This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, January 9, 2014

ලිංග විපර්යාසයකට පසුව විශ්ව රූ රැජිණ තරගයට - ජෙනා ටැලකෝවා(Jenna Talackova )

විශ්ව රූ රැජිණ තරගයට තරග කරන්නේ කාන්තාවන්ය’නමුත් පිරිමියෙකුව උපත ලබා පසුකාලීනව ලිංග විපර්යාසයකට බඳුන්වූ අයෙකු බව හෙළිවීම නිසා ජෙනා ටැලකෝවා නම් තැනැත්තියකට පසුගියදා කැනඩාවේ විශ්ව රූ රැුජිණ තරගයේ සාමාජිකත්වය අහිමි කර තිබුණා’ 

23 හැවිරිදි ජෙනා වයස 19 දී සැත්කමකින් පසු පූර්ණ ලිංග විපර්යාසයකට බඳුන්ව සිටින බවත් කාන්තාවක සතු සියලූම ලක්ෂණ ඇය තුළ අන්තර්ගත බවත් පෙන්වාදුන් කැනඩාවේ ස්ත‍්‍රී හා සමලිංගික සංවිධාන ඇයගේ සාමාජිකත්වය යළි ලබා දෙන්නැයි ඉල්ලීම් කළා’ විශ්ව රූ රැුජිණ තරගයේ නීතිරීති අනුව එහි තරගකාරියක වීමට නම් උපතින් කාන්තාවක විය යුතුය’ 


නමුත් මේ අලූත් අසාමාන්‍ය තත්වය නිසා සිය නීතිරීති පිළිබඳ යළි සලකා බැලිය යුතු යයි එම සංවිධායක කමිටු ප‍්‍රධානී ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබූ අතර මාධ්‍ය ඔස්සේ කැනඩාවේ ස්ත‍්‍රී හා සමලිංගික සංවිධාන දිගින් දිගටම බලපෑම් කරද්දී අවසානයේ දින කිහිපයකට පසු ඔවුන් ප‍්‍රකාශ කළේ සිය නීතිරීති වෙනස් කරන්නට කටයුතු කරන බවත් ජෙනා ටැලකෝවා යළි තරගයට ඇතුළත් කරගත් බවත්ය’ 
ඒ අනුව ප‍්‍රථම වරට උපතින් පිරිමියකුව සිටි අයෙකු කැනඩාවේ විශ්ව රූ රැුජිණ තරගකාරියක බවට පත්ව තිබෙනවා’ 
ජෙනා ටැලකෝවා උපතින් පිරිමියෙකු බව ප‍්‍රසිද්ධ වූයේ මේ තරගය ඇරඹුවාට පසුය. 

එයට පෙර ඇය විවිධ මාධ්‍ය ඔස්සේ මෝස්තර නිරූපිකාවක ලෙස කැනඩාවේ ප‍්‍රසිද්ධ නමක් දිනා සිටි බවත් ඇය පිරිමියකුව සිටියායයි කීම බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට අපහසු බොහෝ අය මවිතයට පත්කල කාරණයක් බවද පැවසුණා. 

ඇගේ තරගකාරීත්වය තහවුරු කිරීම ලිංග විපර්යාසයන්ට බඳුන්වූ ලෝකයේ දහස් ගණන් ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීමක් බවත් එය විශ්ව රූ රැුජිණ තරගයට සමාන අනෙක් ජාත්‍යන්තර තරග වන මිස් වර්ල්ඞ් ඔලිම්පික් ආදී තරග වලටද ආදර්ශයක් බවත් කැනේඩියානු මාධ්‍ය ප‍්‍රකාශ කර තිබුණා

කෙසේ නමුත් ඇය නැවත තරගයට එක්වීමෙන් අවසන් 12 දෙනා අතරට පැමිණීමට සමත් වුනා.

ජායාරූප පහතින් බලන්න






 

ලිංගික විපර්යාසයකින් පසුව ගැහැනියක් බවට - චමිලා අසංකා Chamila Asanka Sex Change

පිරිමියෙකු ලෙස ඉපදී පසුව ලිංගික වෙනස් වීමකට ලක් වීමෙන් ගැහැනියක් ලෙසට...

පිරිමි දරුවෙකු ලෙස උපත ලබා පසුව ලිංගික වපර්යාසයකින් ගැහැණුන් බවට පත්වූ අය ගැන පුවත් මේ කාලයේ දුලබ නොවේ.


සාමාන්‍යයෙන් වර්ෂයකදී ශ‍්‍රී ලංකාවේ ලිංගික විපර්යාස සහිත දරු උපත් 500ක් පමණ සිදුවෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා මීට පෙර මාධ්‍යට අනාවරණය කර තිබිණි.
එසේ ලිංගික විපර්යාසයකින් පසුව මෝස්තර නිරූපන ක්ෂේත‍්‍රයට එක්වූ නිරූපිකාවක් ලෙස චමිලා අසංකාට ප‍්‍රධාන තැනක් හිමිවේ.

ඇය ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට ද එක්වීමට සමත්වූ නිරූපිකාවකි.
කෙසේවවුද මෙලෙස ලිංගික වෙනස් වීම හේතුවෙන් කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වූ තරගකාරියක් තරගයෙන් ඉවත්කිරීමට එහි සංවිධායන් පසුගිය මාර්තු මාසයේ දී පියවර ගෙන තිබුණි.

අවසාන තරගකාරියන් කිහිපය අතරට එක්වූ  ජෙනා ටැලකෝවා පිරිමියෙකු ලෙස ඉපදී පසුව ලිංගික වෙනස් වීමකට ලක්වූ අයෙකි.
කෙසේ වෙතත්, ටැලකෝවා විසින් මීට එරෙහිව මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුනු අතර, පසුව ඇයට කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී තිබුණි.

මෙලෙස යළි තරගයට එක්වුනු ජෙනා මෙම තරගයේ අවසන් 12 දෙනා අතරට පැමිණීමට සමත්විය.කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වූ ලිංගික වෙනස්කමකට බඳුන් වූ ප‍්‍රථම තරගකාරිය ඇය එරට ඉතිහාසයට එක්විය.

එසේම ජාත්‍යන්තර නිරූපන ක්ෂේත‍්‍රය තුළ එසේ ලිංගික  විපර්යාසයන්ට බඳුන්ව මෝස්තර නිරූපන ශිල්පීන් ලෙස නමක් දිනූ අය අතර චමිලාට 7 වැනි ස්ථානය හිමිව තිබීමද විශේෂිතය.

චමිලා අසංකා ගේ මුල් ගම් පළාත රත්නපුරේ බවත් පාසල් කාලයේදී ඔහු චමිල අසංක ලෙස හැදින්වූ බවත් පසුව විදේශයකට ගොස් මෙසේ පරිවර්තනයකට ලක්ව පැමිණි බවත් අප වෙත වාර්තා වනවා. චමිලාගේ ජායාරූප පහතින් බලන්න