කායික හැඩය හා අනන්යතාව
ස්ත්රී, පුරුෂ දෙපක්ෂයම ඇඳුම් පැළඳුම් මගින් සිය ලිංගික අනන්යතාව වෙනස් කර ගැනීම බාහිරව සිදු වූ වෙනසකි. එහිදී අභ්යන්තර ලිංගික ඉන්ද්රියයන් වෙනස් නොවේ. එනිසා ලිංගික චර්යාවේදී විරුද්ධ ලිංගික අවයව භාවිත කළ නොහැක. මීට වෙනස්ව සිදුවන ලිංගික මාරුව නම් ලිංගික හුවමාරුවයි. මෙහිදී ස්ත්රී පුරුෂ දෙපක්ෂයේම කායික හැඩය නිවැරැදිව මුළුමනින්ම ප්රතිවිරුද්ධ තත්ත්වයට ශල්යකර්ම මගින් පත්කරනු ලැබේ. මේ හේතුව නිසා ඇතිවන ලිංගික අනන්යතාවේ වෙනස්කම යළි සකස් කළ නොහැක. එනම් ස්ථිරවම ලිංගික හුවමාරුව සිදුවනුයේ මෙයිනි. මෙහිදී සිදවනුයේ හෝමෝන ප්රතිකාර යෙදීමෙන් අනතුරුව නිශ්චිත කාලසීමාවක් තුළ ලිංගික හුවමාරුව බලාපොරොත්තු වන ස්ත්රී, පුරුෂ ශරීර වෙනස් කිරීමයි. මෙම වෙනස සිදුකරනුයේ ඔවුන්ගේ විරුද්ධ ලිංගික ලක්ෂණ ඇතිවන පරිදිය. ස්ත්රියකගේ සිරුර පුරුෂ සිරුරක් බවටත්, පුරුෂයකුගේ සිරුර ස්ත්රී සිරුරක් බවටත් අනුක්රමයෙන් කායික වර්ධනය කොට පරිවර්තනය කිරීම මෙමගින් සිදුවේ.
හෝමෝන ප්රතිකාරයේදී පුරුෂයකුට ස්ත්රී හෝමෝන වන පොජෙස්ටරෝන් නිසි මාත්රාව එන්නත් කරනු ලැබේ. නිශ්චිත කාලසීමාවක් තුළ මේ හෝමෝන ප්රතිකාරය සිදුකර ගෙන යැමේදී ඔවුන්ගේ සිරුරේ ඇති පුරුෂ ද්විතීයික ලිංගික ලක්ෂණ ඉවත්ව යැමට පටන් ගනී. කටහඬ තුනී වේ. සිරුරේ නම්යශීලී බව ඇති වේ. නිතඹ දෙකලවා වැඩී මහත්ව වර්ධනය වේ. පියයුරු ඉදිරියට නෙරා විශාලව වර්ධනය වේ. පුරුෂ ලිංගේන්ද්රිය කුඩාව හැකිලී අතුරුදන්ව යයි. මේ කාලය තුළ ඇඳුම් පැළඳුම්, දිගු හිසකේ, දෙතොල්, දෙනෙත්, මුහුණ විලාසිතාවලින් ස්ත්රියකගේ ස්වරූපයට පත් කරවනු ලැබේ. සමාජය තුළ පුරුෂ බව වෙනුවට ස්ත්රියකගේ හැසිරීමට සිතීමට පොළඹවා උගන්වනු ලැබේ. වසර දෙක තුනක් ස්ත්රියකගේ ලිංගික අනන්යතාවය සහිතව සමාජයේ ප්රසිද්ධියේ හැසිරී එසේම කායිකව අවශ්‍ය ස්ත්රී ලක්ෂණ වර්ධනය වී අවසාන වූ පසුව, ශල්‍යකර්මයක් සිදුකර ඇගේ පුරුෂලිංගය හා පුරුෂ ප්රජනන පද්ධතිය සම්පූර්ණයෙන්ම සිරුරෙන් ඉවත් කර, ඒ වෙනුවට කෘතිම යෝනියක් (artificial vagina) සිරුර තුළ ඇති කරනු ලැබේ. එසේම ස්ත්රී ප්රජනන පද්ධතියට අවශ්‍ය සෑම ඉන්ද්‍රියක්ම සකසනු ලැබේ. ඒ කෘත්රිම යෝනිය ස්වාභාවික ස්ත්රී ලිංගික ඉන්ද්රිය සේම මැනවින් ක්රියාත්මක වන පරිදි සකස් කළ හැක. පිරිමියකුගේ සිරුර ස්ත්රී සිරුරක් බවට සාර්ථකව පරිවර්තනය කළ හැක. නමුදු මේ සාර්ථකත්වය ස්ත්රී සිරුර පිරිමි සිරුරක් කිරීමේදී නම් නැත.
