This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, February 18, 2014

ගැහැණු පිරිමි බව වෙනස් කරගත් පෙම් යුවල

ඇමරිකාවේ ඔක්ලහාමා ප්‍රදේශයේ වාසය කරන කැතී හිල්ස් සහ ඇගේ පෙම්වතා වන ඒරින් ඇන්ඩෘස් සුවිශේෂී පෙම්වතුන් යුවලකි.








18 හැවිරිදි කැතී උපත ලැබුවේ මේරින් කොලෝනල් හට පුතකු ලෙසින්. උපන් දා සිට වසර 15ක් ලුක් නමින් පිරිමි දරුවකු ලෙස හැදී වැඩුන ඔහු සිය 16 වන උපන්දිනයේ දී නැවතත් අළුත් උපතක් ලැබුවා.






මේ වනවිට 16 වන වියේ පසුවන ඒරින් උපත ලැබුවේ එමරල්ඩ් නම් ගැහැණු දරුවකු ලෙසටයි. ඇය බැලට් නර්ථනයේ ප්‍රවීණ නර්ථන ශිල්පිණියක් සේම රූප රාජිණියන් තේරීමේ තරඟ වලදී ජයග්‍රහණයන් ද ලබා තිබෙනවා.












කැතී පවසන්නේ වයස අවුරුදු 3 දී සිටම ඇයට ගැහැණු දරුවකු වීමේ අවශ්‍යතාවය තිබූ බවත් ඇයට තිබූ පිරිමි ශරීරයට දැඩි අකමැත්තක් දැක්වූ අතර බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමට ඉතා කැමැත්තක් දැක් වූ බවත් ය.




එසේම කාන්තාවක් වීමට පෙර උවද ඇයට AA කප් ප්‍රමාණයේ පියයුරු තිබූ බවත් ඇය පවසනවා

තමන් දෙදෙනාම එකම ගැටළුවකට මුහුණ දුන් අය නිසා ඉතාමත් හොඳින් ගැලපෙන බවත් අංගසම්පූර්ණ සහකාරියක් සහ සහකරුවෙක් ලෙස ඔවුනොවුන්ට හැඟෙන බවත් ඒරින් සහ කැතී වැඩිදුරටත් පවසා සිටිනවා.






ජීවිතයට ඉතා වැදගත් වන ලිංගික අනන්‍යතාව [Sexual Identity]

මෙලොව වසන ඕනෑ ම ජීවියකු ලිංග බේදය අනුව ප්‍රධාන වශයෙන් කාණ්‌ඩ දෙකකට වර්ගීකරණය කළ හැකි ය. එනම් ස්‌ත්‍රී ලිංග හා පුරුෂ ලිංග වශයෙනි. එහෙත් මෙකී ප්‍රධාන කාණ්‌ඩ දෙකට අයත් ජීවී බහුතරය හැරුණු කොට නපුංසක ලිංග යනුවෙන් ද වෙන් වූ ප්‍රජා කොට්‌ඨාශයක්‌ ඇති බව අපි දනිමු. ම`ග තොටේ දී හමු වන පිරිමින් ලෙස හැඩ වූ ගැහැනුන් මෙන්ම ගැහැනුන් ලෙස හැඩ වූ පිරිමින් ද අප කොතෙකුත් දැක ඇත. මෑතක දී අගනුවරාසන්න ව නපුංසක ලිංග කාණ්‌ඩයට අයත් ප්‍රජාවක්‌ (neuteral community) සංවිධානය වී ඇති බවට ද විවිධ තොරතුරු අනාවරණය විය. කෙසේ වෙතත් නපුංසක ලිංගිකයන් කෙරෙහි සමාජය තුළ පවතින්නේ පිළිකුල් සහගත මතයකි. බොහෝ අවස්‌ථාවන්හි දී මෙවන් පුද්ගලයන් ගේ අස්‌වාභාවික හැසිරීම් (abnormal behaviours) හේතු කොටගෙන විවිධ අයුරින් ඔවුන් අපහරණයට ලක්‌ වීම නොවැළැක්‌විය හැකි ය.

සංසන්දනාත්මකව බලන කල අතීතයේ මෙන් නො ව, වර්තමානයේ නපුංසක ලිංගිකයන් බහුල වශයෙන් දක්‌නට ඇත. ඒ අතරින් ද බහුලව වෙසෙනුයේ ගැහැනුන් ගේ විලාසය ගත් පිරිමින් වීම විශේෂයකි. ඔවුන්ට ආවේණික විශේෂිත වෘත්තීන් ද සමාජයේ ප්‍රචලිත වී ඇත. මෙකී පුද්ගලයන් ගේ දේහ ලක්‌ෂණ, කටහඬ, අනුකරණය කරන්නා වූ විලාසිතා හා හැසිරීම් ඉතා අස්‌වාභාවික වන අතර අන් අය ගේ අවධානය යොමු කරවා ගැනීමට ඔවුහු දැඩි රුචියක්‌ දක්‌වති.

වර්ධනය වන නපුංසක ජනගහනය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා කාලෝචිත වන අතර නපුංසක ලිංගිකත්වය කෙරෙහි පවතින මනෝ විද්‍යාත්මක විවරණය අවබෝධ කරගැනීම ඉතා වැදගත් වේ.

