Sunday, October 26, 2014

අනවශ්‍ය රෝම ඉවත් කිරීම

අනවශ්‍ය රෝම රූ සපුවට බාධාවක් කර ගන්න එපා


අනවශ්‍ය රෝම රූ සපුවට බාධාවක් කර ගන්න එපා
මොකද අනේ ඔයාගේ කකුල් දෙකේ ඔයතරම්ම රෝම? කොටට ඇඳුමක් අඳින්නවත් බැහැනේ. ඕවා අයින් කරලා දාන්නකෝ ඔය ඕනෙ හැටියෙ බෙහෙත් වර්ග තියෙන්නේ... කාන්තා පිරිමි භේදයකින් තොරව සෑම අයකුගේම සිරුරෙහි රෝම කූප හට ගැනීම ස්වභාවික සිද්ධියකි. එහෙත් අනවශ්‍ය ලෙස රෝම වැඩුණොත්..... මෙවන් තත්ත්වයක් කාන්තාවකට මානසික වදයක් බවට පත්වේ. ඒ ඔබේ රූ සපුවට එය බාධාවක්වන නිසාවෙනි.

අත, පයේ පමණක් නොව මුහුණේ ද අනවශ්‍ය රෝම වැවීම සහ වැවෙන රෝමවල ඇති ඝණකම නිසාම ඇඟේ සුසිනිඳු බව පහව යයි.
ඇතැම් කාන්තාවන්ගේ අත්, පාවල අසීමාන්තික ලෙස රෝම හට ගනියි. ඇතැම් අයගේ මුහුණුවල ද අනවශ්‍ය රෝම වැඩී තිබෙනු ඔබ කොතෙකුත් දැක ඇති. මෙම තත්ත්වය විද්‍යාත්මකව හඳුන්වනුයේ හිර්සුට්සම් යනුවෙනි. මෙයට ප්‍රධාන හේතුව ලිංගික හෝමෝර්නවල වර්ධනයයි. ජන්ම ඉන්ද්‍රියයන්ගේ බලපෑම, මානසික ආබාධ හා ඖෂධවල අතුරුඵල ලෙස ද මෙවැනි තත්ත්වයන් ඇතිවීමට පුළුවන.
රේසරය භාවිතය
අනවශ්‍ය ලෙස වැඩෙනා රෝම ඉවත් කිරීමට විවිධ ක්‍රම අනුගමනය කරද්දී, බොහෝ දෙනා පහසුවත් සරලවත් භාවිත කළ හැකි පරිදි ඒ සඳහා උපයෝගී කරගන්නේ රේසරයයි. අනවශ්‍ය ලෙස වැවෙන රෝම ඉවත් කිරීමට රේසරය භාවිත කිරීම නුසුදුසු ක්‍රියාවකි.
රේසරය භාවිත කිරීමෙන් සිදුවන්නේ රෝම ගැලවීමක් නොව කැපීමකි. එබැවින් පැය 24 ක් ඇතුළත රෝම නැවත වැවීම ආරම්භ වේ. නිතර නිතර මෙලෙස රේසරය භාවිත කිරීම නිසා සම වියළි හා රළු බවට පත්වේ. ඇතැම්විට සම කැපී යාමට ද ඉඩ ඇත
රසායන ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන
කාන්තා සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන කිහිපයක්ම වෙළෙඳපොළේ ඇත.
මාධ්‍ය මඟින් ප්‍රචාරයවන වෙළෙඳ දැන්වීම් පසුපස හඹා යමින් එවන් නිෂ්පාදනයක් ඔබේ තේරීම වන්නේ නම් ඒ ගැන මඳකට සිතා බලන්න. මන්ද මෙවැනි ආලේපනවල කොතෙකුත් රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. රසායනිකයන් අඩංගු ආලේපන නිතර භාවිතයෙන් සමෙහි පිළිකා පවා ඇතිවිය හැකියි. තවද සම වියළී ඉරි තැලී ගොරෝසු වේ. ඇතැම් විට අසාත්මිකතා ද ඇතිවේ. රසායනිකයන් අඩංගු ආලේපන තුවාල වූ සමකට භාවිත කිරීමෙන් මිනිස් ජිවිතයට පවා බලපෑම් එල්ල විය හැකියි.
