This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, January 20, 2014

මෙන්න ලිංගික විපර්යාසයකින් කාන්තාවක් බවට පත් වු ශ්‍රී ලංකාවේ තවත් යුවතියක්.

ඈය ගෑන විස්තරයක් ඈයගේ වචනයෙන්ම.
මගේ නම සුරන්ජි අකිලා.මම දෑන් සන්ක්‍රාන්ති ලිංගික කාන්තාවකි.
මම ඉපදුනේ පවුලෙ තෙවන පිරිමි ලමයා ලෙසයි.ඒ 1985 මෑයි මසේ 21 වෑනිදා. ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ ගාල්ලේ මුහුදු තීරය ලග කුඩා ගම්මනයක.
අපේ පවුල මධ්‍යම පන්තික පවුලක්.
මම කුඩා පිරිමි ලමයෙක් වුනට අසාමාන්‍ය හෑගිමකින් මම පෙලුනා.
මම ගොඩක් කෑමති උනේ ගෑහෑනු ලමයින්ගෙ ඈදුම් අදින්න,ඒ වගෙම ගෑහෑනු ලමයින් කරන වෑඩ කරන්න.
ඒ කොහොම උනත් වයස 14දි මම තෙරුම් ගත්තා මම ඉන්නේ වෑරදි ශරීරයක කියලා මොකද මගෙ හෑසිරිම ගෑහෑනු ලමයෙකුගේ වගෙ නිසා.
ඉතින් මගෙ යලුවො මට කතා කලේ "අකි" කියලා ඒ කුඩා නමට මම ගොඩක් අස හිතුන මොකද ඒ නම පොඩි ගෑහුනු ලමයෙකුගෙ නමක් වගෙ නිසා.මගෙ නියම නමට වඩා මම "අකි" කියනවට ගොඩක් කෑමති උනා.
ඒ දෙවල් මොනව උනත් ගෙදර අය මට විරුද්ධත්වය ප්‍රකාශ කලා.ඒ අය මාව අනුමත කලේ නෑ.
හෑමොම විරුද්ධ උනත් මම ඉවසගෙන හිටියා මගෙ හිනය,බලාපොරොත්තුව උනේ කොහොම හරි ගෑහුනු ලමයෙකු වෙනවා කියන එක මම බලපොර්ත්තු අත ඈරියෙ නෑ.
අන්තිමෙදි මම 2011දි මම සන්ක්‍රාන්ති ලිංගික කාන්තාවක් විම ආරම්භ කලා එකට මගෙ ගෙදර අයත් උදව් කලා (පස්සෙ ගෙදර අය මගෙ තත්වය තෙරුම් ගත්තා)මම හොර්මොන ප්‍රතිකාරය අරම්භ කලා.දෑන් මට ගොඩක් සතුටුයි මම දෑන් කෙල්ලෙක්.
මගෙ ලිංග වෙනස් කිරිමෙ සෑත්කම තාම ඉවර නෑ එකත් මේ අවුරුද්දෙ වෙනවා.ඊට පස්සෙ මම සම්පුර්ණයෙන්ම කෙල්ලෙක්.මම මගෙ හිනය ජය ගත්තා මගෙ පවුලේ අයත් මව තෙරුම් ගත්තා.
මම දෑන් විදෙශ රටක රෑකියව කරනවා.මම හොටල් කර්මන්තය හොදට ඉගෙන ගත්තා එක නිසා මම මෙම කර්මාණ්තයේ විශේෂඥයෙක්.
මම  සංචාරය කරන්න කෑමතියි විවිධ රටවල,විවිධ අදහස් තියන පුද්ගලයන් මුනගෑහෙන්න,විවිධ සංස්කෘතින් දකින්න,මුලු ලෝකයම දකින්න ආසයි.
මෙන්න මගෙ විස්තර ටිකක් කෙටියෙන්.

මගෙ නම            : සුරන්ජි අකිලා
මගෙ කෙටි නම    :ඒන්ජල් (අකි )
වයස                   :   28
උපන් දිනය          :  1985.05.21
ජාතිය                  : සිංහල
ලිංගත්වය            :සන්ක්‍රාන්ති ලිංගික කාන්තාවක්.(සෑත්කමට පෙර )
තත්වය                :අවිවාහක
උස                     :167 සෙ.මි
පපුව(පියයුරු )      :34 යි
ඉඟටිය                 :25 යි
උකුල                  :33 යි
බර                      :46 කි.ග්‍රෑ
රැකියාව               :හොටල් කාර්මික මෝස්තරකාරිනි,නව අරමුනු වෑඩිදියුනු කරන්නි
විනෝදාංශ           :ඡායාරූප කරනය,සංචාරය



මෙන්න මගෙ චයාරුප ටිකක්.