මනෝවිද්‍යානුකූලව ගත් කල මිනිස්‌ හැසිරීම් කෙරෙහි සෘජු ව ම බලපානු ලබන්නේ මනසේ ක්‍රියාකාරීත්වයයි. මනසේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මොළය තුළ ඇති රසායනික සංඝටක දායකත්වය දක්‌වයි. එබැවින් මානසිකව ඇති වන ව්‍යාකූලතා හෙවත් මානසික රෝග කෙරෙහි ද මනස තුළ ඇති රසායනික සංඝටක බලපාන බව මෙයින් පැහැදිලි වේ. ලිංගික අනන්‍යතාව පිළිබඳ ගැටලු පැවතීම ද එක්‌තරා මානසික රෝගයකි. මෙය Gender Identity Disorder ලෙස නම් කර ඇත. මේ රෝගය සහිත පුද්ගලයන් විවිධ නින්දා, අපහාස විඳිමින් ජීවිතය පුරාවට කල් ගෙවන අතර, සමාජ භීතිකාව (Social Anxiety), විශාදය (Depression) ආදී මානසික රෝගවලට ද ඉතා ඉක්‌මනින් ගොදුරු වීමේ අවකාශයක්‌ පවතී.

මෙවන් අවාසනාවන්ත රෝගී තත්ත්වයකට පත් වීම කෙරෙහි එම පුද්ගලයන් ගේ කිසිදු දායකත්වයක්‌ නොමැති අතර බොහෝ විට මවු කුස තුළ භ්‍රෑණ අවධියේ දී ඇති වන හෝමෝන අසමබරතාවන් (hormone imbalanc) මේ සඳහා බලපානු ලබයි. එපමණක්‌ නො ව මෙය ජාන විකෘතිතා (genetic abnormalities) හෙවත් අසාමාන්‍ය ජාන වර්ධනය වීම හේතුවෙන් ඇති වන සුලබ සිද්ධියක්‌ ලෙස ජාන විද්‍යාඥයන් දැනට සිදු කොට ඇති පර්යේෂණ ඔස්‌සේ සනාථ වී ඇත.

මෙකී පුද්ගලයන් ගේ මනස ක්‍රියා කරනු ලබන්නේ විරුද්ධ ලිංගිකයකු ලෙසිනි. එනම් පිරිමි තමන් ස්‌ත්‍රීන් යෑයි සිතා කටයුතු කරන අතර ස්‌ත්‍රීහු තමන් පුරුෂයන් යෑයි සිතා කටයුතු කරති. එබැවින් ඇඳුම් පැළඳුම්, කතා බහ, සිනාසීම, ඇවිදීම ආදී සියලු ඉරියව් ඉතා අස්‌වාභාවික ස්‌වරූපයකින් යුතු වේ.

මේ ලිංගික අනන්‍යතාව පිළිබඳ රෝගයට (Gender Identity Disorder) නිසි පිළියම් සොයාගෙන ඇති නමුත්, ශ්‍රී ලංකාව තුළ පවතින මානසික රෝග පිළිබඳව වන අවම දැනුවත්භාවය හේතුවෙන් ඒ පිළිබඳව දැනුවත් පුද්ගලයන් ඇත්තේ ඉතා සුළුතරයකි.

ප්‍රතිකාර (Treatments)

මෙකී ලිංගික අනන්‍යතාව පිළිබඳ රෝගය ඇති වීමට කිසියම් නිශ්චිත වයසක්‌ නොමැති වන අතර, ළමා විය, යොවුන් විය, මැදි විය, මහලු විය යන ඕනෑ ම ජීවන අවධියක දී මෙයට ගොදුරු වීමේ අවකාශය පවතී. එහෙත් ප්‍රතිකාර වශයෙන් දැනට සොයාගෙන ඇති Endocrine treatment ලබා දීම සඳහා අදාළ පද්ගලයා වැඩි විය පැමිණ තිබීම අනිවාර්ය වේ. මන්ද මේ ප්‍රතිකාරය හෝමෝන පදනම් කර ගනිමින් කරනු ලබන ප්‍රතිකාරයක්‌ වන බැවිනි. එහෙයින් ළමා වියේ දී මෙවන් රෝගී ලක්‌ෂණ දක්‌නට ලැබුණ ද, දරුවා වැඩි වියට පැමිණෙන තුරු ප්‍රතිකාර කිරීමේ හැකියාවක්‌ නො පවතී.

Endocrine ප්‍රතිකාරය හැරුණු කොට ලිංගික අනන්‍යතාව තහවුරු කිරීම සඳහා Cross-sex hormone නමින් හැඳින්වෙන හෝමෝන ප්‍රතිකාරයක්‌ සිදු කළ හැකි ය. තව ද Gender confirmation surgery නැමැති ලිංගාශ්‍රිතව සිදු කෙරනු ලබන ශල්‍යකර්මය ද වර්තමානයේ සුලබව කරනු ලබයි.

ඉහත සඳහන් ප්‍රතිකාර ක්‍රම භාවිතයෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකි නමුත් ශ්‍රී ලංකාව තුළ මේ ප්‍රතිකාර ක්‍රම බහුලව දක්‌නට නො ලැබෙන බව කිව යුතු ය. එහෙත් මානසික සෞඛ්‍ය උපදේශනය, හෝමෝන ප්‍රතිකාර (hormone treatments) භාෂා හා කථන චිකිත්සා (speach therapy) ආදිය උපයෝගි කරගනිමින් ලිංගික අනන්‍යතාව පවත්වාගෙන යැමට උපකාරී වන ක්‍රමෝපායන් ක්‍රියාත්මක වන බැවින් මෙවන් පුද්ගලයන් උදෙසා එය මහත් අස්‌වැසිල්ලක්‌ වනු නොඅනුමාන ය.