මෙසේ සම්පූර්ණයෙන්ම ස්ත්රියක බවට පත්කරන ලද ලිංගික හුවමාරු කිරීමේ අවසන් සැත්කමට මුහුණපෑ අයව කිසිසේත්ම වෙනත් කිසිවකුට සොයා ගත නොහැක. එසේ ශල්යකර්මයකින් ස්ත්‍රියක් බවට පත්කළ අයකු යෑයි සිතා ගැනීමටවත් නොහැකි පරිදි සාර්ථක සේ ලිංගික ජීවිතයට මුහුණ දිය හැක. වසර දෙකක් හෝ තුනක් අවසානයේ පරිපූර්ණ ස්ත්‍රියක් බවට පත්වීමට මෙබඳු අයට හැකියාව තිබේ. එසේම ලිංගික චර්යාව මගින් ස්ත්රියක සේ තෘප්තියට පත්වීමට ද මේ අයට හැක. මෙබඳු අය හා ලිංගික චර්යාවට යොමුවන සෙසු පිරිමියෙකුට ද කිසිදු වෙනසක් නැතිව තෘප්තියට පත්කරවීමට මේ අයට හැක. මෙබඳු අය මින් මනෝකායිකව විශාල තෘප්තියක් ලබති. මන්ද පුරුෂ සිරුරක් දරා සිටීමේදී ඔවුන් සිතනුයේ තමාට ලැබී ඇත්තේ වැරැදි සිරුරක් බවයි. එය නිවැරැදි කර ගැනීමට ඉඩකඩ ලැබීමද ඔවුන්ට විශාල මනෝකායික සතුටකි. සාමාන්‍ය ස්ත්රියක පුරුෂයකුගෙන් ලබන සතුටට වඩා සතුටක් මොවුන් පුරුෂයන් හා කායික එක්වීමෙන් ලබන අතර, මෙබඳු අයෙකු හා කායිකව එක්වීමෙන් සාමාන්‍ය ස්ත්රියකගෙන් ලැබිය හැකි සතුටට වඩා විශාල සතුටක් පුරුෂයා ලබයි.
ස්ත්රියක පුරුෂ බව ලැබීමේදී එන්නත් කරනුයේ පුරුෂ හෝමෝන වූ ටෙස්ටෙස්ටරෝන්ය. වසර දෙකක්, තුනක් පමණ කාලයක් පුරා නොකඩවාම මේ හෝමෝන එන්නත් කිරීම සිදු කෙරේ. මෙසේ සිදු කිරීමේදී ඔවුන්ගේ සිරුරුවල ඇති ස්ත්රිද්විතීයික ලිංගික ලක්ෂණ අනු ක්රමයෙන් වියෑකී යයි. පියයුරු ක්රමයෙන් වැහරී කුඩා වී යයි. පසුව අතුරුදන් වේ. ඇගේ සිරුරේ සියුමැලි ස්ත්රී ලක්ෂණ වෙනුවට සිරුර ශක්ති සම්පන්නව සකස් වේ. මාංශපේශී විශාල වී සවිමත් වේ. ගෙලේ, මුහුණේ, පපුවේ, අත, පයවල මාංශ පේෂි ශක්තිමත්ව මස්ගොබ සේ නෙරා එන්නේ හැඩි දැඩි පුරුෂ ලක්ෂණ මතු කරමිනි. මුහුණේ හැඩය, හකුපාඩා පුළුල්වීම, ඇහිබැම ඝනවීම, දෙතොල් සවිමත්වීම ආදී පුරුෂ ලක්ෂණ වැඩේ කටහඩ පිරිමියකු සේ රළුව ගොරහැඩි වේ. අතපයවල අල්ල, යටිපතුල් ආදියේ සම ගොරෝසු වේ. හැසිරීම් රටාව පිරිමින් සේ ආක්රමණශීලී වේ. කොණ්ඩය පිරිමියකු මෙන් කෙටි කර කැපේ. ඇඳුම් පැළඳුම්, චර්යා සියලු දේ පිරිමියකුට ඔබින සේ වෙනස් කර සැකසේ. පසුව වසර කීපයක් ප්‍රසිද්ධ සමාජය තුළ පිරිමියකු සේ හැසිරීමට යොමු කෙරේ. මෙහිදී සම්පූර්ණයෙන් පුරුෂ අනන්යතා ලක්ෂණ උකහා ගැනීමට මනෝකායික පසුබිම සකස් කෙරේ. මනෝකායික ස්වරූපය වෙනස්ව පුරුෂයකු බවට පත්වේ.