Thursday, January 9, 2014

හරස් විලාසිතා (Cross Dressing)


හරස් විලාසිතා යනුවෙන් සරලව හදුන්වනු ලබන්නෙ කාන්තවක් පිරිමි ඈදුම් ඈදිම හො පිරිමියෙකු කන්තා ඈදුම් ඈදිමයි.
මෙසෙ හරස් විලසිතා කරනු ලබන්නෙ ලින්ගික විපර්යාසයන්ට ලක්වන්නන්ය.
මම මෙහි සදහන් කරන්නෙ පිරිමියෙකු කන්තා ඈදුම් ඈදිම පිලිබ්දවය.
පිරිමියෙකු කරනු ලබන කාන්තා විලසිතා.










සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි-Homosexuality is a natural tendency

සමලිංගිකතාවය යනු බටහිරෙන් එන අස්වාභාවික රෝගයක් ලෙස ඉන්දියානු සෞඛ්‍ය ඇමති විසින් සමච්චලයට ලක්කර ඇත. අපේ විමර්ශනවලින් පෙනෙන්නේ එය එසේ නොවන බවයි. 

සමලිංගිකතාවය යනු ස්වාභාවික ප්‍රවණතාවක් වන අතර එය කිසිසේත්ම රෝගයක් හෝ අස්වාභාවික දෙයක් නොවේ. 

සමහර ගැහැනුන් හා මිනිසුන් සමලිංගිකයින් වන්නේ ඇයි දැයි යන්න අද දක්වා මනෝවද්‍යාවෙන් විසඳා නොමැති පැණයකි. වෘත්තීමය වශයෙන් න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වුවද මා විනෝදාංශයක් ලෙසින් කරන මෝහන චිකිත්සාව සහ පුනරුත්පත්තිය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ විද්‍යාත්මක ක්‍රමය මෙම ප්‍රශ්ණය තරමක් දුරට පැහැදිලි කරගත හැක. 

අතීතයේ දී මේ ගැන සාකච්ඡා කිරීම ජුගුප්සාජනක දෙයක් ලෙස සැලකුනමුත් සමලිංගිකතාවය සෑම සමාජයකම රහසේ පැවත ඇත. අද සමාජයේ නම් සමලංගිකතාවය ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ හැකි විෂයයක් වී ඇති අතර එහි ප්‍රතිඵලක් ලෙස සමලිංගික උද්ගෝෂකයින් තම මානව අයිතිවාසිකම් ඉල්ලීමට පටන් ගෙන ඇත. 

සමහර කාන්තාවන් ඔවුන් ගර්භනී කාලයේ දී සමහර කෑම වර්ග එක්කෝ අතිශයින් ප්‍රිය කිරීමට හෝ නැත්නම් අතිශයින් පිළිකුල් කිරීමට පටන්ගන්නා අතර ඔවුන් ගේ එවැනි අවශ්‍යතා සපුරා දීමට සියළු දෙනාම සාමාන්‍යයෙන් පෙළඹෙති. දැන් අප දන්නා පරිදි මේ ආහාර පිළිබඳ සුවිශේෂී රුචිය හෝ අරුචිය ඇතිවන්නේ කාන්තාවගේ කුසයේ සිටිනා දරුවාගේ පෙර ආත්මයේ තිබු කැමැත්ත හෝ අකමැත්ත අනුවය. 

උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් මස් සහ මාළු සමග තම ආහාර ගැනීමට පුරුදු වී සිටි එක්තරා කාන්තාවක් ගර්භණී අවධියේ දී එළවළු පමණක් කෑමට ගන්නට පටන්ගත් අතර, දරු ප්‍රසූතියෙන් පසු ඇය නැවත සුපුරුදු මස් සහ මාළු සහිත ආහාර ගැණීමට පටන් ගත්තාය. දරුවා වැඩුනේ උපතින්ම ශාක භක්‍ෂකයෙකු ලෙසිනි. දරුවා පෙර ආත්මයේ දැඩි ශාකභක්‍ෂකයෙකු වී සිට ඇති බව පසුව සොයාගන්නා ලදී. 

මේ ආකාරයට, යම් පුද්ගලයෙක් මිය ගොස් නැවත උපත ලබන විට ඔහුට හෝ ඇයට පෙර ආත්මයේ තිබුණු ජීවන ආශාවන් වත්මන් ජීවිතයට ගෙනෙන බව පෙනේ. ඔහු හෝ ඇය එම ආශාවන් උපත ලැබීමෙන් පසු සපුරා ගැනීමට උත්සාහ කරනවා පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ අනාගත මව ලවා ද ඒ ආශාවන් සපුරා ගැනීමට බලපෑම් කරන බව පෙනේ. 