නපුංසක ලිංගික කාණ්‌ඩයට අයත් පුද්ගලයන් හට අපහාසාත්මක නම් යෙදීමත්, ඔවුන් හාස්‍යයට ලක්‌ කිරීමත් මඟින් මනාව පැහැදිලි වන්නේ මානසික රෝග හා මනස පිළිබඳව සමාජයේ බහුතරයක්‌ තුළ ඇති නොදැනුවත්භාවයයි. එය හුදෙක්‌ සමච්චලයට ලක්‌ කළ යුත්තක්‌ නො වන අතර ඔවුන් ගේ මානසික තත්ත්වය නඟා සිටුවීමෙහි ලා කටයුතු කිරීම සමාජ වගකීමකි. මෙකී පුද්ගලයන් ගෙන් කිසිවකු හට කිසිදු හිරිහැරයක්‌ හෝ පීඩාවක්‌ නො වන නමුත් එය සමාජයට ම බලපාන ගැටලුවක්‌ ඉස්‌මතු කරලීමට සමත් වන බව කිව යුතු ම ය. එනම් වර්ධනය වන නපුංසක ජනගහණයත් සමග සමාජගත වෙමින් පවතින සමලිංගික සේවනය හුදෙක්‌ සමාජයට හා සංස්‌කෘතියට පටහැනි බැවිනි. එබැවින් මෙවැනි තත්ත්වයන් සීමා කිරීම සඳහා වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ පවතින යම් යම් අඩුපාඩු මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කිරීම මෙකී පුද්ගලයන් ඇතුළු සමස්‌ත ප්‍රජාවට ම කරන්නා වූ මහඟු සේවයකි.

අමා රූසිරි සිත්මල් සුබසිංහ
(මානසික සෞඛ්‍ය උපදේශිකා)