 ලේසර් ප්‍රතිකාර
තවද ඉලෙක්ට්‍රෝලිසිස් නම් විද්යුත් උපකරණය මඟින් රෝම කූපය පුළුස්සයි. ලේසර් ප්‍රතිකාර මඟින් ද රෝම ඉවත් කළ හැකියි. නමුදු මෙමඟින් ද සමෙහි වියළි බව, රළු බව ඇතිවේ. මෙවන් ක්‍රමවේද භාවිත කොට ලස්සනවීමට යෑමෙන් සිදුවනුයේ අවලස්සන වීමක් පමණි.
ත්‍රෙඩින් කිරීම
මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැවී ඇත්නම් නූලක් මඟින් ත්‍රෙඩින් කළ හැකියි.
අතුරු ආබාධ රහිත ආලේපනයක්
මුළු සිරුරෙහිම අනවශ්‍ය රෝම වැවී ඇති කාන්තාවන්ට එම තත්ත්වයෙන් මිදී තම කාන්තා ලාලිත්‍ය වර්ධනය කළ හැකි අතුරු ආබාධ රහිත ආලේපනයක් මෙලෙස සකස්කර ගනිමු.
මේ සඳහා සීනි ග්‍රෑම් 500 ක්, දෙහි ග්‍රෑම් 100 ක යුෂ, ග්ලිසරින් තේ හැඳි 2 ක් අවශ්‍ය වේ. පළමුව සීනි ළිප තබා නූල් ඇදෙන පදමට පත්පැණි කරගත යුතුයි. එයට ග්ලිසරින් තේ හැඳි දෙකක ප්‍රමාණය ද එකතු කරගන්න. පසුව ළිපෙන් බා එය පිරිසුදු වීදුරු භාජනයකට දැමිය යුතුයි.
අනවශ්‍ය රෝම ඉවත් කිරීමට අවශ්‍ය වනවිට එම භාජනය රත්කරන ලද උණුවතුර භාජනයක් මත තැබිය යුතුයි. එවිට එය දියර ස්වභාවයට පත්වේ.
ඊට පසු පිරිසුදු අමු සුදුරෙදි අඟල් 12 ක් දිගට හා අඟල් 2 ක් පමණ පළළට කපාගත යුතුය. පසුව අමු රෙදි මත හැන්දකින් දිය වූ සීනි ආලේප කොට එය අනවශ්‍ය රෝම ගැලවීමට අවශ්‍ය තැන අලවා රෝම වැවෙන දිශාවට විරුද්ධ දිශාවට ඇදිය යුතුයි.
සාමාන්‍ය පරිදි රෝම තිබෙන කාන්තාවන් රෝම ඉවත් කිරීම නම් එතරම් සුදුසු නොවේ.
රෝම කූප සිදුරු වෙතින් සීබම් නමැති තෙල් හා ඉටි මිශි‍්‍රත ද්‍රව්‍යයක් පිටවී සමට අවශ්‍ය තෙතමනය ලබාදේ. සාමාන්‍ය පරිදි රෝම කූප තිබෙන කාන්තාවන් පවා රෝම කූප සිදුරු නිතර නිතර ඉවත් කිරීමට යෑමෙන් සීබම් නිෂ්පාදනය අඩු වී සම වියළි වී සම ගොරෝසු වේ. එසේ වීමෙන් සිදුවන්නේ අවලස්සන වීමකි.





උපදෙස් - ආචාර්ය වෛද්‍ය භූෂන් මහේෂ් අතුරලිය ගෙනි
ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
මෙය උපුටා ගෑනිමකි 

0 comments:

Post a Comment