වලට
වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
කළු පැහැ පාවහන් ඕනෑම පාට සාරියකට අදින්න
පුළුවන්.කළු ,දුඹුරු,බේජ්,සුදු වැනි වර්ණ කිහිපයක
පාවහන් තබාගන්න.වැසිකාලයට ඔබ ළග ඇති සියළුම
පාවහන් පළදින්න එපා.වැහි දවස්වලට අදින්නට වතුරට
ඔරොත්තු දෙන,වතුර උරා නොගන්නා,වතුර
නොරදන ,සිපොන්ජි ආදිය රහිත පාවහන් යුවලක්
තබාගන්න.
 නිතර වැඩි වශයෙන් ඇවිදින්න සිදුවෙනවානම් රළු
පාවිච්චියට ඒ සදහා වෙනම ශක්තිමත්,පාවහන්
යුගලක් තබාගන්න.එයින් පාවහන් කැඩීම
වලක්වා ගන්න පුළුවන්.පාවහන් යුගල් 3 ක් හෝ 4 ක්
තිබිම ඕනෑම වර්ණයක සාරියකට හොදින්ම
ප්රමාණවත්.
පාවහන් යුවල හා අත් බෑගය එක් වර්ණයකින් විය
යුතුයි.
සාරියට ගැලපෙන වරණයේ නිය ආලේපන පාවිච්චි
කිරීම මගින්,ඔබ හැම සාරියකටම පළදින්නේ එකම
පාවහන් යුගල වුනත්, පරිපුර්ණ පෙනුමක් ලැබෙනවා.
දෙපා ,විළුඹ ,නියපොතු අපිරිසුදු නම් ඔබ මොනතරම්
අනරඝ පාවහන් පැළදුවත් අවලස්සනයි.
කළු පාවහන් යුවලකට ,එසේත් නැතිනම් සිහින් පටි
දෙක යෙදු මිලෙන් අඩු පාවහන් පැළදුවත්,සාරියට
ගැලපෙන නිය ආලේපන පාවිච්චි කිරීමෙන් ඉතාම
සම්පුර්ණ පෙනුමක් ලැබෙනවා.
ඔබට, පාවහන් හා අත් බෑග් බොහොමයක්
තිබේනම්,පාවහන් හා අත් බෑගය සාරි
හැට්ටයේ වර්ණයට ගලපන්න.නොමැතිනම්,
සාරියේ කැපි පෙනෙන වර්ණය,බොහෝ විට
මෙය සාරියේ දෙවෙනියට ඇති වර්ණයයි.අත් බෑගය
හා පාවහන් එයට ගලපන්න.
සාරිය ඉතා දිප්තිමත් වර්ණ සහිත එකක් නම්,අදුරු
පැහැ හෝ ලා පැහැ අත් බෑග් පාවහන් වලින් එහි
කැපී පෙනෙන බව අඩුකල හැකියි. අව
පැහැ සාරියකට ඇස් ආකර්ශනය වන වර්ණයකින්
අත්බෑග පාවහන් ගැලපිමෙන් එහි අවපැහැය අඩුකර
ගත හැකියි.
ඔබ කොයිතරම් උස වුනත් පැතලි පාවහන් දැමීම
සාරියට සුදුසු නැහැ. අඩුම තරමින් අගලක් වත් උස
පාවහන් යුවලක් පාවිච්චි කරන්න. සිහින් පටි යෙදු
පාවහන් සාරියට ලස්සනයි.එමෙන්ම පිටුපසින් පටි
දැමු/විළුඹ පස වැසෙන පාවහන් වලින් සම්පුර්ණ
පෙනුමක් ලබාදෙනවා මෙන්ම එය ආරක්ෂිතයි.
හැබැයි ,මතක තියාගන්න පාවහන්වල ඇති
බකල් ,එවැනි වෙනත් අලංකාරයට යොදන ලෝහ
කැබලි පබලු ,සිකුවින්ස්,කුඩාගල් වර්ග ආදියට සාරිය
පටලැවෙන්නත් ,පැටලී සාරිය ඉරෙන්න වගේම
ඔබව පැටලී වැටෙන්නත් පුළුවන්.
පාවහන් වල අඩිය ගැනත් සැලකිලිමත්
වෙන්න.,ඉතා සිහින් උස් අඩියක් ඇති පාවහන් වලට
පෑගි සාරිය ඉරිය හැකියි.
ඔබ සාරියට දැමිමට මිලදී ගන්නා පාවහන්වල මතුලිට
හොදින් අතගා බලන්න.ඇමිනෙණ විදියේ කොටස්
අතට අහුවෙනවානම්,ඒ කියන්නේ එය
සාරියේ පැටලෙන්නටද පුළුවන්.මතුපිට සුමට පාවහන්
ගන්න සැලකිලිමත් වෙන්න.



ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

0 comments:

Post a Comment