ලෝකෙම පුදුම කරවන ලංකාවේ ද්වි ලිංගිකයා

මා අත්විඳි මේ පුදුමාකාර අත්දැකුම ඔබට මා කෙසේ ලියන්නද? මේ ලියන මොහොතේත් මා සිත නළියන සිතිවිල්ල එයයි. එහෙත් එය කෙසේ හෝ ඔබට ලිවිය යුතුමය.
ජීවිතය මොහොතින් ‍මොහොත අත්දැකුමෙන් ම අප සිත් පුරවන ගබඩාවක් වැන්න. එක් අත්දැකුමක් අප සිත් තුළට වැද තවත් මොහොතකින් නිරුද්ධව යයි. එහෙත් ඒ අතර සුවිසල් එමෙන් ම විසිතුරු පුදුම උපදවන්නාවූ ඇතැම් අත්දැකුමක් නැදි මයිලන්සේ අප අතැර නොයයි. කෙනෙකුට ජීවිතයේ කවරදාවත් මතකය හැර නොයන අන්දමේ එවන් යමක් මම ඔබට කියමි.
ඔබ මනුෂ්‍යයන් ගැන හොඳින් දනී. එක්කෝ ඔව්හු පිරිමි වෙති. නැත්නම් ගැහැනු වෙති. එසේත් නැත්නම් මේ දෙකට ම නැති නපුංසකයෝ වෙති. ඒ අතර කවරකු හෝ සිටිය හැකිද? උත්තරය ‘සිටී’ යන්න ය. ඔව්හු නම් ද්විලිංගිකයෝය. තථාගතයන් වහන්සේ වදාළ “උභතොදණ්ඩක” නම් පිරිස මේ අය ද?
මට එවන් තරුණියක් රාගම බැසිලිකා දෙව් මැදුරේදි මුණ ගැසිණ. ඇයට පුරුෂ නිමිත්ත මෙන් ම ස්ත්‍රී නිමිත්ත යන දෙකම පිහිටා ඇත. රාගම රෝහලේ වෛද්‍යවරු රහසේ අවුරුදු ගණනාවක් ඇය ගැන පරීක්ෂණ පැවැත්වූහ. ඇය ගැන වාර්තා දැන් ලෝකය පුරා වෛද්‍ය කණ්ඩායම් අතට පත්වී තිබේ. තව ම ඒ පරීක්ෂණ හමාර නැත.
උපතින් අපහට උරුම වන යමක් කිසිවකුට වෙනස් කර ගන්නට බැරිය. ඉපදුණාට පසු කෙනෙකු තම ජීවිතයට එකතු කරගන්නා වැරැදි පුරුද්දකට සාවඥ සිනාවක් පෑම වරදක් නැත. ඉන් වැරැදි කරන්නා නිවැරැදි කර ගැනීමට යම්බඳු සානුබලයක් ලැබිය හැකි බැවිනි. එහෙත් අඳ, ගොළු, බිහිරි, ආබාධිත, නපුංසක, ද්විලිංගික මෙවන් කෙනෙකුට ජීවිතය ගොඩනඟා ගැනීමට සවිමත් අත්වැලක් වනු වෙනුවට උපතින් ලැබුණු දෙයට සිනාවීම, සමච්චල් කිරීම, සමාජයෙන් කොන් කිරීම සිදුවන්නේ නම් ඒ සමාජය ඒ පුද්ගලයාටත් වඩා ගඳ ගහන පාපකාරී එකකි.
පුරුෂ නිමිත්ත හෝ ස්ත්‍රී නිමිත්ත හරිහැටි පිහිටන සමාජ ජීවීන් නපුංසකයනට හෝ ද්විලිංගිකයන්ට හිරිහැර කිරීම පාපයකි. මේ ද්විලිංගිකයා රාගම බැසිලිකා දෙව් මැදුරේ දෙව් මව් සෙවණේ ආදරය රැකවරණ ලබනුයේ මේ සමාජ විපරීතයන් නිසාය. මනුෂ්‍යත්වයට මනුෂ්‍යත්වයෙන් සැලකීම පිළිබඳ ආදර්ශයෙන් ඔද වැඩුණු එහි පරිපාලක ප්‍රීයා ජයමාන්න පියතුමා කරුණාබරව මට මෙසේ කීවේය.
“ලලිතා හරිම පුදුම චරිතයක්. ඇය පිරිමියකු කරන ඕනෑම දෙයක් කරන්ඩ සූදානම්. ඇයට පුරුෂ ලකුණු මෙන් ම ස්ත්‍රී ලකුණුත් පිහිටි බව දැනගත්තම ඇය සමාජයෙන් මෙන් ම එයාගේ ගෙදරිනුත් තරමක් ඈත් වුණා. උපතින්ම කතෝලික ඇය රැකවරණය ආදරය සොයා ආවෙ බැසිලිකා දෙව් මැදුරට. රාගම රෝහලේ වෛද්‍ය කණ්ඩායම, පොලිසියේ මහත්වරු හා නෝනාවරු ඇයගේ සෞඛ්‍ය හා ආරක්ෂාව බලනවා. අප උනන්දු විය යුත්තේ උපතින් අපට උරුම වූ මනුෂ්‍යත්වයට සලකන්න.” ඒ වචන මෙන් ම ක්‍රියාව ද සුන්දරය. මිනිස්කමින් පිරිපුන්ය.
කොල්ලා පුතා කියා කතා කරනවාට ඇය ඉතා කැමැතිය. ගස් නඟින්නට, කාර් යටින් රිංගන්නට, බඩ පිනුම් ගහන්නට කොටින් ම පිරිමි කරන ඕනෑම දෙයක් කරන්නට ද ඇය සූදානම්ය. මා ඇයට ඇය යන වචනය යොදන්නේ උප්පැන්නයේ නම අනුවය. ඇයගේ උප්පැන්නේ නම ලලිතා මාලනී ඩයස් යන්නය.
එහෙත් පිරිමි ලක්ෂණ බොහෝ සේ පළකරන ඇයට මම තවදුරටත් ලලිතා නොකියමි. මම “ලලිත් මෙහෙ වරෙන් කොලුවෝ” කියා කතා කළෙමි. ඒ දෑස් දීප්තිමත් විය. ඒ විස්මිත කතාව ශිෂ්ට ආකාරයෙන් ම ලියන්නට මම දැන් වෙහෙසෙමි.
ඒ අතර බැසිලිකා දෙව් මැදුරේ කොන්ත කඩේ (පූජා භාණ්ඩ විකුණන තැන) අවුරුදු 22 ක් වැඩ කරන කුමාරි ලලිත් ගේ යෙහෙළිය කී කතාව ද මගේ මතකයට එයි.
මෙයා කොණ්ඩය හුඟාක් දිගට තිබුණු ලස්සන කෙල්ලක්. ටිකින් ටික කොණ්ඩය කපලා ටී ෂර්ට් සරම් කමිස අඳින්ඩ පටන් ගත්තා. කිලෝ 42 ක බරක් අදත් එයාට උස්සන්ඩ පුළුවන්. බර වැඩ කරන්ඩ ආසයි. එහෙත් මෙයාට ස්ත්‍රී පුරුෂ ලක්ෂණ දෙකම තිබෙන නිසා අප ඒවායින් වළක්වනවා. ඉතාම දුර්ලභ කෙනෙක්. මා හිතන්නේ ලෝකයෙන්ම මේ වගේ අය හමුවෙලා නැති තරම්… ඇයගේ කතාවට විරාමය තබා මම ඇය‍ දෙස හැරෙමි. වචන පුරුද්දා ඒ කතාව ඔබට කියමි.
“රාගම උල්පතකුඹුර මගෙ ගම. අක්කලා තුන්දෙනෙකුයි අයියලා දෙන්නෙකුයි ඉන්න පවුලක මං බඩපිස්සිය හැටියට ඉපදුණා. අපේ පවුලට ගමේ යමක් කමක් තිබුණා. මගෙ උප්පැන්නෙ නම ලලිතා මාලනි ඩයස්. නියමිත වයසෙදි අම්මලා තාත්තලා මාවත් රාගම කනිටු විදුහලට දැම්මා. 8 වසර දක්වා මං ආසාවෙන් ඉස්කෝලෙ ගියා. මට මුලින් ම තිබුණේ ස්ත්‍රී ලක්ෂණ විතරයි. වෙන ගැහැණු ළමයින්ට වගෙ මගෙ පපුවත් නෙරලා ඉස්සරහට ආවත් වයස 13 – 14 වෙන කොටත් මං ලොකු ළමයෙක් වුණේ නෑ.
ඒ කාලෙදිම මගෙ අම්මත් මට නැති වුණා. තාත්තාත් ඊට ටික කාලයයි ජීවත් වුණේ. මං ලෝකෙ අසරණ වුණා. ඒත් තාත්තා අම්මා මහගෙදර මගෙ නමට ලියලා මැරුණා. අක්කලත් අයියලත් සමාජයෙ නොයෙක් වැදගත් තැන්වල නිසා ඒ අයටත් මාව තරමක ප්‍රශ්නයක් වුණා. මගෙ ද්විලිංගික බව මට මුලදි තේරුණේ නෑ. සාමාන්‍යයෙන් ගැහැනු ළමයකුගෙ තිබෙන විදියට ස්ත්‍රී නිමිත්ත තිබුණට මගෙ මුත්‍රා මාර්ගය වැහිලා ඒකෙන් මතු වුණේ පුංචි පුරුෂ ලිංගයක්.