මේ ආකාරයටම, යම් පුද්ගලයෙක් මියගොස් නැවත ඉපදෙන විට ඔහු හෝ ඇය විසින් තමන් ගේ ලංගික ආශාවන්ද මේ ජීවිතයට ගෙනැවිත් නැවත උපදින්නා ගේ සිතෙහි තැන්පත් කරනු ලබයි. එවැනි ආශාවන් උපවිඥානයෙහි පතුලේ සැඟවී තිබෙන අතර, දරුවා වැඩී ලිංගික වශයෙන් සංවේදී වන කාලයේදී සිත මතුපිටට පැමිණේ. සමලිංගිකතාවය ඇතිවන්නේ හොඳින් ලිංගිකව ක්‍රියාශීලි පුද්ගලයෙකු මියගොස් නැවත උපත ලබන විට ස්ත්‍රී පුරුෂ බව වෙනස් වී ඉපදුණු විටය. 

පිරිමියෙක් මියගොස් නැවත මිනිස් ලෝකයේ ඉපදුනු විට ඒ ඉපදීම පිරිමියෙකු ලෙස හෝ කාන්තාවක ලෙස හෝ සිදුවිය හැකිය. ඒ ආකාරයෙන්ම කාන්තාවක් මියගොස් නැවත මිනිස් ලෝකයේ ඉපදුනු විට ඒ ඉපදීම කාන්තාවක් ලෙස හෝ පිමියෙක් ලෙස හෝ සිදුවිය හැකිය. 

පිරිමියෙකු නැවතත් පිරිමියෙකු ලෙස උපත ලද විට, වත්මන් සිරුරේ ලිංගිකත්වය නිසා ඇතිවෙන ලිංගික ආශාවන් පිරිමි ලිංගික ආශාවන් වන අතර, තම සිත ඇතුලේ ඇති පෙර ආත්මයෙන් ගෙනා ලිංගික ආශාවන්ද එලෙසම පිරිමි ලිංගික ආශාවන් නිසා ඒවා එකිනෙක පෑහී සවි ගැන්වේ. එවිට ඔහුට දැඩි පුරුෂ අවශ්‍යතා සහිත පෞරුෂත්වයක් හිමිවේ. එවැනි පිරිමියෙකු හා විවාහ වන කාන්තාවක ඉතා වාසනාවන්ත අයෙකු වන අතර ඇයට සම්පුරණයෙන් ම තෘප්තිමත්වූ අපිස් විවාහ ජීවිතයක් ලැබෙනු ඇත. 

කාන්තාවක් නැවතත් කාන්තාවක් ලෙසින්ම ඉපදුනහොත් ඒ අවස්ථාවද මෙයට සමාන වන අතර ඇයට කාන්තා ආශාවන් සහ ස්ත්‍රීත්යෙන් පිරි පෞරුෂත්වයක් හිමිවෙනු ඇත. එවැනි කාන්තාවක් හා විවාහවන පිරිමියෙකු ඉතා වාසනාවන්ත අයෙකු වන අතර ඔහුට සම්පුරණයෙන් ම තෘප්තිමත්වූ අපිස් විවාහ ජීවිතයක් ලැබෙනු ඇත. 

පිරිමි සහ කාන්තාවන් බහුතරය අයත් වන්නේ ඉහත දැක්වූ දෙවර්ගයටය. 

උපතේ දී ලිංගික වෙනස්කමක් ඇතිවන පුද්ගලයන් ඉතා සුළු ප්‍රතිශතයක් ඇත. එවැනි අවස්ථාවන් හි දී පිරිමියෙකුගේ පිරිමිබවද, කාන්තාවක ගේ ස්ත්‍රීබවද නිසි පරිදි වර්ධනය නොවේ. 

පිරිමියෙකු මියගොස් කාන්තාවක ලෙස උපත ලැබුවොත් ඇගේ සිරුරේ ඇති කාන්තා ආශාවන් සහ ඇගේ සිත පතුලේ ඇති පිරිමි ආශාවන් එකිනෙක ගැටේ. සාමාන්‍යයෙන් මේ ප්‍රතිවිරුද්ධ ආශාවන් සම්පුර්ණයෙන්ම හෝ අඩ වශයෙන් එකිනෙක උදාසීන කර දමයි. මේ ජීවිතයේ කාන්තා ආශාවන් අඩ වශයෙන් උදාසීන වුවහොත් ඇයට හිමිවනුයේ දුර්වල කාන්තා ආශාවන් වන අතර ඇගේ ස්ත්‍රීත්වය සහ ලංගික ආශාවන් දුරවල වී අයට පිරිමින් පිළිබඳව වැඩි උනන්දුවක් ඇති නොවේ. නමුත් සමාජ පීඩනය නිසා ඇය විවාහ දිවියට පත්වීමට ඉඩ තිබේ. 