සමාජ ජීවිතය හා සාර්ථකත්වය
අනතුරුව කායික හැඩය පුරුෂයකු බවට පත්කිරීමේ ශල්යකර්මය සඳහා සූදානම් කෙරේ. මෙහිදී සැත්කමින් ඇගේ යෝනිය හා ස්ත්රී ප්රජනන පද්ධතිය ඉවත් කෙරේ. එතැනම කෘතිම ශිෂ්ණයක් (artificial penis) නිර්මාණය කෙරේ. ඊට අදාළ පුරුෂ ලිංගික ප්රජනන පද්ධතියේ ඉන්ද්රියයන් නිර්මාණය වේ. නමුදු ලිංගික ආවේග ඇති වූ විට ස්වාභාවික පුරුෂලිංගය කර්මණ්ය වේ. ස්වාභාවික පුරුෂලිංගයේ පවතින මෙකී කර්මණ්ය වීම කෘතිම පුරුෂ ලිංගයකට ලබාදිය නොහැක. කෘතීමව පුරුෂ බව ඇති කිරීම සාර්ථක නොවනුයේ මේ නිසාය. මේ හේතුව නිසා ස්ත්රියක ශල්‍යකර්මයක් මගින් පිරිමියෙකු කළ ද ඔහුට සාර්ථක ලිංගික ජීවිතයක් උරුම නොවන බව මින් පැහැදිලිය. මේ නිසා ලිංගික හුවමාරුව යටතේ පිරිමි බව ලබාගත් නමුදු මෙබඳු පිරිමියකුට සාර්ථකව විවාහ ජීවිතයක් ගත කළ නොහැක. එබැවින් මෙසේ පුරුෂයකු වූ තැනැත්තා ඉතා බරපතල ඉච්ඡාභංගයකට මුහුණපාන බව නොරහසකි. මීට සාපේක්ෂව ලිංගික හුවමාරු ශල්‍යකර්මයක් මගින් ස්ත්රියක වන පුරුෂයකුගේ එකී සැත්කම මුළුමනින්ම සාර්ථකය. මන්ද එහිදී ඇති කරන කෘතිම යෝනිය කිසිසේත් ස්වාභාවික ස්ත්රී ලිංගේන්ද්රියකට දෙවැනි නොවන බැවිනි. ලිංගික හුවමාරු සැත්කම්වලදී පුරුෂයකු ස්ත්රියක කිරීම තරම් පහසුවෙන් ස්ත්රියක පුරුෂයකු බවට පත්කරවීම අපහසු යෑයි පැවසෙනුයේ මේ නිසාය. ලිංගික සැත්කම සිදුකළාට පසුව යළිදු වරක් එම සැත්කම ආපසු හැරවිය නොහැක. එබැවින් මේ සැත්කම සිදුකිරීමට පෙර අදාළ පුද්ගලයාගේ සමාජ ජීවිතයට අදාළ සියලු දේ නිසි පරිදි සිදුවන්නේදැයි සොයා බලනු ලැබේ. ශල්යකර්ම කරනුයේ මේ සොයාබැලීමෙන් සනාථ වූ පසුව පමණි.
මේ ශල්යකර්ම සිදුකිරීමෙන් පසුව කළ සොයාබැලීම්වලදී හෙළිවූයේ සැත්කම නිසා පුරුෂ බව ලැබූ ස්ත්රීන් වැඩි පිරිසක් මානසික ආතතියට පත්ව පීඩා විඳින බවයි. ඔවුන්ට ජීවිතයේ සතුට සැනසීම ලැබීම අපහසු වී තිබිණ. එසේම මෙම සැත්කමට බඳුන්ව ස්ත්රී බව ලැබූ පිරිමි අයගේ ජීවිතය වඩා තෘප්තිමත් වූ බව සොයා ගැනිණි. කෙසේ වුවද ස්ත්රීබව, පුරුෂබව යනු දුකේම තවත් ආකාරයක් පමණි. මේ නිසා ලිංගික ආවේග කුමක් වුවද ඵලදායී නොවේ. මානසික තෘප්තිය ලැබිය හැකි වනුයේ සිත හික්මවා ගැනීමෙන් විනා හැකිතාක් ඉන්ද්රිය පිනවන විධික්රම ඇතුළු කිරීමෙන් නොවේ. බටහිර රටවල මෙබඳු දේ ප්රචලිතව ඇත්තේ මොවුන් ශරීර පිනායැම එකම පරමාර්ථය කර ගැනීම නිසාය. නමුදු අවාසනාවකට මෙන් වත්මන තුළ මෙරට ද සැලකිය යුතු ප්‍රමාණයක් බටහිරකරණය වී තිබේ. මේ නිසා අද විවෘත සමාජයේදී පවා බහුලව සමාජයේ වැඩි අවධානයට ලක්වනුයේ දුක අඩු කිරීමේ ක්රමවේද නොව දුක වැඩි කිරීමේ උපාය මාර්ග වීම ද අවාසනාවකි. ස්ත්රී පුරුෂ වේවා කුමන ආත්මභාවය ලබා උපත ලැබුව ද ඉපදීම නම් දුකකි. ඇතැම් විට ස්ත්රී බව ඇති දුකට වඩා පුරුෂ බවේ දුක අඩු විය හැක. නමුදු පොදුවේ ගත් විට කුමන හැඩයකින් උපත ලැබුවද දුක සැම දෙනාටම උරුමය. එය අඩු කළ හැක්කේ ඉන්ද්රිය පිණනය පිණිස වෙර වෑයම් කිරීමෙන් නොවේ. උරුම කරගෙන ඇති මේ කය මොහොතින් විනාශ වී යන බව මනාව වටහා ගැනීමෙනි.
උපුටා ගෑනිම
දර්ශනපති
|
සුජිත්නිශාන්ත හේවගේ
|