මුත්‍රා බර එන විට එය ප්‍රාණවත් වී එළියට එනවා. ඒ කටයුතු අහවර වුණාම ආයිත් ඒක ස්ත්‍රී නිමිත්ත ඇතුළට යනවා. මේ ගැන බැරිම තැන ලොකු සහෝදරියන්ට විතරක් නොවේ සහෝදරයන්ටත් කිව්වා. ඒ අය ඒක ගණන් ගත්තෙ නෑ, මෙහෙම දෙයක් කවුරුවත් හිතන්නෙ නෑනේ. ඒ අය කීවේ නහරයක් එළියට එනවා ඇති කියලයි. මං උදේ හවා හිස ගිනි අරගෙන වගේ කල්පනා කළා මේ ලෝකෙ පුදුමාකාර කරුමක්කාරියක් නේද මං කියලා. දිගින් දිගටම මේක කියවනකොට ඒ අය මාව අල්ලගෙන ගිහින් රාගම රෝහලේ වාට්ටුවකට දැම්මා. එහෙත් දවසක් දෙකක් දොස්තරලා පරීක්ෂා කරනකොට මං එදා වාට්ටුවෙන් පැනලා දිව්වා. අද නම් ඒ අය දෙවිවරු වගේ.
කොල්ලො කරන හැම වැඩක්ම මට පුළුවන්. ඕනෑම බර වැඩක් කරන්ඩ, ගස් නගින්ඩ, උස තාප්පවලින් පනින්ඩ මාත් ආසයි. මං සරමක් ඇඳගෙන මගෙ දිග කොණ්ඩය කපලා දැම්මා. කොල්ලෙක් විදියට ම වැඩ කළා. ඒත් සමාජය වපරැහින් මා දිහා බලලා සරදමට හිනා වුණා. මට තිබුණු එකම සෙවණ පල්ලිය විතරයි. මං එතැනට දුවගෙන ඇවිත් ජේසු සමිඳාණන්ට මගෙ දුක කිව්වා. අනේ! මං වගෙ අය තවත් ලෝකෙට උපද්දන්ඩ එපා කියලා දෙවියන් වහන්සේට යාඥා කළා.
ඒ කාලෙ හිටපු ගොඩ්ප්‍රි පියතුමා මට කරුණාවෙන් කතා කළා. දරුවො, ඔයා දුර්ලභ කෙනෙක්. ඔයාගෙ වෛද්‍ය වාර්තා මං රෝහලෙන් ගෙන්වා ගත්තා. මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත – පුතා දේව මෑණියන් හමුවන ගමන් මොනවා හරි ඉගෙන ගන්ඩ… උන්වහන්සේ කිව්වා.
සමහරු මට නපුංසකයා, සමලිංගිකයා කීවා. හිනාවුණා. වැරැදි දේවල් කරන්ඩ ආවා. ටික කලක් යනකොට රාගම පොලිසිය පවා මාව දැනගත්තා. මට සැනසීම දුන්නෙ බැසිලිකා පල්ලියෙ කන්‍යා සොයුරියන් හා පියතුමන්ලා. ඒ අය දරුවෙක් වගෙ මා රැකබලා ගත්තා. අද ඉන්න පාලක ජයමාන්න පියතුමාත් කරුණාබරයි. මගෙ ජීවිතයේ දුක නැති වෙන්ට ජීවිතය කියා දුන්නෙ ගොඩ්ප්‍රි පියතුමා හා ජූඩ් කියන ෆාදර්.
මට ඕනෑම වැඩක් කරන්ඩ පුළුවන් හින්දා ගොඩ්ප්‍රි පියතුමා තමන්ගෙ වියදමින් ටිකට් හදවලා මාව ඩුබායි රටට ඇරියා. ඒ පිරිසුදු කරන්නියක් හැටියට. මෙහෙ මෙඩිකල්වලට අහුවුණෙ නැති වුණාට ඩුබායි රටේදි ඒ මෙඩිකල් කටයුතු කරපු ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් මගෙ ලෙඩේ හොයා ගත්තා. ඒක වුණෙත් මට ඉවසගන්ඩ බැරි බඩේ අමාරුවක් වරින්වර හැදෙනවා. ඒ මුත්‍රා මාර්ගය අවහිර නිසා. මුත්‍රා කරන්ඩ අමාරු වුණාම ඒ බාබා මාව රෝහලට දැම්මා.
ඉන්දියන් ඩොක්ටර් පුදුම වෙලා, මෙයා හරි දුර්ලභ කෙනෙක්. දෙකම තියෙනවා. මෙයාගේ ලේ පරීක්ෂා කරන්ඩ. මේ වගේ දේවල් කියලා ලංකාවෙ වෛද්‍ය සභාවටත් මා හිතන්නෙ ලියුමකුත් එව්වා. ඒත් එක්කම මා ආයිත් ලංකාවට එව්වා.
ඊට පස්සෙ රාගම රෝහලේ වෛද්‍යවරු රහසේ මාව පරීක්ෂා කළා. ඩොක්ටර් මානෙල් කුරේ මාව බැලුවා. ඩොක්ටර් රාජපක්ෂ මාව බැලුවා. තවත් රෝහලේ වෛද්‍යවරු සියලු දෙනා පරීක්ෂා කළා. ඒ වාර්තා ඉන්ටනෙට් හරහා ලෝකයට ගියා. ඒ රටවලත් දැන් මා ගැන පරීක්ෂණ.
එසේ කියා සිටින අතරතුර ලලිත් (අප ඇයට දුන් නම) හිටි පිනුමක් ගසා තමා කොල්ලෙක් බව අපට පෙන්වයි. ගසක් නගින්නට උත්සාහ කරයි. ඇගේ පිරිමියකු වීමේ දැඩි මානසිකත්වය හා ප්‍රයත්නය දුටු මම කම්පා වීමි. ඒත් ඇය පිරිමියකු ද නොවේ යැයි කාට කිව හැකි ද? ඇයට පුරුෂ ලිංගයක් ද තිබේ. මාපියෝ ඇයගේ බැංකු පොතේ රුපියල් ලක්ෂ 18 ක් ඉතිරි කැර තැබූහ. ගේ දොර පවා හිමිව තිබුණේ ඇයටය. ඒත් මේ කෲර සමාජය ඒවා බි‍ඳෙන් බිඳ ඇයගෙන් උදුරාගෙන තිබේ. පවුලේ ඇතැම් අය ද එහෙමය.
මං ඒවා කැමැත්තෙන් දුන්නෙ මහත්තයො. දැන් පොතෙත් තියෙන්නෙ ලක්ෂ 4 යි. ඒ මං මැරුණම ඒ කටයුතු කරන්ඩ කියලා බාල භාරකරුවෙක්ට පවරලයි.
කසාද බඳින්ඩ යෝජනා ආවෙ නැද්ද? මම කුහුලින් තවත් විස්තර විමසමි.
එතකොට මට අවුරුදු 22 ක් විතර ඇති. ලස්සන දිග කොණ්ඩයක් තිබුණා. මං ඒ කාලෙ ඇන්දෙ කාන්තා ඇඳුම්. මාව කසාද බන්දලා දෙන්න සහෝදර සහෝදරියොයි කටයුතු කළේ. මාව එක්කගෙන ගිය මනමාලයා එදා රාත්‍රියෙම පොලිසි ගියා. එයා පොලිසියෙ ලොකු මහත්මයාට කීවා නපුංසකයෙක් මට රවටලා දීලා. දික්කසාදය අවශ්‍යයි කියලා. ඊට පහුවදාම උසාවි. විශේෂ අවස්ථාවක් යටතේ විනිශ්චයකාරතුමා මගේ නඩුව අහලා ඔළුවෙ අත ගහගත්තා. අපි දන්නෙ නෑ මෙහෙම. වංචාවක් කළේ නෑ. මගෙ සහෝදරියොත් කීවා. ආයෙත් බඳින්ඩ බෑ. දික්කසාදය තීන්දුයි කියලා එවෙලෙ ම මනාලයාට තීන්දුව දුන්නා. තව ඩිංගෙන් මං හිරෙත් වැටෙනවා.
මට මේ දෙව් මව්තුරුල හරිම සතුටුයි. දෙවියන් වහන්සේ මාව ඉපැද්දුවෙ දේව මෙහෙයට සහාය වන්ඩ. මං හිත හදාගෙන ඒ ටික කරනවා. මේ ලිංග ප්‍රශ්නය මට ප්‍රශ්නයක් නොවෙයි. ඒත් සමාජයට ගෙවල්වලට මේක වධයක්. ඒ නිසා මං වගෙ කෙනෙක් ලෝකෙට උපද්දන්ඩ එපා කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා. ලබන ආත්මෙ මං ඔයා වගේ ම හොඳ පුරුෂයෙක්.
කතාවට තිත තබමින් ඇය එසේ කියද්දී මම ඇයට වෙනත් අයට මෙන් හැඟීම් ඇතිවන්නේ නැතිදැයි ඇසුවෙමි. මොකද නැත්තෙ, මටත් හැඟීම් තියෙනවා. ඇය කීවාය. ඇයව පල්ලියේදී සුරැකිව බලා ගැනීමට රාගම පොලිසියේ නිලධරයකු ද සිටී. ඔහුගේ නම අමරසේනඅය. ඔහු කී කතාවද අපූරුය.
මෙයා හරිම දඟයි. දැන් කියලා කියලා ම හදාගෙන ඉන්නෙ. පිරිමියකු වගේ වැඩ කරනවා. ඒ වගේ ම පාන් එක හමාරක් විතර උදේට විතරක් ඕනෑ. දවල්ටත් හොඳට කන්ඩ ඕනෑ. හිස් අහසට අත් ඔසවා හඬන දරුවකු මෙන් ඇය ලෝකයෙන් මිනිස්කම ද දෙවියන්ගෙන් පිරිමිකම ද ඉල්ලා සිටී. ජීවිතය සුන්දරය. එහෙත් ඒ සුන්දරතා අස්සේ මෙවන් දුෂ්කර ප්‍රහේලිකා ද තිබේ.
ඇය පිළිබඳ ඔත්තුව ලබා දුන් ‘රසඳුන’ මාධ්‍යවේදිනි ටානියා මෝසස්ට හා රාගම බැසිලිකා දේවස්ථානයේ පාලක පියතුමන්ට මගේ ප්‍රණාමය.