එවැනි කාන්තාවක් හා විවාහ වන පිරිමියෙකු එතරම් වාසනාවන්තයෙකු නොවන අතර ඔහුට තෘප්තිමත් අපිස් විවාහ ජීවිතයක් නොලැබෙනු ඇත. 

මෙවැනි කාන්තාවක ගේ ප්‍රතිවිරුද්ධ ආශාවන් එකිනෙක මුලුමනින්ම පාහේ උදාසීන වී ගියහොත් ඒ කාන්තාවට කාමයේ හැසිරීම හෝ විවාහය උවමනා නොවන මුත් බලකිරීම් උඩ අවාසනාවන්ත පිරිමියෙකු හා ඇය විවාහ වීමටද ඉඩ තිබේ. උපවිඥානයේ රැඳී තිබෙන පිරිමි ආශාවන් ඉස්මතු වුවහොත් ඇයට පිරිමි භූමිකාවක් රඟපෑමට අවශ්‍යවනු ඇත. ඇගේ කැමැත්ත අනෙකුත් කාන්තාවන් වෙත ඇදී යන අතර ඇය සමලිංගිකත්වය කරා යොමුවනු ඇත. 

කාන්තාවක් මිය ගොස් පිරිමියෙකු ලෙස උපත ලැබූ විට ද ඇතිවන්නේ මෙවැනිම දෙයකි. නව පිරිමි ජීවිතය එක්කෝ දුර්වල පිරිමි ආශාවන් සහිත වීම හෝ පිරිමි ආශාවන් රහිත වීම හෝ පෙර ආත්මයෙන් ගෙනෙ කාන්තා ආශාවන් ඉස්මතුවීම හෝ සිදුවී ඔහු සමලිංගිකතාවය කරා යොමුවෙනු ඇත. 

මේ අනුව පෙනී යන්නේ සමලිංගිකතාවය යනු ස්වභාවික මිනිස් ප්‍රවනතාවයක් මෙන්ම එය ඉතරලිංගිකතාවය (heterosexuality) තරම්ම ස්වාභාවික වුවක් බවයි. 

වරක් කුඩා පැල්පතක දුප්පත් ජීවිතයක් ගත කළ අවුරුදු විසි පහක පියකරු තරුණියක් සහ ඇගේ මව මා හමුවීමට ආවෝය. ඔවුන් ගේ ප්‍රශ්ණය වූයේ මේ තරුණිය සමලිංගික වූ අතර ඇය ඇගේ මව තමාගේ සහකාරිය ලෙස බලෙන් යොදාගැනීමයි. ඔවුන් පරීක්‍ෂා කළ මා සොයා ගත්තේ මේ කාන්තාව ඉහත ආත්මයේ දී ලංකාවේ ප්‍රධාන රෝහලක පිරිමි දොස්තරවරයෙක් වී සිට ඇති අතර ඇගේ මව ඔහුගේ නිවසේ මෙහෙකාරිය සහ අනියම් බිරිඳ වී සිට ඇති බවයි. කාන්තාවක් ලෙස නැවත ඉපිදී ඇත්තේ ලිංගික වෙනස්කමක් ලබා වුවත් ඇගේ මව එලෙස වෙනස් කමක් ලබා නැත. 

මට කොළඹ දී නිරූපිකාවක් ලෙස කටයුතු කළ තරුණ කාන්තාවක් හුවූ අතර ඇය විවාහ වී වසර දෙකක් ගත වී තිබුණි. මේ කාලයේදී මා සමලිංගිකතාවය යන සංසිද්ධිය සහ නැවත උප්පත්තියේදී ලිංග මාරුව පිලිබඳව පරීක්‍ෂණ පවත්වමින් සිටි අතර එනිසා ඇය තමන්ගේ වත්මන් ජීවිතයේ සහ පෙර ආත්මයේ පුද්ගලික තොරතුරු මට හෙලි කළාය. 

ඇය විවාහ වී වසර දෙකක් ගතවී තිබුණද, ඇය තම ස්වාමිපුරුෂයා සමග හෝ වෙනත් අයෙකු සමග කිසිදු ලිංගික සම්බන්ධයක් සිදු කර තිබුනේ නැත. ඇගේ පෙර ආත්මයේ ඇය පිරිමියෙකුව සිට ඇති අතර ඔහු සහ වයස දාහතේ සිට එකට සිටි ඔහුගේ පෙම්වතිය ලිංගික වශයෙන් ඉතා ක්‍රියාකාරීව සිට ඇත. ඇගේ වත්මන් ස්වාමිපුරුෂයා පසුගිය ආත්මයේ කාන්තාවකි. පසුගිය ආත්මයේ ඔවුන් ඉතා කිට්ටු මිතුරන් ව සිට ඇත. ඔහුද නැවත ඉපදීමේදී ලිංගිකව වෙනස් වී ඇති නිසා වත්මනෙහි ලිංගික අවශ්‍යතා නොමැත. නමුත් ඔවුන් දෙදෙනාගේ ඉහත ආත්මයේ තිබූ මිතුරුකම නිසා ඔවුන් විවාහ වී, ලිංගික සම්බන්ධයක් නොමැතිවද ඉතා සාමකාමීව , සමගියෙන් ජීවත්වෙති. 

