ක්‍රිස් යනු ඇමෙරිකානු රණශුර නේවි සීල් භටයෙකි . නේවි සීල් යන වචනය ලොව ප්‍රසිද්ධියට පත්වුයේ , දරුණුතම ත්‍රස්තවාදියෙකු වූ බිල් ලාඩන් තුරන් කිරීමට සම්මාදම් වූ ඇමෙරිකානු නාවික හමුදා ඛණ්ඩයක් වූ නිසාය . මුහුදේ ,ගුවනේ ,ගොඩබිමේ එකසේ දස්කම්පාන , සුවිශාල පිළිගැනීමක් මෙම හමුදා භටයින්ට ලැබී ඇත .

ඔහු දැක්වූ දස්කම් සදහා
ලෝකඩ තරුවක් (Bronze Star), දම්පැහ හදවතක් (Purple Heart) ඇතුළු සම්මාන
දිනාගත් අභීත රණවිරුවාගේ සිරුර තුල ගැහැනියක සැගවී සිටියාදැයි , කෙලෙස
සිතන්නද, ක්‍රිස් බෙක් නමින් සිටි නේවි සීල් භටයා , දැන් ක්‍රිස්ටීන් බෙක්
බව කියා සිටින්නීය . එදා ඇගලු පිරිමි ඇදුම් වෙනුවට කාන්තා ඇදුම් ඇද වරලස
දිගට වවා , දෙකම්පුල් රෝස පැහැයෙන් ප්‍රමුදිතව සිටින්නීය . ක්‍රිස් නේවි
සීල් මෙහෙයුම් සදහා දායක වෙද්දීත් , ලිංග විපර්යාසයට බදුන් වෙමින් සිටි බව
ප්‍රකාශ කලේ , රණශුර කුමාරිය නමින් ලියවූ තම චරිත කතාව ප්‍රකාශයට පත්
කිරීමෙනි . නේවි සීල් භාටයකුව සිට ලිංග විපර්යාස වෙද්දී , විදි අභ්‍යන්තර
ගැටුම් හා මුහුණ දුන් වේදනාවන් , සවිස්තරව රණශුර කුමාරිය කෘතිය සම කතුවරිය
වන ඇන් ස්පෙක්හර්ඩ් හට කියා ඇත .

මෙය උපුට ගෑනිමකි
මෙහි ගෞරවය මුල් රචකයාට හිමිවේ
nihinsa777.blogspot
0 comments:
Post a Comment