ලෝකයේ තාක්ෂනය දියුණු වීමත් සමග
නොයෙක් තරග බිහිවේ , එහෙත් මෙම තරගයේ වෙනස , පවතින තරගයකට වෙනස්
මුහුණුවරක් ලැබීමය . රුපරාජිනියන් තරගයට පිරිමි තරගකරුවන් ඉදිරිපත්වීම මෙහි
විශේෂත්වයයි . වයිද්ය විද්‍යාවේ මෑතකදී සිදුකරනු ලබන ලිංග විපර්යාසය නිසා
පිරිමි ගැහැණු බවට පත්වීම මේ වන විට සාමාන්‍ය ක්‍රියාවකි . මේ සදහා නීතිමය
බාධාවන් නොමැත . ගැහැණු තරමටම ස්ත්‍රී ලාලිත්‍ය මතුකරලීම නිසා , වෙනසක්
දකින්නන්ට නොපෙනේ . එම නිසා , රුප සුන්දරී තරග සදහා ඉදිරිපත් වීමට මෙම
ගැහැණු බවට පත්වූ පිරිමිද ආශාවක් දක්වයි .
එහෙත්
සින්ගපුරුවාසීන් එකිනෙකට වෙනස් මත දරයි . ඔවුන්ගේ මතයට අනුව කෘතීම ලිංග
විපර්යාසය නිසා , තරගය අර්ථවත් වී ඇති බව පවසයි . තවත් සමහරක්ගේ මතය වුයේ ,
මෙම අය ඉදිරිපත්වීම තුලින් තරගයට කිසිසේත් නොගැලපෙන අත්දැකීමක් එක්වන බවයි
. එහෙත්
මින් ඉදියට ජයග්‍රහණය කරන්නේ පිරිමියෙක් නම් , එය අපට නැවැත්විය නොහැක .
ලිංග විපර්යාසය ලෝකය පිළිගෙන ඇති නිසා , ජයග්‍රාහිකව අපටද පිළිගන්නට සිදු
වේ . ප්‍රේක්ෂකයෝ මෙයට අකමැති නම් ,මෙම තරග නීති වෙනස් කල යුතුය .
එහෙත් අන්තර්ජාතික වශයෙන් බලවත් විරෝධතා මතුව ඇත්තේ , පසුගිය මාසයේ
කැනේඩියානු ජාතික තරුණයකු එහි පැවැත්වූ රු රැජින තරගයකට නොසුදුස්සකු
කිරීමත් සමගය . 23 හැවිරිදි ජිනා වලක්කෝවා , විසින් සංවිධායකයන්ට විරුද්ධව
නඩු මගට බසින්නට සුදානම් වීමත් සමග , නැවත ඉදිරිපත් වීමේ අවස්ථාව
සංවිධායකයෝ ඔහුට ලබාදුනි . කෙසේ නමුත් මෙම සිද්ධිය හරහා ලෝකයටම කතා කිරීමට
දැන් නව මාතෘකාවක් ලැබී ඇත .