දකුණේ පාසලක සිටි අවුරුදූ පහළොවක සිසුවියක් වෙනත් සිදසුවියක් සමග සමලිංගික සබඳතාවයක් ඇතිකර ගැනීමට උත්සාහ කළාය. මෙය දුටු ගුරුවරියක් සිසුවියට ඉතා තදින් තරවටු කළාය. මෙම තරවටුවෙන් සිසුවිය කෙතරම් බිය වූයේ ද යත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇය වහාම ගොළු බවට පත්වූවාය. ඇගේ ගොළුබව ගැන සන්ත්‍රස්ත වූ දෙමව්පියෝ මගෙන් උපදෙස් විමසූහ. 

මා සොයාගත් ආකාරයට ඇය පෙර ආත්මයේ දකුණු ඉන්දියාවේ ගොළු තරුණයෙක් ලෙස වාසය කර ඇති අතර වයස අවුරුදු දා හතේ දී මිය ගොස් ඇත. ඒ දකුණු ඉන්දියානු ආත්මයට පෙර ආත්මයේ ඇය උතුරු ඉන්දියාවේ බොධිගයාව අසල මාර්ගයේ පලතුරු විකුණූ අකුරු නොදන්නා පිරිමි ළමයෙකි. නැවත උපතේදී සිදුවූ ලිංග මාරුව ඇයට සමලිංගිකතා ප්‍රවණතාවය ගෙන දී ඇති අතර ගුරුවරියගේ තරවටුව ගැණ ඇතිවුණු දැඩිබිය ඇයව ආරක්‍ෂක පියවරක් ලෙස පෙර ආත්මයේ ගොළුබව කරා යොමු කර ඇත. මෝහනයෙන් නිදිගන්වා ඇගේ ගොළු බව නිවරද කරන ලදී. 

වයස අවුරුදු දහනවයක තරුණියක් ඇගේ සිරුර වෙනත් තරුණියක් ලඟින් සිටිනා විට ඉතා ප්‍රාණවත් වන බවත්, එහෙත් තරුණයින් කෙරේ ඇගේ කිසිදු සංවේදීතාවයක් නැති බවත් මට පැවසුවාය. ඇය නැවත ඉපදීමේදී ලිංග මාරුවක ලක් වූ අයෙකි. මෝහනයෙන් නිදි ගන්වා ඇයව ඉතරලිංගිකතාවයට පත් කරන ලද අතර ඉන් පසු ඇය පෙම්වතෙක් සොයා ගත්තාය. 

වයස විසි අටක පිරිමියෙකුට තරුණියන් කෙරෙහි කිසිදු සංවේදීතාවයක් නොතිබුණු අතර තරුණයින් කෙරෙහි ඉතා සංවේදීතාවයක් තිබුණි. ඔහුව මෝහනයෙන් නැවත ඉතරලිංගිකතාවයට පත් කරන්නට නොහැකිවිය. 

මේ කරුණු අනුව සමලිංගිකයින් අස්වාභාවික රොගීන් ලෙස නම් කර ඔවුන් ට නොයෙකුත් වෙනස්කම් කිරීම නොමිනිස් කමක් බව කිව හැක. 

- ග්‍රැන්විල් ධර්මවර්ධන

ඒ ගැහැණියක් ... නැහැ නැහැ පිරිමියෙක් (Its Woman No No Man)




ඒ ගැහැණියක් ... නැහැ නැහැ පිරිමියෙක් 
වෙන්න බැහැ අර අර ...
පිස්සුද නැහැ ඒ ගැහැණියක් ,,
ඔයා කොහෙද අනේ දන්නේ ආන් අර
ඔව් ඒ ඉන්නේ ගැහැණියක් ,,,
එතකොට අර .. ඒ ඉන්නෙත් ගැහැණියක් 
ඔව් මයි ගැහැණියක් තමයි ..
ඈ එතකොට අරයත් ගැහැණියක්...
මෙයත් ගැහැණියක් ඔව් ඔව් 
ඔව් ඔයා හරි දෙන්නම ගැහැණු .
ඈ නෑ ඒ දෙන්නම පිරිමි ...
හෑ.. ඔව්මයි නැහැ අනේ පිස්සුද...
පිස්සු නෙමේ අන්න අන්න දැක්කද 
හුටා ඔව්මයි...ඉදගෙන