 උපුටා ගෑනිම 

උපාලි සමරසිංහ
ඡායා – දුෂ්මන්ත මායාදුන්න
- සිළුමිණ


කෙහෙල්මල් ලබ්බ

පුංචි කාලෙ ඉදලම
මම ආසකරේ
බෝනික්කො නලවන්න..
කොල්ලො බෝලගහද්දි
මට ඕනෙ උනේ
සෙල්ලම් බත් උයන...
ටික ටික ලොකු වෙද්දි
කොල්ලො කෙල්ලො දිහා බලද්දි
මට ඕන උනේ කොල්ලො දිහා බලන්න..
බස් එකේ කොල්ලො ජැක් ගහද්දි
මට ඔනෙ උනේ
සුදු කොල්ලෙක්ට හේත්තු වෙන්න
උන් මම දැක්කාම හිනා වෙනවා..
යන් කියල කතා කරනවා...
එකයි ඉන්නෙ කියල  රොත්ත පිටින් එනවා..
ඊට පස්සෙන්දට ආයෙ
ඇවිදගන්නවත් බෑ....
මට මේක එපා වෙලා අයියෝ..
දෙයියො මට ඔක්කොම දීල
මට ඕනෙ විදියට ඇග දුන්නෙ නෑනෙ...
එහෙම උනානම්
කොල්ලො කැමතිවෙයි මට
අර පට්ට වේස කෙල්ලොන්ට නැතුව...
කොහෙද...
දෙයියො මට දුන්නෙ
මේ කෙහෙල්මල්
ලබ්බනෙ අයියෝ...



උපුටා ගෑනිම (පොඩි මහත්තයා ලියන ලට්ට ලොට්ට බ්ලොග් පිටුවෙන්)

සමනළයා , නපුංසකයා .....