පිරිමිකමට සමු දුන් නැට්ටුක්කාරී(male to female chines dancer)

ය නැට්ටුක්කාරියකි. නිකම්ම නැට්ටුක්කාරියක් නොවේ. මුළු චීනයම රසවත් කළ මුද්‍රා නාට්‍ය ශිල්පිනියකි. එහෙත් ඇය මුලින්ම පිරිමියකු බව කීවොත් කවුරුත් පුදුම වේවි.
ජින් ක්ෂින් නම් වූ 27 හැවිරිදි හමුදා කර්නල්වරයා යුද හමුදාවේ සිටියදී ද දක්ෂ නැටුම් ශිල්පියකු විය. ඔහුගේ දක්ෂ නැටුම්වලින් යුද හමුදාව පමණක් නොව මහජනතාව පවා ප්‍රසංගවලදී කුල්මත් වූහ.
ඔහුට ලිංග විපර්යාසයකින් කාන්තාවක වන්නට අවශ්‍ය වූයේ වයස අවුරුදු 27 දීය. ඒ අනුව ඇය චීනයේ රෝහලකට ඇතුළු වුණේ චීන හිරු අවුරුදු මංගල්‍යය කිට්ටුව දීය. හදිසියේම ඔහුගේ පියා රෝහල් කාමරයට ඇතුළු විය. ඔහු ද හමුදා නිලධාරියෙකි.
මේ මොකද, මොකක්ද ඔයාට වුණේ” කියා ඇසීය. ඒ ගැන ජින් ම පවසන්නේ මෙවැන්නකි. “තාත්තා මගේ ඇඳ වටා කැරකුණා. මං කෙළින්ම කිව්ව මට කිසි අසනීපයක් නැහැ. මං ආවෙ ලිංග විපර්යාස සැත්කමකටයි. හෙටයි සැත්කම කියල. තාත්තා නළලෙ අත තියාගත්තා.”
“මං දන්නව ඕක වෙයි කියල උඹ ඉතින් ගෑනි වගෙනෙ හිටියේ. උඹ වැරැදිලයි පිරිමියකු වෙලා ඉපදිලා තියෙන්නෙ.”
ල ිංග විපර්යාසයකට පත්වූ පසු ඇය ජින් ක්ෂින් චීනයේ ඉහළ පෙළේ මුද්‍රා නාට්‍ය ශිල්පිනියක් වූවාය.
“ඇය ලෝකයේ මං දැකල තියෙන හොඳම ඉහළ ගණයේ නිළියක්” ඇගේ රඟපෑම් දුටු බටහිර තානාපති නිලධාරියෙක් වරක් කීවේය.
එහෙත් තාමත් චීන ජාතිකයන් ඇය දෙස බලන්නේ චකිතයෙනි. මේ වන විට වයස අවුරුදු 43 ක් වන ඇය චීනයේ නිදහස් නැටුම් ශිල්පිනියකි.

ජින් ක්ෂින් හා ඇගේ සැමියා හා ඇගේ හදාගත් දරුවන් තිදෙනා සමග
ඇය තමන් වෘත්තිමය වශයෙන් පිළිගැනීමට ලක්කර ගැනීමට දිගු සටනක් ගෙන ගියාය. දැඩි කැපවීමකින් ගෙන ගිය ඒ සටන ඇගේ පෞද්ගලික සටනක් පමණක් නොවීය. එය චීන සමාජයේ දේශපාලන වශයෙන් බැඳී සිටින තත්ත්වයන් සමඟ ගෙන ගිය එකක් විය. එහෙත් චීනයේ කලාව හා සංස්කෘතිය උදෙසා ඇය ඒ සටන දිනුවේ බොහෝ බටහිර රටවල් බලාපොරොත්තු වූවාටත් වඩා සුබදායක ලෙසිනි.
අද ඇය සිය රටේ ප්‍රධාන පෙළේ නාට්‍ය ශිල්පිනියකි. විවාහකය. හදාගත් දරුවන් තිදෙනකුගේ මවකි. ඇය සිය කතාව මාධ්‍යයට පැවසුවේ බෙයිජිං නගරයේ තේපැන් සලක වාඩි වී ඉතා සැහැල්ලුවෙනි. සිය දිගු කෙස් වැටිය අතින් පස්සට දමමින් ඇය සිනාසෙමින් සිය කතාව කියද්දී ඇගේ හදාගත් දරුවෝ අසලට වී සෙල්ලම් කරමින් සිටියහ.
වයස අවුරුදු හතේදී ඔහුගේ වැඩිමල් සොයුරිය මෙන් ම නැටුම් පිළිබඳ චිත්‍රපටියක් නරඹමින් සිටි ඔහු සිය දෙමවුපියන්ගෙන් මුද්‍රා නාට්‍ය ඇඳුම් කට්ටලයක් ඉල්ලා සිටියේය. ක්‍රම ක්‍රමයෙන් තරුණ වියට පත් ඔහු මහජන විමුක්ති හමුදාවට බැඳුණේය. ඒ 1970 දශකයේ මහජන විමුක්ති හමුදාව රඟපෑමට ආශා කළ නාට්‍ය ශිල්පියෙකුට හොඳ තෝතැන්නක් වූ බැවිනි. එහෙත් හමුදා පුහුණුව ඔහුගේ හැකියාව හෝ ගමනාන්තය නොවීය.
හමුදා පුහුණුවේ දී සිය ඇඟිලිවලින් බෝම්බයක් ගිලිහී යද්දි ඉහළ හමුදා නිලධාරියකුගෙන් ඔහුට පහරකෑමට සිදුවිය. එහෙත් නිලධාරියාගේ පහර අභියෝගයට ලක් කරමින් ඔහු සිය රඟපෑම් දිගටම කරගෙන ගියේය. එහිදී නාට්‍ය ශිෂ්‍යත්වයක් දිනු ඔහුට පිටරට යාමට අවස්ථාව සැලසිණි. 1987 සිට 1991 දී ඔහු ජීවත්වූයේ නිව්යෝර්ක් නගරයේ ය. එහිදී ඇමෙරිකන් ගොපළු කොල්ලකු සමඟ සමීප මිත්‍ර සබඳතාවක් පැවැත්වීය. එහෙත් ටික කලකින් නිව්යෝර්ක් නගරයට ආයුබෝවන් කී ඔහු නැටුම් ශිල්පය තවදුරටත් හැදෑරීම පිණිස රෝමයට ගියේය. එහිදී නැටුම් ඉගෙන ගත්තා පමණක් නොව උගන්වන්නට ද පටන්ගත් ඔහු යළිත් චීනයට පැමිණියේය.
ඔහුට සිය ලිංගික විපර්යාසය පිළිබඳ අදහස ආවේ මේ අවස්ථාවේදීය.
කාන්තාවක වන්නට තීරණය කළ ඔහු අනතුරුව රූපලාවන්‍ය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරියක වන යැංග් පෙයියිංග් මුණ ගැසෙන්නට ගියේය.
මෙය චීනයේ ප්‍රථම ලිංග විපර්යාස සැත්කම විය හැකි බව සිතූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය යැංග් සිය සහායකයන් සමඟ ඊට අවශ්‍ය මනෝ චිකිත්සක පසුබිම සකස් කරන්නට පටන්ගත්තාය. කාන්තාවක වන්නට නම් සිරුරෙන් පමණක් නොව මනසින් ද එසේ විය යුතුය.
“මා ඇගේ පරීක්ෂණවලට කැමති වුණා. දැන් ඒ ශල්‍ය වෛද්‍යවරිය විශ්‍රාම අරගෙන. ඇය කීවේ මෙය ඓතිහාසික අවස්ථාවක් කියා.”
ජින් නිව්ස්වීක් සඟරාවට පැවසුවාය. මුලින් චීන බලධාරිහු ඇයගේ සැත්කමට ඉඩ දුන්න ද ඇය ප්‍රසිද්ධ වීමෙන් වැළැක්වූහ.
“විදේශීය නැටුම් ශිල්පීන් මා ගැන විමසු විට ඔවුන් කීයේ ඇය මෙහෙ නැහැ. දැන් අපට ඇය සොයාගන්නට බැහැ. සමහරවිට ඇය යුරෝපයේ ඇති” යනුවෙනුයි. කෙසේ වෙතත් නාට්‍ය ශිල්පිනියක වශයෙන් ඇය රජයේ පිළිගැනීම ලැබුවේ 2006 දීය.