ලෝකයේ ගැහැණු ඉන්නවාය... පිරිමිත් ඉන්නවාය... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැතිය...  ඒ වගේම ඔය දෙපැත්තටම නැති නපුංසක කියා ජාතියකුත් ඉන්නවාය.... ඔවුන් හරි අඩුය...  නමුත් අමතක නොකල යුතු දේ නම් ඔවුනුත් ඔය කියන ගැහැණු සහ පිරිමි වගේම මනුස්සයින් බවය...

නපුංසකයන් ලිංගයට අයත් අය සමාජයේ ඉද හිට දැකගත හැකිය...  පිටින් පිරිමියෙක් වගේ උනත් ගෑනු ගති පෙන්නන අය ඉන්නවාය... ඔය ඇහැට පේන අය පමනය...  නමුත් ඇහැට නොපෙනෙන සම්පූරණයෙන් ගැහැනියක් වගේ උනත් පුරුෂ ලිංගික අවයව තියෙන අයත් ඉන්නවාය...  වීඩියෝ පටවලින්  නොව ඇහැටම දැකලා තියෙනවාය... වීඩියෝ පටවලනම් වැඩිහරිය බොරුය..  ඔවුන් එක්ක කතා බස් කොරලාත් තියෙනවාය..... හොංකොන් ගිහින් තියෙනවානම් වීදුරු පෙට්ටිවල දාලා පනපිටින් ඉන්නව දැකගන්න පුලුවන්ය... ෂී මේල් ගනිකාවන් ඉන්න තැන් වෙනමම තියෙනවාය... දැකලා නැති නෝනා මහත්තුරු ඉන්නවානම්  හොර රහසේ සේෆ් සර්ච් ඕෆ් කර  ෂී මේල් කියා ගූගලේ කොටා බලනවා හොදය... බඩු බනිස් වෙන්න තියෙනවාය...


නපුංසක  කොටස් තුනක් ඉන්නවාලුය...

1.)පුරුෂ අවයව තිබුනත් ස්ත්‍රී ලිංගික පද්දතියක් ඇතුලතින් තියෙන අයය...

2.)ස්ත්‍රී ලිංගික අවයව තිබුනත් පුරුෂ ලිංගික පද්දතියක් ඇතුලතින් තියෙන අයය

3.)අනිත් කොටස අවයව සහ ලිංගික පද්දති දෙවිදියටම තියෙන අයය...   අර ෂී මේල් ලෙස හැදින්වුනේ ඒ අය ගැනය...

ඒ ඒ  ලිංගික පද්දතීන් නිසා ඇතිවන හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා  ඒ ඒ හැගීම් පහල වී ඒ ඒ ආකාරයට කටයිතු අකරණවාය

ඒත් අපේ සමාජයේ නෝනා මහත්යලාට මේවා ෆුල් මැජික්ය...  උදැල්ලෙන් කර කැපූ හැට්ට ඇදගෙන අඩ්යේ සාය අගල් හයක් පලා ඇදගෙන බාගෙට හෙලුවෙන් යනගමන්  මේ නංපුංසක ලිංගයට අයත් එකෙක්  ගෑහැණු ඇදුම් ඇදගෙන යනවා දැක්කෝත් නෝනලාට මල පනිනවාය...   නෝනලාගේ වගේ රවුමට බෝලවට නැති නිසා දෙස් දෙවොල් තියනවාය...
පිලිකුල් කරනවාය ... බිමට කෙල ගහනවාය...  ඊයා.. චිකේ.. කියනවාය... එහෙනම  ඔය නෝනලා  ජංගිය යට අදින පුංච් තුවා ටීවී එකෙ ඇඩ් එක දානකොටත්... වැඩේ උනාම බන්ඩක්කා උටපු හට්ටිය වගේ ඇතියැයි හිතී ප්රිමි අපිත්  චිකේ කියන්න ඕනෑය....

ඒත් එහෙම කරනවානම් ඌ අම්මාගෙන් බඩෙන් ආ එකෙක් නෙවේය..   

කාන්තාවකගේ මාසික ශුද්දය 100% ස්වාභාවික සංසිද්දියක් වගේම එය නැතිනම් එකම පිරිමියෙක් ලොවට ඉපදෙන්නේද නැතිය..  නංපුංසක ලිංගයත් එවැනිම ස්වාභාවික හේතුවක්ම වන්නේය...

එම නිසා චිකේ.. ඈක්කා.. ඊක්ක.. ඕක්ක කියන්න ඕනෑ නැතිය.....

මහත්තයලාත් එහෙමය... මේ පාත්තයලා ගන්නෙ ඊට වඩා දෙකයි පනහේ ආතල්ය... ඔය පාත්ත්යලාම හදාගත් අලුත් ත්‍රෙන්ඩ් එක්ක් තියෙනවාය... ඒ ඔය ජාතියේ උන් කොල්ලන්නට කැමති බවය... උන්ගෙන් ගාන කඩාගන්නද පුලුවන් බවය.... සමහරක් වෙලාවට වැඩේ ඇත්තය... බාහිරින් පුරුෂ අවයව තිබුනත් ඇතුලතින් ස්ත්‍රී ලිංගික පද්දතියක් හා ඒ හා අදාල හෝමෝන ඇති උන්ට.. මහත්තයාගේ නෝනාට අවශ්‍ය ගාන මහත්තයාට දෙන්න බැරි උන දවසට අල්ලපු ගෙදර එකාට කියා කබ්බා ජිලේ දාගන්න හිතෙනවා වගේම... පාත්තයාට ස්කෝලෙ යන පොඩි කෙල්ලෙක්ගේ ගවුම උඩ ගිහින්  පේන කකුල් දෙකට කලිසම ඇතුලේ ජියර් දානවා වගේම එයත් ඔවුන්ගෙත් ලිංගික අවශ්‍යතාවන්ය...  සමාජයේ සාමන්‍ය ලිංගික චර්යාවන්ට වඩා වෙනස් නිසා  සල්ලි දීලා හෝ වැඩේ කරගන්න ඔවුන් පෙලබෙනවාය...

සල්ලි තියෙන මහත්තයා රට  සමහර නෝනලා ස්කෝලෙ යන ඇහැට කනට පේන කොල්ලනව ෆෝන්ද අරවද මේවාද අරන් දී අල්ලාගෙන  කබ්බ ජිලේ දාගන්න එක කමක් නැතිය....  පාත්තයලා  ගෙදර චිකන් ෆ්‍රයිඩ්‍රයිස් තිබුනත් හැමදාම නොකන පරිප්පු හොද්ද හොයාගෙන ගොස දාස් ගනන් පූජ කර වතුරටික මාරු කරගෙන එන එක අවුලක් නැතිය...

ඒත් නංපුංස ලිංගිකයන් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවය ඉටුකරගන්නා එක හෙනම ප්‍රස්නෙය... ඔවුන් හදුන්වන්නෙ   "පොන්නයා"  කියාය...

දැන් ඒ වචනෙ මේ බ්ලොග් එකේ ලිවුවාට  පාත්තයලා නෝනලා රෙදි උස්සන් එනවා ඇතිය... ඒත් ඒ ඉස්සූ රෙදිම ඇදගෙන එක එකාට පොන්නයා කියා බැන වදිනවාය...   නපුංසක ලිංගිකයෙක් නොවුනත් ඔවුනම අවමන් කරන්නෙ පොන්නයා කියා බැන වැදිලාය...   එයින් පෙනී යන්නෙ ඔය නෝනලා පාත්තයලා හිතාගෙන ඉන්නේ  නංපුංසකයා යනු සමාජයේ පහත් පිරිසක් බයවය.... කොන්කල යුතු පිරිසක් බවය...

එයත් ගැහැණු පිරිමි වගේම එයත් එක ලිංග කොට්ටාසයක් බවත්.. ඔවුන්ගේ අවශ්‍යතා අපය සාපේක්ෂ කෝනයකින් බැලූවිට අසාමාන්‍ය සේ පෙනුනත් ඒවා අපට ඇතිවෙන හැගීම් මෙන්ම සාමන්‍ය හැගීම් නිසා ඔවුන් කරණ ක්‍රියාවන් බවත් තේරුම ගන්න ඕනෑය... .. ඊයා ච්කේ  කියා පිලිකුල් කරන්නවත්... පොන්නයා කියා බැනවදින්නවත්... අඩුම තරමේ ඒ වචනයෙන් හදුන්වන්නවත්.. ඔවුන්ට අනුකම්පා කරන්නවත් නොයා යුතුය..

තවත් සමාජයේ එක සාමන්‍ය මිනිසෙක් බව හිතින්ම තේරුම්ගන්න ඕනෑය...

අද්‍යාපනය ලැබීමේ අයිතිය...  ඕනෑම වෘතියක නියලීමේ අයිතිය... අදහස් දැක්වීමේ අයිතිය... වගේම තමන්ගේ ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමේ අයිතිය... ඇතුලු අනික් ගැහැනියට පිරිමියාට  ලැබිය යුතු සියලුම දේ අවිවාදයෙන් ඔවුන්ටත් ලැබිය යුතුය...

නොදන්න කම නිසා මොවුන් කොන්කිරීම සිදුවූවා විය  හැකිය.. බොහෝ දෙනා මේ ගැන කතාකරන්නේත් නැතිය... ඒවා කුණුහරුප නිසාය... පාසලේ විද්‍යාව හෝ සවුක්‍ය පාඩමටවත් නපුංසල ලිංගයක් ගැන උගන්වන්නේ නැතිය.. ඒවායේ තියෙන්නෙ කෙල්ලෙක්නම් ජම්බුගහෙන් වැටුනාම අහවල්තැන මයිල් එනවාය.. අහවල් වැඩේ මාසෙකට සැරයක් වෙනවාය.. කොල්ලෙක්නම්.... උගෙත් අහවල් තැන මයිල් ඇවිත් උගුරු ඇටේ ඉස්සරහට එනවා කියා විතරය... ඒවා උගන්නන මිස්ල සර්ලාත් ඕක කියන්නෙ කටේ තියාගෙනය... තමන්ගෙ එකේ වගේම අනිත් එකාගේ අහවලෙ එකේත් ඔය කියන මයිල ඇවිලා බව ඔක උගන්නනකොටම දැන් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ දන්නවාය....

අපි ඒ  ඒ ලිංගයන් ගැන දනා තරමට මේ ගැන නොඅසා තිබෙන නිසා සමාජ රෝගියෙකුට සේ ඔවුන්ට සැලකීම අතිෂ්‍යය අමානුෂිකය... අපි ඒ ගැනත් නිවැරදිව දැනගෙන නොදන්න යටත් කියා දී නියම මනුස්සයන් වන්නට ඕනෑය....

අවසානයේ පොඩිමෑන්ට පුල් ආතල් ඉමැජිනේෂන් එකක් එනවාය... ඒ මේකය...

 ඔය නපුංසක ලිංගයට පත්වීම උපතේදී වගේම ඉන් පසුවත් හෝමෝන ක්‍රියකාරීත්වය නිසා ඇතිවන්න පුලුවන්ලුය...

ඔය පට්ට ඩීසන් මහත්තයලා නෝනලාගෙත් අහවල් ඒවා මාරුවී අර චීයා ඈයියා ඒවා ඕනෙඋනොත් කොහොමට හිතේවිද
කියාය....



උපුටා ගෑනිම (පොඩි මහත්තයා ලියන ලට්ට ලොට්ට බ්ලොග් පිටුවෙන්)