“පසුගිය වසරේ සිට චීන රජය මා සංස්කෘතික නායිකාවක වශයෙන් පිළිගෙන රජයේ අරමුදල් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන ලෙස මට දැනුම් දුන්නා.” එහෙත් රජයේ අරමුදල් ලබාගැනීමට ඇය අකමැති වූවාය. ඒ එයින් ඇගේ කලා නිදහසට බාධාවක් වෙතැයි සිතාය. විශාල වශයෙන් පිළිගැනීමක් ඇති කලා කණ්ඩායම් ඇති රටක ඒවා තවමත් බොහෝ විට පාලනය වන්නේ රජය මඟිනි. ඇය කළේ සිය පෞද්ගලික ධනයෙන් පාලනය වන නැටුම් සමාගමක් ආරම්භ කිරීමය. “ජින් ක්ෂින් නැටුම් රංග ශාලාව“ යනුවෙන් ඇරැඹි ඇගේ රංග පාසල සඳහා ඇය සතුව තිබු ෂැංහයිහි මන්දිරය විකුණන්නට ද සිදුවිය. ඇය එමඟින් ස්වාධීන නැටුම් උත්සවයක් ද පැවැත්වුවාය.
“මං රජයට කියා හිටියා මං හිඟන්නියක් නොවන බව“ අනතුරුව ෂැංහයි සිට බෙයිජිං කරා ආ ඇය ඇගේ ප්‍රථම දරුවා හදාගන්නට ගත්තාය. දැනට දස හැවිරිදි වියේ පසුවන ඔහු ලියෝ ය. ලියෝ දැන් සිය මවට උදව් කරයි. ඊළඟට ඇය හදාගන්නට ගත් විවියන් හා ජුලියන් මේ වන විට පිළිවෙළින් 8 හා 7 හැවිරිදිය.
“දරුවන් ඉක්මනින්ම මා වටා රොක් වුණා. දශකයක් ඇතුළත අප පවුලක් වශයෙන් හැදුණා. මා තනිකඩ මවක් ලෙස ජීවිතයට මුහුණ දුන්නා.” ඇය කියන්නීය. එහෙත් ඇගේ තනිකඩ බව 2004 දී අවසන්කරන්නට සිදුවූයේ හදිසියේමය.
දිනක් ගුවන් ගමනකදී ඇය තමා ළඟට ඇවිත් සිටි ජර්මන් ව්‍යාපාරිකයකු වූ හාන්ස් ගර්ඩ් ඔයිඩ්ට්වාන් සමඟ කතාවට වැටුණාය.
දැන් ඔහු ඇගේ සැමියාය. මුලින් ඔහුට තමා පිළිබඳව යථාර්ථය හඳුන්වා දෙන්නට ඇයට උවමනා විය. ඔහු සමඟ ගත කරන්නට යොදාගත් මුල් දිනයේම ඇය ගියේ ඇගේ කුඩාම දරුවා සමඟය. ඔයිඩ්ට්වාන් මුලින්ම තරමක් තැති ගැනුණ ද ඇය සමඟ ටික වේලාවක් ගත කිරීමෙන් පසු ඇයට වඩාත් ළංවිය.
“මට ජින් ක්ෂින් ඕනැ යැයි ඇයට කියන්නට ඕනැ කළා” ඔහු නිව්ස්වීක් සඟරාවට ප්‍රකාශ කළේය.
දැන් ජින් හා ඇගේ නැටුම් සමාගම ක්‍රියාත්මක වෙයි. පසුගිය වසර අවසානයේ ඇය නිව්යෝර්ක් නගරය කරා ගියේ තමාගේ නැටුම් පුහුණුව පටන්ගත්තේ එතැනින් නිසාය.
එහෙත් ඇගේ ක්‍රියාකාරිත්වය මිත්‍ර කොමියුනිස්ට් රජය සමඟ තරමකට ගැටෙන්නට විය. චීන රජය කියා සිටියේ හමුදා කර්නල් වරයකුට ලිංග විපර්යාස සැත්කමක් කරගැනීමට තමන් ඉඩ දුන් බැවින් රජයේ මතයන්ට අවනත විය යුතු බවය. එහෙත් තමා රජයේ රූකඩයක් නොවන බව ඇය කියන්නීය.
එහෙත් ඇය දැන් නිදහස්. නැටුම් ශිල්පිනියක වශයෙන් චීන මුද්‍රා නාට්‍ය ලොව නව මාවතකට ගෙනයන්නට කැපවී සිටින්නීය. ඇය වටා ඇගේ දරුවන් මෙන්ම චීන දරු දැරියන් විශාල වශයෙන් රොක් වී සිටින්නේ ඇගෙන් නැටුම් ශිල්පය හදාරන්නටය. ඇගේ රූපවාහිනි වැඩසටහන් චීනයේ ජනපි‍්‍රයය. ඇය දැන් චීනයේ අංක එකේ නාට්‍ය ශිල්පිනියයි. අන්තර්ජාතික වශයෙන්ද ඇයට ඇති පිළිගැනීම අතිමහත්ය.
“මටම අවංක වෙන්නයි මට ඕනෑ. මං ලිංගික විපර්යාසයක් කළත් මගේ මනස වෙනස් වුණේ නැහැ. සිතුම් පැතුම් වෙනස් වුණේ නැහැ. මට කවදාහරි ඕනැ නිදහසේ කතා කරන්නයි” ඇය කියන්නීය.
නිව්ස්වීක් සඟරාවෙනි
දයා ඩී. ෆොන්සේකා

Copy Rights - Silumina